රුපියල් අටකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් ස්ප්‍රීතු ලීටර 74000ක් ඔරුගොඩවත්තේ කන්ටේනර අංගනයෙන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
තාර බව කියමින් ගෙන්වූ බැරල් 224ක් සොයා ගත් බවත්, එයින් ආණ්ඩුවට අහිමි වූ බදු රුපියල් එකළොස් කෝටිය ඉක්මවන බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අය දැන් දන්නවා මේවා කෙරෙන්නේ කොහොමද?කවුරුන් සදහාද යන්න. (නි)
කැටයම් චින්තක මරුම් කාපු වෙලාවේදී, එයාගේ ගේ ගිනි තියපු වෙලාවේදී වැහි වැහැලා අදහස් තිබුනා.ඒත් එතනෝල්? ෆොර්මලින් කන්ටේනර් ගණනින් ගෙන්වන අරවට අදහස් නැහැ.එතනෝල් කියන්නෙ "පිරිත් පැන්" කියලවත් කට්ටිය හිතන් ඉන්නවද දන්නෙ නැහැ. අදහස් ගොඩාක් නැත්තේ? (ස)
තාර ගෙන්වන්න වෙනම කට්ටියක් ඉන්නවා නේද?? ඔවුන් ගෙන් පිට තාර ගෙන්වීම තහනම් කරන්න. (ස)
ඔන්න මිනිසුනේ පුලුවන් නම් කියාපල්ලා ඕවා ගෙන්නපු එවුන්ටත් කැටයම් චින්තකට කරපු දේම කරන්න කියලා. හැබැයි එතකොට කවුද ඊලඟ ඡන්ද වලට වියදම් කරන්නේ. ඒකනේ ප්‍රශ්නේ. ඔන්න ඔහේ ඕකත් ඔය කුඩු කන්ටේනරේ වගේ ෂේප් කරල යවමු.(නදී)
අයිතිකාරයා හොයලා ඒ එතනෝල් බැරල් එකකට දාලා සීල් කරන්න ඕනෑ (නි)
සැම මාසයකට වරක්ම තොගපිටින් එතනෝල් අරගෙන එනවා වගෙයි කවුරුහරි (නි)
යුද්ධයේ ජයග්‍රහණය බෙදාගෙන්න වළි කෑවා මිස "මෝරුන්" රිංගා යන දැල් හිල් වහන්න උනන්දු නොවීමේ ප්‍රතිපලයක් වශයෙන් නීති විරෝධී ආනයන දිගටම කෙරෙනවා. මේවාවෙන් ලාභ ලබන දේශපාලුවන් ද තවම නිදැල්ලේ තමන්ගේ ජාවාරම් කරගෙන යනවා. ඕවා නැති කරන්න නම් සමස්ත පාලන තන්ත්‍රයම (විප්ලවයෙන් නොවේ) උඩුකුරු යටිකුරු කළ යුතුයි. (නි)
දන්සැල් දෙන්න ගෙනපුවද කොහෙද?? රේගුවේ මහත්වරුනි,ප්‍රවේශමෙන්! (නි)
ප්‍රවේශම් වෙන්න... (නි)
මීට පෙර ඔය වගේම අල්ලපු ඒවටයි ඒවා ගෙන්නපු අයටයි මොකද වුණේ? (නි)
ඕවා කොපමණ ගෙනාවත් මදි. ඕවට විරුද්දව කතා කරලා ටික දවසකින් ඕවාම බොනවා වෙන නමකින්. අපේ ලාංකිකයන් . ඉල්ලීමේ හැටියට සපයන්න ගෙනෙන ඒවා මේ. ඇල්ලුවේ එතනෝල් බොන්නේ ඕවා අති විශේෂ අරක්කු කියලා.(නදී)
බලහල්ල කොල්ලෝ, මාතලේ බුවෙක් ඕක පිටිපස්සේ ඉන්නවද කියලා. මොකද ඒ කෙනා මට සුවර් නැහැ.(නදී)
අර කලින් කුඩු කිලෝ 100 ට මොකද වුණේ? (නි)
දැන් කාලේ දෙවියන්ට පංගුව දෙන්නේ නැතුව මේ වගේ බඩු ගෙන්නිල්ල බොරු .පංගුව ගිය ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි ..(දිල්)
අපි ඉන්නේ හරිම ආඩම්බර රටක ,බලන්න ඔය එතනෝල් බැරල් මාතලේට හරි කුරුනේගලට හරි සම්බන්ද පොලිටික්කෙක් අරගෙන යන්න හදනවද කියල ,තිත්ත උනත් ඇත්ත.(නදී)
කලින් අල්ලාගත් ඒවා ගැන ප්‍රශ්න කරලා කට්ටිය සුදු වෑන් වල යන්න සුදුසුකම් සපුරනවා වගෙයි..(නදී)
මේවට අයිතිකාරයෙක් නැහැ මෙන්ඩිස්, මේවා දෙවියෝ එවන්නේ..(නදී)
ඇත්තටම ඉස්සරලා අල්ලගත්ත ඒවාට මොකද උනේ. .(නදී)
වෙන කවුද ඉතින් ? බන්දුල පෙරේරාගෙන් ඇහුවා නම් හරියටම දැනගන්න තිබුනා .(නදී)
මේ වගේ අයිතිකාරයා කවුද? (ස)
මේ අත්අඩංගුවට ගන්න එතනෝල්, කුඩු කන්ටේනර් වලට ඉන් පස්සේ වෙන්නේ මොනවද කියලත් සොයා බලනවා නම් ගොඩක් වටිනවා. එක පාරකුත් එතනෝල් කන්ටේනරයක් අල්ලගත්ත නේද? (ස)
මේකටත් ගිය වර සිදුවුණා දෙයම වෙයි. ඕවා ඇල්ලුවට වෙඩක් නැහැ පසුව සිදුවෙන දේවල් ගෙන විස්තර නොමැතිව (ස)