බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙලෙසී යැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා ප‍්‍රියංග ඉඳුනිල් වික‍්‍රමසිංහ මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. මේ දෙදෙනාට එරෙහිව පළමු දැරිය ළමාරක්‍ෂක අධිකාරියට බාර දුන් වීඩියෝව, දුරකථන ඇමතුම් විස්තර සුරක්‍ෂිතව තබන ලෙස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේය. දෙවැනි දැරිය කෙලෙසීම සම්බන්ධයෙන් ප‍්‍රසංග සඳරුවන් ධීවරයාද පොලිස් රාජකාරියට බාධා කළැයි කියන ලියනගේ කුසුම්සිරි නම් ත‍්‍රීරෝද රියැදුරාද යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා ලබපු චූදිතයන්ගේ දරුවන්ට එහෙම වෙලා තිබුණනම් ඒ ගාල්ල මොනවගේ තත්ත්වයකට පත්වෙන්නට ඇතිද? දූෂනය කරපු අයට මොනවානම් කරලා ඇතිද? හිතලා බලන්න..!! (නු)
පවු. සභාපතිතුමා අහිංසකයි. (නි)
සොබාව ධර්මයෙන් උත්තර දෙන අලුත් ලොවක් හදන්න ඕනෑ. (නි)
පව් නේ
ගණිකා මඩම් නීතිගත කළ යුතුයි. නැතහොත් එක් අයෙකුට කසාද කරගත හැකි ප්‍රමාණය පිළිබද සීමා ඉවත් කළ යුතුයි. (නි)
අපිව රවට්ටන්නේ නතිව නිසි දඩුවම් දෙන්න (දී)
මේවට සොබාදහම පිළිතුරු දෙයි..!!(නු)
කාලයාගේ ඇවෑමෙන් නිදොස්කොට නිදහස් වීමට දෙවි පිහිට ලැබේවා. (ස)
මෙයාලව අයින් කරන්නේ නැතුව තියන් ඉන්න අයව ඉස්සෙල්ලා අයින් කරන්න ඕන. (ස)
මෙහෙම මිනිසුන්ටනේ අපි මනාපේ දෙන්නේ (දී)
මෙයාලට බ්‍රසිල් නීතියට වඩා වැඩි නීතියකින් දඩුවම් දෙන්න ඕන.. (ස)
හැමෝන අමනාප ඇති (අ)
මෙයාට දැන් සිද්ධිය අමතකවෙලාද දන්නේ නෑ..(ස)
මොන දේ කරත් ඒ දරුවට උන වරද හදන්න බෑ නේද ? තව දරුවකුට එහෙම දෙයක් නොවෙන්න වැඩ කරන්න ඕනි . ඒත් එහේම වෙන පාටක් නෑ නේ . මොනා කරන්නද මන්දා...........(ස)
මේවා වෙන්නේ රටේ අවාසනාවටනේ. (නි)
තවත් මනාප වැඩියෙන් ලැබෙයි. මොකද මේක ලංකාවනේ. (නි)
ලංකාව ලොව සාමකාමීම රටයි. (නි)
රජ කාලේ දඩුවම් දිය යුතුයි.. (ස)
ලංකාවේ සාමකාමීම ප්‍රදේශය දකුණයි. (නි)
උපරිම දඩුවම් දෙන්න ඕන.. (ස)
දේශපාලනයට යළි පැමිණීමට නොහැකි වන ලෙසට කටයුතු කළ යුතුයි. (නි)
ඡන්දය දුන්නු අයට නම් දැන් ආඩම්බර ඇති. (නි)
දැන් නම් ඒ මොකවත් මතක නැතුවත් ඇති. (නි) (නි)
”ලංකාව ලොව සාමාකාමිම රටයි”(ස)