පැරණි අංගම්පොර ශිල්පය සිය ආරක්ෂාව සඳහා තරුණියන්ට ඉගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ සඳහා මාස හයක පාඨමාලාවක් සකස් කර ඇති බව ද, යාපහුව තිබිරිකැලේ පිහිටි අංගම්පොර ගම්මානයේ දී ලබන වසරේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම කාලූචිතයි. අපී සමහර කන්න්තාවන්ට සිරුවෙන් හිට ගත්තත් කලන්තේ හැදෙනවා. ඔතෑනි, අලස, ගති ඉවත් කරන්න,සබකෝලය ඉවත් කරන්න,මෙය ඉතා වැදගත්. පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරිමත් වැදගත්. සරසවියට තේරුනු අයට දෙන පුහුණුව ඉතාමත් හොඳයි. එයටත් මෙම සටන් ක්‍රමය ඇතුලත් කරන්න.(නදී)
හොඳ අදහසක්. මේවා අපේ මුතුන් මිත්තන් සද්භාවයෙන් ආරක්ෂා කරගෙන වැඩි දියුණු කරගෙන එන ලද නොඉඳුල් මෙහෙවරවල්. (නි)
හොදයි. තව ඉදිරියට අරගෙන යන්න, ව්‍යාපාරයක් කරගන්න එපා.මොකද මේක ජාතික උරුමයක්. (නි)
මම ලිවුවා නේද දවසක් කාන්තාවන්ට කරාටේ පන්ති යන්න කියලා? ඔන්න හීනේ සැබෑවෙලා. රජයටත් තේරෙනවා කාන්තාවට ආරක්ෂකයා වියයුත්තේ තම ශක්තිය පමණයි කියන දේ . (නි)
අතිශයන්ම කාලෝචිතයි. අපේ ගැහැණු දරුවන්ට මොකක් හෝ සටන් ශිල්පයක් ඉගෙනීම අනිවාර්ය කල යුතුමයි. මමත් වසර අටක් සටන් ශිල්ප කිහිපයක් ඉගෙන ගත් නිසා එහි වටිනාකම ගැන දන්නවා. හැබැයි අද පෙන්වන අංගම්පොර කුන්ෆු කරාතේ වැනි සටන් ක්‍රමවල මුල් අවස්ථාවක් ලෙසයි බැලුවම පෙනෙන්නේ. ඒවා ඇත්තටම අංගම් පොර නම් ජාතියක් හැටියට අපි වාසනාවන්තයි. සුමේධ ඇදුරා සටන්ක්‍රම කිහිපයක් විශිෂ්ට ලෙස හදාරා ඇති බවකුයි පෙනෙන්නේ. (නදී)
ඔන්න අද නම් පිටබැද්දර ජයා ඇත්තම කියල තියෙනවා. කොහොමත් එයාගේ ඔලුවේ තියෙන්නේ කෙස් ගස් දෙකක් තමා . මම ඔයාව දන්නවනේ.(දිල්)
මොකද තරුණියන්ට විතරක්! හොඳයි..හොඳයි (අ)
හොද අදහසක්. කෙසේ නමුත් මේ පුහුණුව ලබන්න අංගම්පොර ගම්මානයට යන කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික වෙන ලෙස වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක වියයුතුයි (නි)
මේ සටන් කලාව අපේම එකක්ද? (නි)
අපේ ගම්වල හැඩ වැඩ ඇති තරුණියන්ට විශේෂිත වූ අංගම් පොර ප්‍රායෝගික පන්ති මෙහෙයවන අර බම්බලපිටිය පැත්තෙද කොහෙද හිටියාලු නේද අර මැඩම් ද කවුද කියල. අනේ මට නම් හරියට මතකයක් නෑ. එහෙම කෙනෙක් හිටියා නම් ඉතින් එයාගේ උතුම් සේවයත් ලබා ගන්න පුළුවන් නේද? මම නම් මොකුත්ම මේ ගැන දන්නේ නැහැ. දන්නා කවුරුත් එහෙම නැද්ද?(නදී)
බොහොම හොඳ දෙයක්. මොකද අද කාලේ මහ පාරේ යන්නත් වෙලා තියෙන්නේ පන බයේ නේ ! හැබැයි ගෑනුන්ට උගන්නදි නම් ගුරු මුෂ්ටිය තියා ගෙනම ඉගෙන්නුවොත් හොඳයි. නැත්නම් ඉතින් පිරිමි අපේ ඔලුවේ ඉතුරු වෙලා තියෙන කෙස් ගස් දෙකටත් දෙවියන්ගේම පිහිටයි (ස)
සිංහල ජාතියට උරුම ආවේනික බොහෝ වටිනා ශිල්පිය ක්‍රම අද අප අතරින් සැඟවී ගොසිනි. ඒවා සොයා නැවත ඉස්මතු කර අපගේ තරුණ පරපුරට පුරුදු පුහුණු කරන්නේ නම් සිංහලයාගේ අභිමානය ලොව පුර විහිදෙනු ඇත. ප්‍රතාපවත් අභිමානවත් ජාතියක් බිහිවීමෙන් අපේ ජාතිය ගැන අපට ආඩම්බර වීමට මතු දිනකදී හැකි වනු ඇත. (නදී) .
මටත් බයයි. මේ තරුණියන් කසාද බඳින තරුණයන්ට අයියනායක දෙවියන්ගෙම පිහිටයි. කසාඳ බඳිනවනම් දෙතුන් පොලකින්ම කේන්දර දෙකම හොඳට බලව ගන්නලා, අනේ. (ස)
මේ සටන් කලාව මේගොල්ලෝ වැරදියට පාවිච්චි කරයි ද දන්නේ නැහැ. (ස)
අංගම් පොර කලාවට දැනට ඉන්න හොඳම ගුරුතුමා සුමේධ ඇදුරුවරයා බව මම විස්වාස කරනවා. මම දුටුවා එතුමාගේ පුහුණු කඳවුරක්. ඉරිසිවරු වෙනි උත්තමයෝ කාලෙන් කලෙක බිහිවෙනවා! අනික තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මෙම කලාව ගැන රටට කියල දුන්නා! (ස)
හොඳ අදහසක්. සටන් ශිල්පයට හානියක් නොවෙන විදිහට , නවීන ලෝකයට ගැලෙපෙන ඇදුමක් නිර්මාණය කිරීම යෝග්‍යයි. සටන් කලාවට කැමති විදේශිකයනුත් සම්බන්ධ වේවි. (ස)
ස්ත්‍රී දුෂකයන්ගෙන් බේරීමට සටන් කලාවක් අවශ්‍යයි අපේ කාන්තා පරපුරටම.(නදී)
ඉතාම වටිනා අදහසක්