කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි 'නිල් මහ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එස්.එස්.සී ක්‍රිඩාංගනයට අද (12) පැමිණ සිටියේය.
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි 'නිල් මහ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එස්.එස්.සී ක්‍රිඩාංගනයට අද (12) පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අඩුපෝෂණයෙන් පෙළෙන අය ඉන් මුදවා ගැනීමටත්, බඩු මිල අඩු කිරීමටත් ඔබට ශක්තිය වාසනාව ලැබේවා! අපි බලාපොරොත්තු වෙන්නේ එපමණයි. (නි)
හරිම සරල නායකයෙක් එතුමා. අපිට සතුටුයි. (නි)
සුබ අනාගතයක් තිබුණ අපි අද බඩගින්නේ. බදු අඩුකර දෙන්න ගත්තා යහපාලනේ. වසරක් ගෙවී ඇත. තාමත් අඩු නැත. (නි)
අනේ ඒකතමයි පෙරේරා. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. එතුමලා ඇල් වතුරත් නිවලනේ බොන්නේ. (නි)
සඳුන්, ඔයාට තව කාලාන්තරයක් ඔය විදිහට ප්‍රාර්ථනා කර කර ඉන්න වේවි (නි)
සතුටුයි අපිට. කලාතුරකින් ඔබතුමාව මෙහෙම දකින්න ලැබුනේ. (නි)
බඩු මිල අඩු කළහැකි ක්‍රමවේදයන් පිළිබඳ ජනතා අදහස් විමසීමට කමිටුවක් පත්කරන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (නි)
බලන්නකෝ අගමැති ඉන්න සරල විදිය. තව ටිකකින් ඇල්වතුරත් නිවල බොයි. ඔන්න පාන්පිටි මිලත් වැඩිවෙලා.රටේ අඩු පෝෂණයෙන් පෙලෙන අය ඔහේ හිටපු දෙන්. සුබ අනාගතයක් ගැන හිතන්න එපා.අගමැති වගේ සරලව ජීවත් වෙන්න. සිල්වා, බඩුමිල අඩුකරන එක කොහොමවෙතත් අපි දවසට එක වේලක් කන්න පුරුදු වෙමු. චානක එතුමා මෙහෙම දකින්න ලැබෙන එකත් හරි සතුටක් නේද........අනේ මන්දා.....(බ)
සරල විදියට ඔක්කොම වෙන නිසා වෙන්න ඇති මෙහෙම හැමදේම වෙන්නේ. කියලා වැඩක් නැහැ. පොහොර ටිකත් හොඳටම සරල වුණා. එතකොට අමු තේ දළු , රබර්, වී ටිකත් සරලම සරල වෙලා. සරල සමීකරණයක් වගේ. (නි)
සුමිත්‍රා බස්නායක මහත්මියව ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු. ඔබතුමිය 2014 - 01 - 08 වෙනිදා තමා අපේ රටට පැමිනිල තිබෙන්නේ. ඔබ තුමිය ඉතාමත් වාසනවන්තයි. මොකද ලංකාවේ අපිට දිනකට එක වේලක් වත් හරියට කන්න බැරි කාලයක් තිබුන 2014 - 01 - 08 දිනට පෙර. නමුත් අහස උසට තිබුන බඩුමිල ක්‍රමයෙන් අඩුවෙලා තිබෙනවා. එක පක්ෂ බේදයකින් තොරව ලාංකිකයින් හැමෝම පිළිගනී කියා මා විශ්වාස කරනවා. ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාව තමාගේ සියලු දුක්කරදර පසෙකලා විශේෂ අවස්ථාවකදී පවුලේ උදවිය සමඟ සතුටින් විනෝදවෙන එක සාමාන්‍ය දෙයක්. මීට පෙර තිබුණු රජයේ මැති ඇමතිවරු ගේ ක්‍රියා කලාපයන් හා සසඳා බැලුවොත් අපේ වර්තමාන අගමැතිතුමා නියත වශයෙන්ම සරලයි. ඇත්ත අපි පිළිගත යුතුයි අපේ පක්ෂය කුමක් වුවත්, ඒ වගේම අපේ රටේ අගමැතිතුමා ආදී සිසුවෙකු වශයෙන් තමාගේ පාසල් ක්‍රිකට් තරඟයක් නරඹන්නේ මේක වැරදි දෙයක් නොවේ. බදු මිල ඉහල ගියා කියල එතුමාගේ නිදහසට කාටවත් වැට බඳින්න බැහැ එ්ක තේරුම් ගන්න. (බ)
පෙරේරා වගේ අය සරලකම මනින්නේ කෙසේද කියා තමයි මට නම් හිතාගන්න බැරි. (නි)
ෆ්ස්රුල් ඔබ කියන සාගතය තිබුනේ කටාර් වලද?රූන් පෙත්ත කැරකෙනවා,පාන් පෙත්ත උඩ යනවා රනිල් අපිට සුරංගනා කතා කියනවා. (බ)
ෆස්රුල් ගපුර්,කටාර් මම 2014,2015 වසර දෙකේම ලංකාවට ආවා. ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු නොලියමි. (බ)
පස්රුල් ගෆූර්, අගමැති සරල විදියට මුළු පාර්ලිමේන්තුවටම පඩි වැඩි කරගත්තා. තව දීමනාවලුත් වැඩි කර ගත්තා. රටේ මිනිස්සුත් සරල විදියට වකුගඩු රෝග වලින් මැරෙනවා. (බ)
ඩිල්ෂාන් මහත්මයා, වකුගඩු රෝග වලට මේ ආණ්ඩුවට හෝ අගමැතිතුමාට හෝ වගකියන්න බැහැ. බොරු තර්ක ඉදිරිපත් කරන්න එපා. මේක ලියන්නේ ආණ්ඩුවට කඩේ යන මුවාවෙන් නොවේ. සමහරවිට තිත්ත වුණත් අපිට ඇත්ත පිළිගන්න වෙන නිසා. (නි)