IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අක්කර 25,000 ක වනය වනසා ජනාවාස හදති

ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

වව්නියාව මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් රක්ෂිත හතක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර අක්කර 17,780 ක් එළිපෙහෙළි කරමින් අලූත් ජනාවාස පිහිටුවමින් සිටින බවත් උමා ඔය, මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් අක්කර 10,000 කට ආසන්න කැලෑ එළිවෙමින් පවතින බවත් පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා  කීවේය.

එමෙන්ම ඉදිරියේදී යාන් ඔය, වයඹ ඇල, කුඹුක්කන් ඔය, හැඩ ඔය සහ නිල්වලා ගඟ යන ව්‍යාපෘති සඳහා ද විශාල ප්‍රමාණයක් වනාන්තර ප්‍රදේශ හෙළි පෙහෙළි වන බවත් හෙතෙම සඳහන් කළේය. 



අදහස් (0)

අක්කර 25,000 ක වනය වනසා ජනාවාස හදති

රන්ජිත් Saturday, 14 January 2017 01:48 AM

මේවා මාධ්‍ය වලින් කියනකම් ඉන්න ඕනෑද? ඡන්දෙ දීලා මෙයාල පත්කරගන්නේ මේවා වළක්වන්න නේද? මෙයාලා කරන්නේ හම්බකරන එක විතරක් නේද? (නි)

:       0       0

කේ.තිස්ස Saturday, 14 January 2017 02:18 AM

වනචාරී තත්වයෙන් මිදුණු මනුස්සයන්ට කැලෑවල ජීවත්වෙන්න බැහැ. ජනගහණය වැඩිවීමත් සමඟ ගෙවල් වැඩිවීමත් කැලෑ අඩුවීමත් වතුර ආහාර මදිවීමත් ස්වභාවයෙන් සිදුවිය හැකි දේවල් කියා ආර්ථික පොත් වල කියා තියනවා. ලංකාවේ උදවිය ඒවා කියවන්නේ නැද්ද? කියවන්නේ භංගවේවා කියන පොත් විතරක්ද? (නි)

:       0       0

උපාලි Sunday, 15 January 2017 02:33 AM

ඔය තිස්සලා වගේ අය හින්දා තමයි අපේ රටේ දැන් ඉන්නවා වගේ දේශපාලුවෝ රජ කරන්නේ. අර කවුද ඇහුවා වගේ මෙහෙම අපේ පාරම්පරික ඉඩම් භක්ෂණය කරන්න ඉඩ දීල ඉන්නේ කොහොමද? (නි)

:       0       0

ජනහිත Saturday, 14 January 2017 04:23 AM

ආර්ථික විද්‍යා පොත් වල තියන ඒවා කියවා බඩ පුරවා ගනිමු. ඒ පොත්වල තියෙන්නේ ආර්ථිකය කොහොමද ඵලදායි ලෙස හසුරුවන්නේ කියා මිසක් ආර්ථිකය විනාශ කරන හැටි නොවෙයි. සමහරු දේවල් කියන්නේ හරි අවබෝධයකින් නොවෙයි, ඔලුවෙන් හිටගෙන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

අරුණ Sunday, 15 January 2017 03:27 AM

මේ තිස්ස වගේ අය ඉන්නකන් ලංකාවට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

ඉයන් Saturday, 14 January 2017 07:12 AM

මොරගහකන්ද, උමා ඔය, කළු ගඟ ව්‍යාපෘති ජනජීවිතයට අවශ්‍ය දේවල්. අනික් මහවැලි ව්‍යාපෘති වලිනුත් වනාන්තර යම් ප්‍රමාණයක් විනාශ වෙනවා. මේකට පිළියම තව ගස් විශාල ප්‍රමාණයක් කෘෂිකර්මය සඳහා භාවිතා නොවන ප්‍රදේශ වල වගා කිරීම මිසක් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම නෙවෙයි. පරිසර සංරක්ෂණ භාරයට තියෙන්නේ ආහාර නිෂ්පාදනය වගේ දේවලට භාවිතා නොවන රජයේ සහ පෞද්ගලික ඉඩම් වල ගස් වැවීම හරහා නැතිවන කැලෑ ප්‍රමාණය වගේ ප්‍රමාණයක් වගා කිරීමට ක්‍රියා කරන එක. (අ)

:       0       0

අෂිකා Saturday, 14 January 2017 07:22 AM

බෞද්ධ සිංහලයන් වනජිවියට ආදරය කල රැකබල ගත්ත.. අවුරුදු 2500ක් මේක ආරක්ෂා කල මේ අනය ආගමිකයෝ වටිනා කැළය කපමින් ලෝකේ විනාශ කරමින් ඉන්නවා, සිංහලුනේ දැන්වත් අපේ පාරම්පරික ඉදකම් රැකගනියව් ,,අඩු මුදලට අපේ ඉඩකඩම් විකුන්න එපා (අ)

:       0       0

ටිකිරි Saturday, 14 January 2017 07:24 AM

තිස්ස නිකන් මෝඩ කතා කියන්න එපා ජිවත් වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙද්දී නේද මේ මන්නාරමේ රක්ෂිත කෙළේ එළිකරන්නේ? සිංහලයෝ රැකගත්තු කැලැ එළිකරන්න දෙන්න බැ (අ)

:       0       0

ඇසළ Friday, 13 January 2017 12:49 PM

ලංකාවත් අරාබියක් කරන්න තමයි බලන්නේ. තියන ගස් වැල් සේරම විනාස කරලා.(හේ)

:       0       0

තිලක් Friday, 13 January 2017 12:51 PM

වැස්ස නැති කාලේදී බෝධි පුජා පැවත්තුවම වැස්ස වහිනවා .එහෙව් එකේ මොකටද වනාන්තර?අපේ රට ගැන නම් පුදුම දුකයි.(හේ)

:       0       0

සිල්වා Friday, 13 January 2017 01:05 PM

සංවර්ධනය යනු රටම විනාස කිරීමක්ද ? පරිසරය පනමෙන් ආරක්ෂා කළ යුතුයි.(හේ)

:       0       0

නලීන් Friday, 13 January 2017 03:02 PM

වැඩි කල් යන්නේ නෑ ලංකාව කාන්තාරයක් වෙනවා.(හේ)

:       0       0

කමල් Friday, 13 January 2017 03:05 PM

ඇයි එහෙම වන විනාශ නවත්තන්න බැරි.(හේ)

:       0       0

තිලක් Friday, 13 January 2017 03:22 PM

සාමාන්‍ය මිනිස්සු ගස් වල වල වටිනාකමක් දන්නේ නැහැ කියමුකෝ.එත් රට පාලනය කරන්න යවන අයවත් මේ ගැන දැනුවත් වෙන්න ඕනනේ.තිරිසන්නු රටම කාන්තාරයක් කරලා තමයි පස්ස බලන්නේ.(හේ)

:       0       0

රොකී Monday, 16 January 2017 01:04 PM

සරත්, ඔබ කියපු විදිහට හරියටම එදාට වහිනවා නම් ඒ වැස්ස අනිත් ප්‍රදේශ වලටත් බෙදා හරින්න පුළුවන් වේවිනේ! (නි)

:       0       0

ජනහිත Friday, 13 January 2017 05:15 PM

මේ යන විදිහට වතුරත් ආනයනය කරන්න වෙනවා නොඅනුමානයි. කාගේ උවමනාවට මේවා වෙනවද මන්දා? මේ සිදුවන වන විනාශය නිසා සතා සිවුපාවට මෙන්ම ජන ජීවිතයටත් වෙන හානිය කියලා නිම කළ නොහැකියි. මිනිසුන්ට පදිංචිවීමට තට්ටු නිවාස තනා දී භුමිය ඉතිරි කරගත යුතුයි. ජලාශ හදලා වන ගහනය වැඩි කිරීම අත්‍යවශ්‍ය කාලෙක ඇයි මේ වන විනාශය කරන්නේ. මේවා සහගහන අපරාධ තමයි. (නි)

:       0       0

අසංග Saturday, 14 January 2017 11:28 AM

ප්‍රතිපල දැම්ම ලැබිල තියෙන්නේ. කොච්චර මුඩුබිම් තියෙනවද මෙය වැඩේ කරන්න. ඔක්කොම වින්දවයි. (අ)

:       0       0

සරත් Friday, 13 January 2017 06:07 PM

තිලක් දන්නේ නැති වුණාට මාගේ දැනුමට අනුව වසර 35ක් පමණ මා දන්නා අතීතෙක සිට මහනුවර දියකපන දවසට අනිවාර්යයෙන්ම නුවර පොද වැස්සක් හරි දළඳා මාළිගාව අවට වැටෙනවා. මේවා අත්දැකපු දේවල්, නැතුව විද්‍යාත්මකව ඔප්පු කරන්න මට බැහැ. ඒ වගේම තමයි වැහි පිරිත් කියනකොටත් පොද වැස්සක් හරි යනවා. (නි)

:       0       0

අනුර ඉලන්කොන් Friday, 13 January 2017 06:47 PM

සමහරු හැම ආණ්ඩුවටම පැන පැන එයාලට ඕනෑ දේ කරනවා (නි)

:       0       0

රජින්ද Friday, 13 January 2017 07:05 PM

සහගහලා මදි මේවා කරන අමනුස්සයින්ට. රටේ පරිසරය දරුණු සංහාරයක් වෙමින් යනවා ඒවා ගැන හොයන අයත් නිදි. (නි)

:       0       0

කමල් Friday, 13 January 2017 10:02 PM

නිවැරදි දැක්මක් සහ සැළසුම් ඇතුව පරිසරය ආරක්ෂා කරගෙන මේ සියල්ල කරන්න පුළුවන්. බලය තියෙන කාටවත් ඕනෑකමක් නැහැ. රටේ ජනතාවගේ අවාසනාව. (නි)

:       0       0

සිරි Friday, 13 January 2017 10:10 PM

මෙවන් ජාතික අපරාධ වලට වහා විසඳුම් නොදුන්නොත් රටම කාන්තාරයක් වෙන බව විශ්වාසයි. යහපාලකයිනි, අවදිවවු! (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Saturday, 14 January 2017 05:08 PM

වන විනාශයේ ප්‍රතිඵල මේ දවස් වල කට්ටියට හොඳටම දැනෙනවා. තව තව කැලේ කපමු. වතුර ටිකත් රටින් ගේනකොට මොනතරම් ආඩම්බරද (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Saturday, 14 January 2017 05:10 PM

තිස්ස වගේ උදවිය ඉන්නතුරු මේවා නවතින්නේ නැහැ (නි)

:       0       0

එඩ්වඩ් Saturday, 14 January 2017 05:27 PM

කොහෙද අපේ නිසි බලධාරීන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 217 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1895 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3528 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1602 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11016 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site