ආණමඩුව තට්ටෑවේදී මින් මද වේලාවකට පෙර අකුණක් වැදීමෙන් 13 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඔහුගේ බාල සොහොයුරා දැඩි කම්පනයෙන් රෝහල් ගත කර ඇත.
ආණමඩුව තට්ටෑවේදී මින් මද වේලාවකට පෙර අකුණක් වැදීමෙන් 13 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඔහුගේ බාල සොහොයුරා දැඩි කම්පනයෙන් රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල හරියට අකුණු සැර වදිනවා. පරිස්සමි වෙන්න ඕනා. ඇත්තෙන්ම දරුවෝ දෙන්නා ගැන දුකයි.(නදී)
සිද්ධිය ඇසූ විට දැඩි කම්පනයක් ඇති වුණා. කණගාටුයි (නි)
හෙණ ගහන්නෙත් අන්ත අසරණ මිනිසුන් බලලයි.හරි ලිපිනයට තවම හෙණ වැදුනේ නැත්තේ ඇයි දන්නෙ නැහැ (නි)
අනේ පුතේ ඔයාට මොක්සුව පතමි (අ)
අනේ අසරණ දරුවෝ දෙන්න.මැරුණු අයිට නිවන් සුවත් ,රෝහලේ සිටින මල්ලිට ඉක්මන් සුවයත් පතන්නෙමි මේ වේදනාව අම්මා සහ තත්තා කහොම දරාගන්ඩද (අ)
නිවන් සුව පතමු !! (නි)
දෑන් සිද්ධ වෙන දෑඩි කාලගුණ විපර්යාසයට වග කියන්න ඕනෑ අපිමයි.දැන්වත් රටවල් ඉක්මනට මේ පිළිබදව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.නැත්නම් දුප්පත් රට වල ජනතාවයි දුක් විදින්නේ.අහිංසක දරුවො දෙන්නට බුදුසරණයි (නි)
පේනවද අපරාධ වල තරම?මිනිස්සුන්ව මරණ හැටි? අලි මරණ හැටි? මේ රටේ වගකිවයුත්තෝ නිදි. ලෝක පාලක දෙවියෝ කෝප වෙලා.පොඩි අය පව්.දේශපාලුවන්ට හෙණ වදින්නේත් නැහැ .දුප්පතාට ඔක්කොම ප්‍රශ්න (නි)
කොතන වුණත් නැත මරුහට බාධා... හැබැයි මේ අකුණු වලින් ගැළවෙන්න ඕනෑ නම් ඒ වෙලාවල් වලට ගෙදරටම වෙලා ඇඳක , පුටුවක නම් කකුල් උඩට අරන් වගේ හිටියොත් ටිකක් ප්‍රවේශම්. ගස්කොලන් හිග නිදහස් තැන් වල ඒ කියන්නේ කුඹුරුයායක , වැවු පිටියක වගේ තැන් වලදී නම් හරිම අනතරාකාරයි (නි)
මේ මිහිකතේ උපදින අප සැමට මරණය උරුමය. ඒකෙන් ගැලවෙන්නේ කිසිවෙකුට නොලැබේය. නමුත් කිසිදිනක කිසිවෙකුට මෙවන් මරණයක් හිමි නොවේවා දෙවියනේ. අද ගොඩක් පුවත් අපේ හදවත් කම්පා කරන ඒවා. මේ දෙමාපියන්ට රත්තරන් පුතෙක් නැතිවුණා නොඅනුමානය. කාලයක් රෝගා තුරවෙලා අපෙන් කෙනෙක් සමුගන්නා විට ඒ වේදනාව කෙසේ හෝ දරාගන්න පුළුවන් නමුත් අකල් වියෝවන් කෙසේ දරාගමුද? රෝහල්ගතව සිටින බාල පුතාට ඉක්මන් සුවය ලැබේවා. මියගිය පුතාට නිවන් සුව පතමි. (නදී)
පව් අහිංසක දරුවෝ. "සොහොයුරා දැඩි කම්පනයෙන් රෝහල් ගත්කරා" කියල අහනකොට මටත් නිකම් අකුණක් වැදුන වගේ දැනුනා. එම දරුවට ඉක්මන් සුව පතමි. (අ)
ටිකිරි බණ්ඩා කිවුවා වගේම හෙණ කඩාපාත් වෙන්නෙත් අන්ත අසරණ පවුල් වලටමයි (නි)