IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගවිනිසුරු කොටුව උසාවියට එයි

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස් එහි විශේෂ නිරීක්ෂණයක යෙදුණේය.

කොටුව අධිකරණයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමත් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමත් මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
රටේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථාන රැසකට අයත් බල ප‍්‍රදේශයට පිහිටි කොටුව අධිකරණයේ භෞතික අඩුපාඩු රැසක් පවතින බව තමන් හොඳින්ම දන්නා බවත්, ඒවාට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදීමට තමන් පොරොන්දු වන බවත් නීතියේ පිහිට පතා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නව තාක්ෂණය සමගින් මෙම අධිකරණයටත් ලබාදීමට තමන් කැප වන බවත් අගවිනිසුරුවරයා මෙහිදී කීහ.
කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ ආරාධනය පරිදි අධිකරණ සේවා කොමිසමේ ලේකම් සිසිර රත්නායක, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ, මහාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ, කොළඹ අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ඇතුළු විනිසුරුවන්ද නීතිඥවරු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

අගවිනිසුරු කොටුව උසාවියට එයි

ලලිත් Wednesday, 16 October 2013 04:07 AM

ආයතන ප්‍රධානියෙක් තමන්ගේ ප්‍රාදේශීය කාර්යාල වලට යෑම සාමාන්‍යයෙන් කළ යුතු දෙයක්. (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 04:47 AM

නඩු ගොඩ ගැසෙමින්, දීර්ඝ කාලයක් තිස්සේ පාර්ශ්වකරුවන් වෙහෙසට පත්කරමින්, ඔවුන්ගේ සේසතම නැතිවනතෙක් නඩු කීමට සළස්වන වර්තමාන ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න අග විනිසුරුතුමා ලොකු උත්සාහයක් ගන්න බව දකින්නත් ඉතාම සතුටුයි. දික්කසාද හා භාරකාරත්ව නඩු ඉක්මන් කිරීමට දැනටමත් පියවර රැගෙන තිබෙන බව අපි දැක්කා. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් යන ඉඩම් නඩු එක පරම්පරාවකින්වත් අවසන් කරදෙන්න ඔබතුමාට හැකිවේවා! ඒ වගේම සාක්කිකාරයෝ මැරෙනතුරු ඇදෙමින් යන අපරාධ නඩුත් අවුරුදු දෙකක්වත් ඇතුළත අවසානයක් කරන්න හැකිනම් ඒකම ප්‍රමාණවත් වෙයි නීතිය ගැන මහජන විශ්වාසය තහවුරු වෙන්න. ඔබතුමාගේ උත්සාහයන් සියල්ලම සාර්ථක වේවා! (නි)

:       0       0

සමීර Wednesday, 16 October 2013 06:56 AM

ඔබතුමාගෙන් ඉතා කාරුණිකව අයැද සිටින්නේ හැකිනම් වයස අවු. 70 ඉක්මවූවන්ගේ සිවිල් නඩු පමණක්වත් ඉක්මනින් අසා අවසන් කිරීම පිණිස ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දෙන ලෙසයි. මක්නිසාද යත්, එසේ නොවුණහොත් ඔවුන්ට මෙම ජීවිත කාලය තුලදී සාධාරණයක් ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 16 October 2013 09:33 AM

ඔබතුමා ඇවිත් ගියාට පස්සේ වැදගත් නඩු ෆයිල් ගිනි ගනීද දන්නේ නැහැ. (ස)

:       0       0

තිසා Wednesday, 16 October 2013 02:02 AM

වැඩ ටික හොදට කරනවද බලන්න වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1513 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2018 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2515 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5736 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1800 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6393 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18306 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site