
ලොව කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ සම්මානනීය, ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී, ශ්‍රීමත් පැට්රික් ස්ටුවර්ට් සිය දිවි ගමන අවසන් කළේය. මියයන ඔහුගේ වයස අවුරුදු 86 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සිය නිවසේදී පැට්රික් ස්ටුවර්ට් අවසන් සුසුම් හෙලූ බවය. අවසන් මොහොතේ සිය ආදරණීය බිරිඳ සනී ඔසෙල් ද ඔහු අසල සිටි බව ද පැවැසෙයි. ශ්‍රීමත් පැට්රික් ස්ටුවර්ට් පසුගිය කාලයේ ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා තත්වයෙන් පීඩා වින්දේය.
1940 ජූලි 13 වනදා එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ මීර්ෆීල්ඩ් හිදී උපත ලැබූ ස්ටුවර්ට් ඉතා අභියෝගාත්මක සහ දුෂ්කර ළමා කාලයක් ගත කළ අයකු බව පැවැසෙයි.
වයස අවුරුදු 12 දී පාසල් ගුරුවරයකු විසින් ෂේක්ස්පියර් නාට්‍ය හඳුන්වා දීමත් සමඟ රංගනය තමාගේ ආරක්ෂිත නවාතැන කරගත් ඔහු, වයස අවුරුදු 18 දී වෘත්තීය රංගනයට පිවිසියේය.
1960 දශකයේදී 'රෝයල් ෂේක්ස්පියර් සමාගම' හා එක්වෙමින් රංග ශාලා නාට්‍ය තුළින් විශාල ඇගයීමක් දිනාගැනීමට සමත් විය.
වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ ප්රකටව සිටිය ද, 1987 දී වයස අවුරුදු 47 දී 'ස්ටාර් ට්‍රෙක්: ද නෙක්ස්ට් ජෙනරේෂන්' රූපවාහිනී කතා මාලාවේ, කැප්ටන් ජෝන් ලූක් පිකාඩ්ගේ චරිතයට පණ පෙවීමත් සමග පැට්රික් ස්ටුවර්ට් ලොව පුරා ජනප්‍රිය විය.
පසුව ඔහු 2000 වසරේ, මාවල් එක්ස්-මෙන් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් එක්ස් ලෙස කළ රංගනය අතිශය ජන්‍රපිය විය. රංග කලා ක්ෂේත්රයට දැක්වූ විශිෂ්ට සම්ප්රදානය වෙනුවෙන් දෙවැනි එලිසබත් මහ රැජින 2010 දී පැට්රික් ස්ටුවර්ට්ට නයිට් පදවියක් පිරිනැමුවාය.
අවසන් මොහොත තෙක්, සිනමා ක්ෂේත්රයේ සක්‍රියව සිටි පැට්රික් ස්ටුවර්ට්, තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත මාවල් 'ඇවෙන්ජර්ස්: ඩූම්ස්ඩේ' චිත්‍රපටයේ ද දැකිය හැකිය. ඒ, ප්‍රොෆෙසර් එක්ස් ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd