IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අංජු හිමායා වැද්දියකට අඳියි

20160328-ent-13

මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" ලෙස ඔබේ ආලින්දයට ගොඩ වදින අංජු හිමායා මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වී සිටින්නීය. මෙම සිනමා නිර්මාණයේදී අංජු "වැදි තරුණියක"ගේ චරිතයකට පණ පෙවීම විශේෂත්වයකි. මේ දිනවල එම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධව සිටින ඇය ඒ පිළිබඳව "සාරවිට" අපහට මෙලෙස පැවසිය.

"ගයාන් චානක මුහන්දිරම් විසින් අධ්‍යක්ෂණය කරන "සාම" චිත්‍රපටයේ තමයි මේ දවස්වල මම වැඩ කරන්නේ. පන්සිය පනස් ජාතක කතාවලින් එක් කතාංගයක් අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙහි ප්‍රධාන කාන්තා චරිතය තමයි මම නිරූපණය කරන්නේ. වැදි තරුණියකගේ චරිතයක් විදිහට මම රඟපාන චරිතය දිග හැරුණත් චිත්‍රපටයේ බොහෝ දර්ශනවල මම වැදි තරුණිය විදිහට නිරූපණය කරන්නෙ නැහැ. චිත්‍රපටය මැද භාගය වෙන කොට ඇය ධර්මය අවබෝධ කරගෙන සිල්වත් උපාසිකාවක් වෙනවා. ඇත්තටම, මේ චරිතය කරන්න මම ලොකු කැපවීමක් කළා. රූපගත කිරීම් කටයුතු සිදු කරන කාලෙදී මම මස් මාංසවලින් පවා තොර වුණා. ගොඩක්ම ඒ චරිතයට පේ වෙන්න ඕන නිසා. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු කළෙ නුවර, දීගන ප්‍රදේශ ආශ්‍රිත කැලෑ ප්‍රදේශවල තමයි රූපගත කිරීම් කළේ. ඒ ප්‍රදේශ තරමක් දුෂ්කර නිසා ඒක ලොකු අභියෝගයක් වුණා. මේ චිත්‍රපටයට එකතු වෙන්න කියලා මට කතා කළේ චිත්‍රපට නිෂ්පාදක උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. අපි කිහිප වරක් කලා කටයුතුවලදී එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. නමුත්, කුමන හෝ හේතුවක් මත ඒ අවස්ථා අහිමි වුණා. නමුත් "සාම" චිත්‍රපටය හරහා ඔහුත් මාත් එකට වැඩ කරනවා."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - අංජුගේ ෆේස්බුක් ගිණුමෙන්

 

20160328-ent-14
20160328-ent-15

 



අදහස් (0)

අංජු හිමායා වැද්දියකට අඳියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 230 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 540 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 398 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 311 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site