IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අග්නිදිග සිසුහු යූජීසිය කොටු කරති

අග්නිදිග විශ්ව විද්‍යාලයීය සිසුන්ට ඇති ගැටළුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ සිසුහු සහ දෙමාපියෝ අද (23) කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණ එහි ගේට්ටු අවහිර කර ඇත.

අග්නිදිග විශ්ව විද්‍යාලයට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස හෝ නැතිනම් වෙනත් විශ්ව විද්‍යාලයකට තමන් මාරු කර දෙන ලෙස ඉල්ලමින් පසුගියදාද ඔවුහු වෝඩ් පෙදෙසේ මාර්ගය අවහිර කළහ.

අද රථවාහන ගමනාගමනයට බාධාවක් නැති අතර සිසුහු සහ දෙමව්පියෝ ප්‍රතිපාදන කොමිසමේ ඉදිරිපස හා පිටුපස ගේට්ටු කළු පටිවලින් බැඳ කිසිවකුට එහි ඇතුළුවීමට හෝ පිටවීමට නොදී රැකවල් ලා සිටිති.

උද්ඝෝෂණය පවතින අතරතුර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු සමග ශිෂ්‍ය නියෝජිතයයෝ පිරිසක්  සාකච්ඡාවක් ඇරඹූහ.

1. පීඨයට අලුතින් දේශකවරුන් කිහිප දෙනෙකු ඇතුලත් කිරීම (වැඩිපුර දීමනා සමඟ)

2. පරීක්ෂණාගාර සදහා අලුත් උපකරණ ගෙන්වීමට ඇණවුම් ලබා දීම.

3. පුස්තකාල සඳහා පොත් ඇණවුම් කිරීම

යන ශිෂ්‍ය උද්ඝෝෂණයට හේතු වූ කරුණුද සාකච්ඡා විය.

IMG_6304 IMG_6305 IMG_6281 IMG_6295

ugc_151223(6)

 

 

ugc_151223(5) ugc_151223(3) ugc_151223(2) ugc_151223(3) ugc_151223(4) ugc_151223(5)

විඩියෝ ඉෂාන් සංජිව



අදහස් (0)

අග්නිදිග සිසුහු යූජීසිය කොටු කරති

හසිත් Wednesday, 23 December 2015 08:42 AM

ආ! එහෙනම් දැන් සරසවි සිසුන්ගේ දෙමාපියන්ටත් මුළු රටේම උදවිය බයවෙමුකෝ. අපි මේගොල්ලන්ගේ ළමයින්ට ඉගෙනගන්න බදු ගෙවනවා මදිවාට ඔඩොක්කුවේ හරහට ගෙන නළවයි කියලාත් බලාපොරොත්තු වෙනවා වගේ. (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 23 December 2015 09:31 AM

වගකියයුතු නිලධාරීන්, දේශපාලඥයින් රටේ සල්ලි නාස්ති කරනවා. මේ වගේ පොඩි ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න මාස ගණන් කල්ගන්නවා. හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ලංකාවේ ඉහළින්ම උසස් පෙළ සමත් මෙම සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. (නි)

:       0       0

ධම්මරංසි හිමි Wednesday, 23 December 2015 09:31 AM

ළමයින්ගේ ඉගෙනීමේ ගැටළු විසඳාදීම බලධාරින්ගේ වගකීමක් (නි)

:       0       0

ජස්ටින් Wednesday, 23 December 2015 10:09 AM

මොනතරම් ප්‍රශ්න තිබුනාද කියා දැන තමයි කාටත් තේරෙන්නේ. ඉස්සර කටක් අරින්න පුළුවන්කම තිබුනද? යහපාලනයට දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

ගිහාන් Wednesday, 23 December 2015 11:05 AM

දැන් මේ රටේ උද්ගෝෂණ නොකළ එකම කොට්ටාශය මේ බදුගෙවන අපි ! මේක හරියන්නේ නැහැ . අපෙත් මව්පිය පාර්ශවය එකතු කරගෙන බහිමු පාරට ! (ස)

:       0       0

නුවන් Wednesday, 23 December 2015 11:38 AM

මේ විදියට නම් කමක් නැහැ. තමන්ට අසාධාරණයක් වෙනවා නම්, ඒකට විසඳුමක් හොයාගන්න ඕනෑ. හැබැයි පාරවල් අවහිර කරලා තමන් වගේම තවත් කොටසක් අසරණ කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. (නි)

:       0       0

කසුන් Wednesday, 23 December 2015 12:05 PM

ගිහාන්, මේ ළමයිනුත් දෙමව්පියොත් බදු ගෙවනවා, ඔයා විතරක් නෙමෙයි. මෙයාලගේ ඉල්ලීම සාධාරණයිනේ. ඉගෙනගන්න පහසුකම් නැත්නම් දේශකයෝ නැත්නම් කොහොමද මේ ළමයි ඉගෙනගන්නේ? ඒක මේ ළමයින්ගේ වැරැද්දක් නෙමෙයි නේද? (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 23 December 2015 12:47 PM

කසුන්, මේවා වැඩිහිටි හැසිරීම්ද? ළමයින්ගේ ප්‍රශ්න ආ ගමන් හැම දෙමාපියෙක්ම මෙහෙම හැසිරෙන්න පටන්ගත්තොත් මොකද වෙන්නේ? මේ හැසිරීම් අපිට නම් අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 23 December 2015 12:59 PM

මේ සිසුන් විතරක් නෙමෙයි දෙමව්පියනුත් හැසිරෙන්නේ රටම තමන්ගේ බුදලයක් විදියට. වෙනත් දියුණු රටවල මෙහෙම දේවල් තිබෙනවාද? (නි)

:       0       0

ඊෂාන් Wednesday, 23 December 2015 01:05 PM

මේ ළමයින් රැකියාවක් කරන දවසටත් අම්මලාට කෑම එකයි, වතුර බෝතලෙයි අරගෙන ගිහින් කාර්යාලය ඉදිරිපිට වාඩිවෙලා ඉන්න වේවි. එතනත් ප්‍රශ්නයක් තිබුනොත් උද්ඝෝෂණ කරන්න පහසුයිනෙ. (නි)

:       0       0

චාරු Wednesday, 23 December 2015 01:11 PM

හරියට බබාලා ටික පෙරපාසලට ඇතුළත් කළ පළමු දවසේ වගේ. මෙහෙමද වගකිවයුතු වැඩිහිටියන් ඊළඟට මව්පියන් වෙන්න ඉන්න උදවියට ආදර්ශයක් දෙන්නේ? (නි)

:       0       0

සරා Friday, 25 December 2015 12:06 PM

කොහොම ගියත් මොනවා කරත් මේ පහර වදින්නේ අපේ ළමයින්ට නේ එතන ඉගෙන ගන්න බැරිනම් ඒ ළමයින්ට කැමති තැන දෙන්ඩ ඕන එකතමයි නිදහස් අධ්‍යාපනය කියන්නේ (කෞ)

:       0       0

සචිත් Wednesday, 23 December 2015 01:27 PM

මේවා නම් සාධාරණ කරුණු. (නි)

:       0       0

හිමාල් Wednesday, 23 December 2015 02:22 PM

මේ වැඩිපුර දීමනා කතාව පිටුපස නම් වෙන අය ඉන්න බව පැහැදිලියි.මෙයාලා බළල් අතක් වෙලා. අනික පුස්තකාල වලට පොත් ඇණවුම් කරන්නේ ඒ අදාළ සරසවිය. ඒක එහෙදිම විසඳගන්න ඕනෑ දෙයක්.උපකරණත් එහෙමමයි. කවුරුවත් බලෙන් මෙයලා මේ සරසවියට දාලා නැහැනේ. ඉල්ලලානේ ගිහිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

අනුරාධි Wednesday, 23 December 2015 03:36 PM

ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මොවුන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන ඒවා නිකරුනේ නාස්ති කරනවා කියලා. කට්ටිය එහෙම කියන්නේ එයාලා ගෙවන බදු රටේ දේවල් ගොඩනඟන්න යොදවන නිසානේ. නැතුව ඔය කියවන කවුරුත් මේ සරසවියේ එක නංගියෙකුට මල්ලියෙකුට පෑනක් ගන්න කියලා එක රුපියලක් දීලා තියනවද? එයාල ලියන්න ගන්න කොලේ ඉඳලා හැම රුපියලක්ම වියදම් කරනේ එයාලගේ අසරණ දෙමාපියෝ. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 23 December 2015 04:17 PM

දහදුක් විඳලා දරුවෝ හදලා උගන්නලත් හරියට උපාධිය නැත්තම් දෙමව්පියෝ මොනවා කරන්නද? ඔබ හිතනවද වෙන වැඩක් නැතුව එයාලා ඇවිල්ලා ඔතන ඉන්නවා කියලා? ඔය ළමයි දෙමාපියෝ කියන්න ඕනෑ හැම විදිහටම කියලා බැරිම තැන ඇවිල්ලා ඇත්තේ. මෙයාලට උගන්වන්න ගෙවපු බදු වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවා. කවුද අන්තිමට රැවටුනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 814 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 59 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1041 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 184 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1994 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32208 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23821 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 143 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site