(ඩයනා උදයංගනී)
අපනයනය සඳහා ඖෂධීය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,02,000ක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් නම් පුද්ගලික සමාගම මගින් කාබනික ක්‍රමයට කෝමාරිකා වගාකිරීමට යන මෙම ව්‍යාපෘතිය ‘වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව, මෙහෙයුම් කාර්යාල පරිශ්‍රය ඉදිකර ගබඩා හා මෙහෙයුම් කටයුතු කිරීම සඳහා අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීම සඳහා වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කෝමාරිකා ශාකයේ මුල්, අල, පත්‍ර ආදිය භාවිතා කර අධි ශක්තිජනක පානයන්, ඖෂධීය පෙති, ආලේපන, ආශ්වාස කැප්සියුලර්, හිස ගල්වන තෙල් ආදිය නිෂ්පාදනය කිරීමට නියමිත බව කී ඇමතිවරයා එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 783ක් බව ද සඳහන් කළේය.
එහි පළමු අදියර යටතේ ඩොලර් මිලියන 300ක මුදලක් යෙදවෙන බව කී ඇමතිවරයා කෝමාරිකා තවාන් ඇතිකිරීම සඳහා රාජාංගණය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි අක්කර 2,000ක් යොදාගැනීමට නියමිත බව ද කීවේය.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අක්කර 1,02,000 ක කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක්
Nuwan Tuesday, 31 August 2021 05:22 PM
සිංහරාජෙ කපලද? විල්පත්තුව කපලද? තබ්බෝව..?
duminda Tuesday, 31 August 2021 05:38 PM
මේකෙනුත් වන විනාසයක් වෙයිද දන්නැ
ගස්කපා වගාවද? Tuesday, 31 August 2021 05:40 PM
මෙය වටිනා දැව සහිත වනය කපා කරන වගාවක්වත්ද? එහෙම නොවේ නම් කමක් නැහැ. මොකද නැඹුරුව තියෙන්නෙ එවැනි දේට.
Sriland Tuesday, 31 August 2021 06:46 PM
හොඳ වැඩක්.... පළමුව රටට දැනට අවශ්‍ය දේ සිටුවන්න... කහ, පොල්, මේ වගේ දේවල්... ස්තුතියි...!!!
de silva Tuesday, 31 August 2021 07:39 PM
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කල කෝමාරිකා අක්කර සිය ගණනක වගාවන් ,අස්වැන්න විකුණගන්න බැරිව අතහැර දමලා .කරුණාකර ඔවුන්ට අස්වැන්න අලෙවි කරගන්න ක්‍රමයක් හදලා දෙන්න
සිරිසේනThursday, 02 September 2021 11:47 AM
මේවායින් බලාගන්න පුලුවන් මේ අය ගජ මිතුරන්ට පමණක් දියුණු වීමට ඉඩ සලසනවාද? නැතිනම් මේ වගේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන අය ගැනත් බලනවද කියලා... මේ මිනිසුන්ගේ ඉල්ලීම් වලට කන්දෙන්නේ නැත්නම් මේක ගජ මිතුරු සංවර්ධනය කියලා හිතාගනිමු...
චන්දිම Tuesday, 31 August 2021 08:32 PM
ඔය මුඩු ඉඩම්ද, නැත්නම් වනාන්තර ඉඩම්ද, වන ජීවින් ඉන්න ඉඩම්ද කියලා කවුද හරියට අවදානම් තක්සේරුවක් කරන්නේ...? මොකද අන්තිමට වෙන්නේ ඔය ඉඩම් ටික වවපු කෝමරිකාවකුත් නැතිව ඔය කොම්පැනිකාරයින් ටික හොර ඔප්පු හදලා එක එකාට අත යට විකුණලා මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ජාතිය සතු ඉඩම් පරිහරණයේදී ජනතාවට සියලු තොරතුරු දැනගන්න පුළුවන් වෙන්න ඕනෑ.
Lalith M Tuesday, 31 August 2021 08:41 PM
පෝර නැතිව වගා නොකරන ඉඩම් වෙන්න ඕනෑ නේද සර්..?.