ගලේවෙල මොරගොල්ලාගම රොටවැව පදිංචි එම් ආර් පී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසේ ඩෙංගු මදුරුවාගේ හැඩ රුවට සමාන විශාල මදුරුවකු දුටු බව කියයි.
අගල් හතරක පමණ දිගැති මෙවැනි මදුරුවකු මීට පෙර දැක නැතැයිද ශාන්ත මහතා පැවසීය.
තමන් මෙම මදුරුවා පිළිබදව ගලේවෙල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලයයේ මදුරුකීට අංශයේ නිලධාරීන්ට දන්වා යැවුවද කිසිදු නිලධරයකු අද පස්වරු 2 පමණ වන විටත් නොපැමිණි බවද සදහන් කළේය.
මදුරුවා ආරක්ෂිතව සියනිවසේ තබා ඇති බවද ඔහු කියයි.
මෙම මදුරු විශේෂය ගැන ගලේවෙල මැලේරියා මර්ධන අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජා නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රමාණයෙන් විශාල මදුරුවන්ගෙන් රෝගයක් බෝවන බව පරීක්ෂණ වලින් හෙළි වී නොමැති නිසා තමන් එය පරීක්ෂා කිරීමට නොගිය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානියක් නැති සතෙක් මේ. (නි)
ආරියසේනගේ වත්ත පොඩ්ඩක් සුද්ද කරලා දැම්මොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද ....? (ස)
මේ සතා කූරෙක් නේද? (නි)
අපේ ගෙදරත් හිටියා මේ වගේම එකෙක් (නි)
මේ වගේ සත්තු ඕනෑතරම් අපේ වතුවල ඉන්නවා. (නි)
මෙහෙම යනකොට ඩයිනෝසෝරයොත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ (නි)
ඇත්තටම විද්‍යාත්මකව නම් දන්නේ නැහැ.මේ ලංකාවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සතෙක්. (නි)
දන්නා තරමින් නම් ක්‍රෙන් ෆ්ලයි අහිංසක සත්ව කොටසක්. කලබල වෙන්න දෙයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. (නි)
මල් පැණි බොන සතෙක්, බය වෙන්න දෙයක් නැහැ (නි)
මූ ලේ බොන එකෙක්ද? (නි)
මේ සත්තු ලංකාවේ ඕනෑතරම් ඉන්නවා ,ඔන්න ඕක අත අරින්න (නි)
මුන් තවත් ලොකු උනොත් ..(දිල්)
ලෙඩක් හැදුනේ නැතත් හතර පස් දෙනෙක් කෑවොත් ඇගේ ලේ ඔක්කොම ඉවර වේවි. (ස)
අපේ පැත්තෙත් උන් ඉන්නවා (නි)
ඔය වගේ මදුරුවෝ ලංකාවේ ඕන තරම් ඇති. (ස)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන දක්වන උනන්දුව ගැන නම් කියල වැඩක්ම නැහැ. (ස)
මෙවැනි මදුරුවන් අපි ඕන තරම් දැක තිබේ. (ස)
මෙවැනි මදුරුවන් අපි පොඩි කාලේ ඕනේ තරම් දැක තිබෙනවා. දැන් නම් මොවුන් වඳ වෙන්නම අඩු වෙලා වෙන්න ඇති. මීට කලින් මිනිස්සු දැකල නැත්තේ. (ස)
මේ සතා "ක්‍රෙන් ෆ්ලයි " යනුවෙන් හදුන්වන අතර "ඩෑඩී ලෝනේ ලෙග්ස් " කියන විශේෂයට අයත් මදුරුවෙක් වුවත් උගෙන් මිනිසාට කිසිම හානියක් නොමැති බැව් සමීක්ෂණ මගින් සදහන්ව ඇත (නි)
ඔන්චිලි මදුරුවෙක් වෙන්න ඇති.. (ස)
(ඩෑඩී ලෝන් ලෙග්ස් )කියන ස්පයිඩර් විශේෂයට අයත් සතෙක් හැටියටයි මම නම් දකින්නේ.වැහි දවසට අනන්තත් මේ සතා මගේ නිවසට විත් මා බොහෝවිට විනාශ කළා නොදැනුවත්කමින්. (නි)
පිට සක්වලකින් පැමිණි එකෙක්ද ? අඟල් 4 ක් මදුරුවෙක්ද නැති නම් වෙනත් කෘමියෙක්ද ? මදුරු වර්ගයේ (ස)