
(මනෝප්රිය ගුණසේකර)
අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර අයියා-නගෝ බාරදිය හැකි ඥාතීන් කවුරුන්ද? යන්න සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කිරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය කොළඹ පරිවාස නිලධාරිනියට නියම කළාය.
අයිස් මත්ද්රව්ය ලඟ තබාගත් බව පවසමින් පරිවාස බාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවු බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණූ සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරිය එලෙස නියම කළාය
නඩුව කැඳවු අවස්ථාවේදී අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇතැයි කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස බාරයට පත් කර සිටි වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවු බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ළමුන් දෙදෙනා පාසල් නොයන බවට පොලිසියට ලැබුණු පැමිණීල්ලකට අනුව මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් විසින් කරන ලද විමර්ශනයක් අතරතුර වයස අවුරුදු 14 සහ 12 වැනි වියේ පසුවු බාලවයස්කාර අයියා-නගෝ දෙදෙනා පරීක්ෂා කිරීමකදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 220ක් සොයා ගැනීමත් සමඟ මෙම බාලවයස්තාර ළමුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන තිබිණී.
ඉන් අනතුරුව ළමුන් දෙදෙනා අධිකරණ වෛද්ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අයියා-නගෝ දෙදෙනාම අයිස් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇති බවට වාර්තා කර තිබිණී.
ඒ බව අධිකරණයට වාර්තා කරමින් ළමුන් දෙදෙනා පරිවාස බාරයට පත් කර තිබිණී.නඩුව කැඳවු අවස්ථාවේදී දරුවන්ගේ මව සහ ලඟම ඥාතීන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
කොළඹ පරිවාස නිලධාරීනි කත්ෂිලා මෙත්තානන්ද මහත්මිය ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට වසර 05කට පමණ පෙරදී ඉතා හොඳ පවුල් පරිසරයක් තුළ මෙම ළමුන් හැදී වැඩී ඇති බවත් දරුවන්ගේ පියා පිළිගත් හොඳ රැකියාවක් කළ අයෙකු බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
එසේ තිබියදී ළමුන්ගේ වැඩිමහල් අක්කා වයස අවුරුදු 16දි මත්ද්රව්ය වලට ඇබ්බැහි වු තරුණයකු සමඟ පළාගොස් ඇති බවත් පසුව දියණීයද මත්ද්රව්ය වලට ඇබ්බැහි වී ඇති බවත් ඉන් සිත් තැවුලට පත් පියාද මත්ද්රව්යවලට පෙළඹී ඇති බවත් දැනුම් දුන් පරිවාස නිලධාරීනි කත්ෂිලා මෙත්තානන්ද මහත්මිය ඒ අතර කාලයේ මත්ද්රව්ය වරදකට පියා බන්ධනාගර ගතවී ඇති බවත් ඒ අතර කාලයේදී ගෙදරින් පැනගොස් සිටි වැඩිමහල් දියණීය මත්ද්රව්යවලට ඇබ්බැහි වු සිය සැමියාද සමඟ යළි නිවසට පැමිණ එහි පදිංචී වී ඇති බවත් දැනුම් දුන්නාය.
මත්ද්රව්ය සිද්ධියෙන් බන්ධනාගර ගතවී සිටි පියා නිදහස ලබා නිවසට පැමිණී පසු ඔහු මත්ද්රව්ය වලට ඇබ්බැහි වී සිටි සිය වැඩිමහල් දියණීය සහ සැමියා නිවසින් එළවා දමා ඇති බවත් අධිකරණයට වාර්තා කළ පරිවාස නිලධාරීනි කත්ෂිලා මෙත්තානන්ද මහත්මිය මින් කෝපයට පත්ව සිටි සැකකාර බාලවයස්කාර දරුවන්ගේ අක්කා බාලවයස්කාර දරුවන් මත්ද්රව්ය වලට හුරුකරු ඇතැයිද දැනුම් දුන්නාය.
බාලවයස්කාර දරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මහතා කරුණු දක්වමින් දරුවන්ගේ ලඟම ඥාතීන් අධිකරණයේ පෙනී සිටින හෙයින් දරුවන්ගේ බාරකාරත්වය ඔවුන්ට පවරන්නැයි ඉල්ලා සිටියේයග
ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු මහෙස්ත්රාත්වරිය දරු දෙදෙනාගේ බාරය සහ රැකවරණය වෙනුවෙන් බත්තරමුල්ල ළමා මහෙස්ත්රාත් උසාවියේ නඩුවක් පැවරීමට මාදම්පිටිය පොලිසියට නියම කළාය.
දරු දෙදෙනා බාරදිය හැකි ඥාතීන් කවුරුන්ද? යන්න සොයා බලා බත්තරමුල්ල ළමා මහෙස්ත්රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පරිවාස නිලධාරිනියටද නියමිත දිනයේදී දරු දෙදෙනා ළමා මහෙස්ත්රාත් උසාවියට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාටද නියම කළ මහෙස්ත්රාත්වරිය එතෙක් දරු දෙදෙනා පරිවාස බාරයට පත් කළායග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd