IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අගමැති මහින්ද ලබන සතියේ ඉතාලියට

(විනීතා එම් ගමගේ)

ඉතාලියේ බොලබ්නා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව යන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් වන මෙම සම්මන්ත‍්‍රණයට සහභාගි වී එම සම්මන්ත‍්‍රණයේ පළමු සැසිවාරය ආමන්ත‍්‍රණය කිරීමට අගමැතිවරයාට ඇරයුම් ලැබී ඇතැයි විදේශ කටයුතුු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබ චිත‍්‍රය යුරෝපයට අගමැතිවරයා එහිදි ඉදිරිපත් කරනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයන් සමග අග‍්‍රාමාත්‍යතුමන්  පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දීද ශ්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳ චිත‍්‍රය යුරෝපයට ඉදිරිපත් කළ හැකිවනු ඇතැයි කී අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් ද්වේශ සහගත බලවේග දුරුකර අපේ රටේ යථාර්තය පිළිබඳ චිත‍්‍රය යුරෝපයට ඉදිරිපත් කිරීමට උචිත අවස්ථාවක් එහි දී ලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

 



අදහස් (9)

අගමැති මහින්ද ලබන සතියේ ඉතාලියට

Nuwan Tuesday, 07 September 2021 01:11 PM

ඉතාලි කියලා යන්නේ ශාන්ත මැරීනෝ වගේ... එහෙ ප්‍රසිද්ධ මොනවටද කියලා දන්නෝ දනිති..!!!

:       1       14

Nadiya Tuesday, 07 September 2021 01:35 PM

මෙහෙ යන්නේ ඉතින් කැටේ සොලවන්න තමයි.

:       1       11

kamal Tuesday, 07 September 2021 01:45 PM

කොහේ යන්නද ලෑස්ති වුණේ...? දැන් වාහන වලටත් පෙට්‍රල් නැහැ කිව්වා නේද? ගිහින් එන්න හිතුණාද? මොකද යන ගමන් සීශෙල්ස් පැත්තෙන්...

:       1       3

Keppetipola Tuesday, 07 September 2021 01:51 PM

කීයක් හරි ලැබෙයි...!! 

:       1       5

wijemuni Tuesday, 07 September 2021 01:51 PM

ඉතාලියේ පොලිස් සුනඛයෝ එහෙම ලැහැස්ති කරයි මේ සංචාරයේදී.., හෙරොයින් එහෙම ගෙනාවද බලන්න...?

:       1       8

Perera Tuesday, 07 September 2021 02:25 PM

ලංකාවේ මෙහෙම හිටියට ලෝකයා ඉදිරියේදීනම් මෙහේ වගේ බැහැ හොදේ

:       1       3

පිටිගල මිලානෝ Tuesday, 07 September 2021 03:12 PM

ගියපාරවගේ මේ පාරත් සියයක් පිරිවර සමග නවාතැන් ගන්නේ ඉතාලියේ මිල අදිකම හෝටලය වන මිලානෝ සැවොයියා හෝටලයෙද? ගියපාර ඒකේ වැඩකරන කෙනෙක් මගෙන් ඇහුවා ලන්කාව මෙතරම් පොහොසත් රටක්ද කියා......

:       1       5

විපරමා Tuesday, 07 September 2021 03:28 PM

ආරක්ෂාවට කී දෙනෙක් විතර යයිද දන්නේ නැහැ .

:       1       4

fairoos Tuesday, 07 September 2021 03:36 PM

කොරෝනා ඒහෙම අරගෙන ඒනන ඒපා

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1768 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2956 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1247 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1024 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1452 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 673 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1449 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site