ඔලුවිල් අග්නිදිග සරසවියේ සිසුන් පිරිසක් සමන්තුරේ කළමණාකරණ පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමේදී අධිකරණයට ව්‍යාජ නම් හා ලිපින දුන් සිසුන් සිව් දෙනකු හැර අනෙකුත් සියළු දෙනාම ඇප මත මුදා හරින ලෙස සමන්තුරේ මහෙස්ත්‍රාත් පී කරුණාතරන් මහතා නියෝග කළේය.
වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අධිකරණයට පැමිණීල්ල ඉදිරිපත් කළේය. සිසුහු හතලිස් නව දෙනෙකු රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
සෙසු සිසුන් හතර දෙනා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ අයව අල්ලන වෙලාවේ අනන්‍යතාවය පෙන්වන්න හැඳුනුම්පත් තිබිලා නැද්ද? නැත්නම් බොරු නම් දෙන්නේ කොහොමද? (නි)
මෙහෙම ගහ මරා ගත්ත එකත් තව පොඩ්ඩෙන් රටට ප්‍රශ්නයක් වෙනවා (නි)
හතරදෙනාම සුරයෝ කියල හිතුවට හතරදෙනාම මෝඩයෝ. (ස)
අපිට ආරංචි වෙන විදිහට මේක අර ඇපත් නැති වුන පෙරටු ගාමී අයගේ උසි ගැන්වීමක්. අනේ ළමයිනේ, උඹලගේ අනාගතය උඹලාම බලා ගනිල්ලා. ඔය එකෙක් වත් උඹලට නැහැ. දෙමව්පියෝ විතර. (ස)
මම හිතනවා මේ ළමයින්ට තද අවවාදයක් කරලා ඇප දෙන්නයි තිබුනේ. (නි)
ඕව කරන්නද විශ්ව විද්‍යාලෙ යන්නේ. ඔයිට වඩා හොඳයි ගෙදර වැඩක් බලාගෙන ඉන්නවා. (ස)
තමන්ගේ පශ්චාද් භාගය ආරක්ෂා කරගන්න බැරි උන නායකයෙක් ඉන්න සංවිධානයක පස්සේ යන්න මේ ළමයි මොනතරම් මෝඩයෝද? ඔය කිසිම සංවිධානයක් කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ බිලි බෝයිස්ලා කර ගත්ත මෝඩයින් ගැන හොයන්නේ නෑ කියන එක අපේ අත්දැකීමයි. එලියට ආවට පස්සේ තමන්ට තමන් විතරයි. (නදී)
අනේ දරුවනේ, එදා විශ්ව විද්‍යාල වල උද්ගෝෂණ කරන්න පොළඹවපු නායකයෝ එදා ලැබූ ප්‍රසිද්ධිය මගින් අද පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් කරනවා. ජිවත් වෙන්නේ මාලිගා වගේ ගෙවල් වල, ගමන් බිමන් යන්නේ බෙන්ස් කාර් එකේ, ඉදිරියෙන් සහ පසුපසින් පරිවාරක රථ සමග. එදා ඔවුන් පසුපස ගොස් උපාධිය අහිමි කරගත් මිනිස්සු දුක් විදිනවා. කරුණාකර මොන දුකක් හරි විදලා උපාධිය අරගෙන වංචාවට දුෂණයට යට නොවී අනාගතයේදී රටට සේවයක් කරන්න (නි)
මේකට කියන්නේ නිකන් දෙන දේ අගයක් නැහැ කියලා. උසස් අධ්‍යාපනය වෙනසකට කාලය ඇවිත් ඇත.(නදී)
"රංජිත් සිල්වා" කියල තියනවා මේක පෙරටුගාමී කියල එක වැරදියි.. මෙතන කිසිම දේශපාලනයක් නෑ.. නේවාසිකාගාර පිලිබඳ ප්‍රශ්නයක් තමයි තිබුනේ වටේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් ගැටලුවට මැදිහත් උන අපි දන්නවා ඇත්ත මොකක්ද කියල (අ)
ඇත්ත තත්වය වෙනස් කර රටම සිසු පරපුරට විරුද්ධව නගා සිටුවීමට දරන ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා.නේවාසිකාගාර පිළිබද ගැටලුව දේශපාලන ගැටළුවකට පෙරලා රටම කලබලයට පත් කරපු අග්නියේ තෙවන වසර සිසුන්ගේ ක්‍රියා කලාපය තරයේ හෙළ දකින්නෙමු.(දිල්)