IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස) 

ලෝකයේ අටවෙනි පුදුමය ලෙස හඳුන්වනු ලබන සීගිරියේ ගල සහ පිදුරංගල ගල පෙනෙන මානයේ සීගිරිය අභයභූමියට මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජය සතු මහා වනාන්තරය හෙළි පෙහෙළි කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක් මේ දිනවල ජයටම සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වසර ගණනාවක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වුවද යම් මට්ටමකින් එය නැවතී තිබුණ ද යළිත් ඒ ආකාරයටම සීගිරි පව්ව මෙන්ම පිදුරංගල ගල පෙනෙන මානයේ අධිරක්ෂිතයේ වන සතුන්ට සිටින භූමි මේ ආකාරයෙන්ම දිනපතා අත් පත් කර ගැනීම ගහකොළ වැල් සම්පූර්ණයෙන්ම කපා බිම දමා ඒවායේ කුඩා පොල් පැළ සිටුවා වගා කොට ඔවුන් සතු කර ගැනීම ජයටම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.

මෙම ජාවාරම සිදුවන ප්‍රදේශවලට කිසිම අයකුට ඇතුල්වීමට නොහැකි වන පරිදි විවිධ තැරැව්කරුවන් අතරමග යොදා මෙම ක්‍රියාවලිය සිදු වේ.

ප්‍රදේශවාසීන් ද මෙම ජාවාරම්කරුවන්ට දැඩි භීතියක් දක්වනු ලබන්නේ ඊට විරුද්ධව කතා කළහොත් ඔවුන්ගෙන් විවිධ හිරිහැරවලට ලක් වන නිසාවෙන් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටින්නේ මෙම මහා පරිමාණ පරිසර විනාශය ඉඩම් අත්පත් කර ගැනීම ගහකොළ කපා දැමීම සංචාරක එසේ අල්ලා ගත් ඉඩකඩම් හෝටල්වලට විකුණන බවයි

මේ හේතුවෙන් ඒවායේ සිටි වන සතුන් වන අලින් ගම් වැදී තම ජීවිතවලට තර්ජනය එල්ල කරන බව ඔවුහු චෝදනා කරති.

 



අදහස් (0)

අටවෙනි පුදුමය අවට වනාන්තර කැලෑ පළුවෝ අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම්
2025 ජනවාරි මස 18 232 0

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්


ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි
2025 ජනවාරි මස 18 153 0

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන්


වතු නිවාස පේළියක ගින්නක්
2025 ජනවාරි මස 18 39 0

මස්කෙළිය, මාවුස්සාකැලේ තේ වතුයායේ, 05 වන කොටසේ වතු කම්කරු නිවාස පේළියක ඊයේ (17) දා රාත්‍රී 11.45 ට පමණ හටගත් හදිසි ගින්නකින් නිවාස 08 ක් දැවී විනාශයට පත්ව ඇති බව


දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි
2025 ජනවාරි මස 18 164 0

දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්


පළාත් කිපයකට අද වැස්ස වැඩි වේ
2025 ජනවාරි මස 18 191 0

උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මස්කෙළියේ වතු පෙළක ගින්නක්
2025 ජනවාරි මස 18 122 0

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 333 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site