සීදූව කොටුගොඩ පාරේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ බව කියන කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 257658ක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අද (5) සොයාගෙන ඇත.
මෙහි වටිනාකම රුපියල් කෝටි අට ඉක්මවන බව ද අධිකාරිය පවසයි.
කිරිපිටි හිඟයක් මවා පා මිල වැඩිකර ගැනීම සඳහා මෙම කිරිපිටි තොගය සඟවා තබා ඇතැයි අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කිව්වා නම් අද මේ ප්‍රශ්න නැහැනේ. මිනිස්සු කිරිපිටි වෙනුවට ආදේශක හොයගනීවි.වැඩි ගණන් දීලා වහ බොනවා. (නි)
නම මොකක්ද? අපි ඒවා ඒ අයටම බොන්න දෙමු (නි)
මේ අර වැලිසර ෆැක්ටරියේ හදන දේශීය කියන කිරිපිටි නේද ? අයිතිකාරයත් දේශීය නේ. දැන් බලද්දී රට ඇතුලේ තියෙන්නේ ජාත්‍යන්තරය බිල්ලට දීල කරන දේශීය කුමන්ත්‍රණ නේ. (නදී)
මහ ජනතාවට කිරි එළදෙනුන් අනිනවා. සී ඩී සී වල පළිය ගන්නවා .(නදී)
අපිට ආරංචි හැටියට නම් දේශීය කිරිපිටි සුපිරි වෙළද සැල් වල අළෙවි නොකර හංගාගෙන ඉන්නවාලු. ඩී සී ඩී කිරිපිටි කට්ටිය තමයි මේ වැඩේ යට ඉන්නේ. සුපිරි වෙළද සැල් වලින් අදුනන අයට පමණක් හොරෙන් දේශීය කිරිපිටි විකුණනවා මට අතටම අහුවෙලා තියෙනවා. (නි)
මට පුදුම ආසාවක් තියෙන්නේ පහුගිය කාලේ වීරයෝ වගේ දේශපාලුවන්ගේ අතකොලු කිරි කොම්පැනි වහන්න කියලා ගිරිය පලාගෙන කෑගහපු හෙන්චයියන්ට මොකද වුණේ කියලා දැනගන්න. (නි)
ඇයි හැමෝම එල කිරි ගැන හිතන්නේ. සෝයා කිරි බොන්න පුරුදු වෙන්න. එල කිරි වගේ සෙම හැදෙන්නෙත් නෑ . පෝෂණ ගුණයත් ඉහලයි. පිළිකා නැසීමේ හැකියාවත් තියෙනවා. අනික රසේ වෙනසකුත් නෑ . ගෙදරදීම අඩු වියදමකින් සෝයා කිරි හදාගන විදිය මෙතන තියෙනවා. දවස් කීපයක් ශීතකරණයේ තියාගන්න පුළුවනි. http://www.instructables.com/id/How-to-Make-Homemade-Soy-Milk/ (ස)
මොවුන්ට රජ කාලේ දඩුවම් දිය යුතුයි. (ස)