IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අකුරණ නගරයත් ගංවතුරින් යටවේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට පැය 19කට ආසන්න කාලයක් මහ වැසි ලැබීමත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද දහවල් ඉබේම විවෘත විය. සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළිද මහ ජල කඳක් සමග කඩා හැළෙයි. කඳුකරයේ හැටන් සමීපයේ ලයින් කාමර පෙළක් නාය යෑමේ අනතුරට ලක්ව ඇතැයි කියති.

වැසි සමග මීදුම ගැලීමෙන් වාහන ගමනාගමනය දැඩි ලෙස අවහිර විය.

මාසයක් ඇතුළත දෙවන වරටත් උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘත කළ බව උඩවළව වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි.

වළවේ ගඟේ මෙන්ම වෙනත් අතුගංගා සහ ඇළ දොළවල් පිරී ගලා ඒම නිසා උඩවළව ජලාශය මසක පමණ කාලයක්  තිස්සේ පිරී පවතී.

පසුගිය අපේ‍්‍රල් 18දා වසර කිහිපයකට පසු එහි වාන් දොරටු පහම අඩි එක හමාර බැගින්  විවෘත කරනු ලැබීය. සෙනසුරාදා අඩියකට වැඩි ප‍්‍රමාණයක් වාන් දොරට පහ විවෘත කර ඇති අතර තත්පරයට ගණ අඩි 13500ක ජල ප‍්‍රමාණයක් වලවේ ගඟට මුදා හරින බවද උඩවළව වාරිමාර්ග කාර්යාලය කියයි.

 මේ අතර සෙනසුරාදා (15) රාත්‍රියේ සිට ඇදහැළෙන ධාරානිපාත වැසි හේතුවෙන් දිවයින පුරා ජලාශ රැසක් පිරී ඇති අතර පාරවල් ද ජලයෙන් යටවී ඇතැයි කියති.

මඩකලපුව දිස්ත්‍රික්කයට ද සුළි සුළං හා ධාරානිපාත වැසි හේතුවෙන් ජන ජීවිතය අඩාලවී ඇත. වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, ආරයම්පදි, මන්මුනේ උතුර, කොක්කොඩිචෝලෙයි, වවුනතීවු, වෙල්ලාවෙලි ඇතුළු ප්‍රදේශ රැසකම ජලය පිරී ඇති අතර, මාර්ග බොහෝමයක් ජලයට යටවී ඇත.

මේ අතර අද (15) දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි ඔවුහු කියති.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ කැළඹීමක් නිසා අද සුළු ගංවතුරක් ඇතිවිය හැකි බව කාලගුණ නිලධරයෝ කියති.

මුහුදේ රැල්ල වේගවත් වී ගාලු පාරට මුහුදු වතුර ගලා ඒම නිසා තෙල්වත්ත - පැරෑලිය අතර වාහන නතර වී තිබිණි. පාර පැහැදිලි ලෙස නොපෙනීම නිසා රියදුරෝ මේ අර්බුදයට මුහුණ පෑහ.

කුරුණෑගල, අවිස්සාවේල්ල හා හම්බන්තොටට අද උදේ වනවිට මිලිමීටර් 100 බැගින් වැසි ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මන්නාරම හා ත්‍රිකුණාමල මුහුද රළුවී ඇති හෙයින් මුහුදු නොයන්නැයි ධීවරයන්ට උපදෙස් දී ඇත. ඉදිරි දින කිහිපයේත් දකුණේ හා නැගෙනහිරට තදින් වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ කියති. 

බදුල්ලේ පස්කඳු හා ගල් කඩා වැටීමෙන්ද මහාමාර්ගවල සුළු නායයෑමේ අවදානමක් ඇතැයි ආපදා නිලධරයෝ කියති. නිවාස කිහිපයක් නාය යෑමේ අවදානමට ලක්ව ඇත. බදුල්ල මහියංගණ පාරට කළුගල් පෙරැළී ඇත.

පසුගිය දිනවල උතුරේ උෂ්ණත්වය ‍සෙල්සියස් අංශක 40 ද ඉක්මවා තිබිණි. වැසි ලැබීමත් සමග ගොවියෝ වගා කිරීමට සැරසෙති.

උතුර - නැගෙනහිර, දකුණ සහ මන්නාරම් බොක්කේ මුහුදු ප්‍රදේශයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල ඔස්සේ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝ මීටර් 40 සිට 50 දක්වා විය හැකි බවත් ඇතැම් විට එය පැයට කිලෝ මීටර් 70 දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.

දැනට මඩකලපු වෙරළාසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉන්දියාව දෙසට ගමන් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පානදුර නල්ලූරුව ප්‍රදේශයේ ඇතිවූ සුළඟකින් නිවාස 60කට පමණ හානිව ඇතැයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.

පවතින වැසි තත්වයත් සමග මාදුරුඔය කුඩාඔය අමුණ පිටාර ගැලිම හේතුවෙන් වැලිකන්ද ප‍්‍රදේශයේ පහත් බිම් රුසක් ජලයෙන් යටව පවතින බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන කාර්යාලය පවසයි

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ  ඒ -09 මාර්ගයේ අකුරණ නගරය අද (15)  ජලයෙන් යටවිය.

අකුරණ නගරයට සමාන්තරව ගලා යන පිගා ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙමමාර්ගය අඩි 4- 5  ත් අතර ප්‍රමාණයකින් ජලයෙන් යටව තිබූ අතර පැය කිහිපයක් මාර්ගයේ වාහන ගමනාගමනයද ඇන හිට තිබිණ.

rain_2016515

ඡායාරූපය - අජිත් ලාල් ශාන්තඋදය

rain_20165152 rain_20165153 rain_20165154 rain_20165155 rain_20165156

ඡායාරූප හා වීඩියෝ - ජවුෆර් ඛාන්

rainsouth_2016515 rainsouth_20165152 rainsouth_20165153 rainsouth_20165154

ඡායාරූප - දීපාල් ද සිල්වා

badullarain_2016515 badullarain_20165152

ඡායාරූප - පාලිත ආරිංයවංශ

jaffnarain_2016515 jaffnarain_20165152 jaffnarain_20165153 jaffnarain_20165154

ඡායාරූප - රොමේෂ් මධුෂංක

kotmale_20165151 kotmale_20165152

ඡායාරූප හා වීඩියෝ - රංජිත් රාජපක්ෂ

13214406_269246253422385_405739719_o 13214861_269245890089088_1834185005_o 13223652_269246573422353_630338281_o 13235072_269246103422400_548750619_o

ඡායාරූප - නිමල් ජයරත්න

P1110860 P1110865 P1110869

ඡායාරූප හා වීඩියෝ - මොහොමඩ් ආසික්

wind_2016515 wind_20165152 wind_20165153

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

IMG_0753 IMG_0761 IMG_0765

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

අකුරණ නගරයත් ගංවතුරින් යටවේ

ගුණේ Sunday, 15 May 2016 08:04 AM

සොබා දහමේ විපර්යාස උපේක්ෂාවෙන් ඉවසමු ,සොබා දහමට ද්වේශ කරනකොට අපේ විපත් දෙගුණ වේ (ම).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 715 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 759 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 574 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 490 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site