IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අඩි 41ට අඩු බෝට්ටු සෑදීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්

අඩි 41 කට අඩු කුඩා බෝට්ටු නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නැයි ධීවර   අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව අඩි 41 කට අඩු කුඩා බෝට්ටු බෝට්ටු නිෂ්පාදනය කළ ද ඒවාට අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් නොකෙරෙණු ඇත.

එවැනි කුඩා බෝට්ටු ප්‍රමිතියෙන් තොර බවට ධීවරයන්ගෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.

කුඩා බෝට්ටුවලට යොදා ගන්නේ   අලුත්වැඩියා කරන ලද පැරණි එන්ජින් යැයි ද, බෝට්ටු භාවිත කළ හැකි කාල සීමාව ඉතා සීමිත යැයි ද ධීවරයෝ චෝදනා කරති.

 අඩි 41 කට අඩු කුඩා බෝට්ටු එක්දින යාත්‍රා ගණයට වැටෙන අතර මෙම බෝට්ටුවලින් මසුන් මැරීමට ගොස්  බෝට්ටු මුහුද මැද අබලන් වූ පසු එම බෝට්ටුවල සිටින ධීවරයන් බේරා ගැනීමට යන පිරිවැය දැරීමට සිදුවන්නේ ද ධීවරට අමාත්‍යාංශට බව අමාත්‍යවරයා පැවැසීය.

මෙවැනි බෝට්ටුවලින් මාළු ඇල්ලීමට යා හැක්කේ නාවුක සැතපුම් 20ක සීමාවක පමණක් බවත් එම බෝට්ටුවලට ජාත්‍යන්තර මුහුදට යා නොහැකි නිසා අල්ලාගත හැකි මාළු ප්‍රමාණය ඉතා සීමිත බවත් ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (0)

අඩි 41ට අඩු බෝට්ටු සෑදීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්

ද සිල්වා බෙර්ලින් Thursday, 07 July 2016 02:45 AM

ඔය වැඩෙන් වෙන්නේ ධිවර කර්මාන්තය තවදුරටත් ලොකු මුදලාලිලාගේ අණසකට යටත් වෙන එක. සාමාන්‍ය ධීවරයෙක් කුඩා බෝටුවක් අරන් රස්සාව කරන එක නතර වෙනවා (නි)

:       0       0

රෝෂන් Thursday, 07 July 2016 04:20 AM

මෙහි සැබෑ අරමුණ මෙය නොවිය හැක. උතුරේ ධීවරයාට බහුදින යාත්‍රා අවශ්‍ය නොවේ. ඔවුන්ගේ කලාපය නාවික සැතපුම් 20කට වැඩි නොවේ. ඔවුන් ජාත්‍යන්තර මුහුදට පිවිසුනොත් ඉන්දියානු ධීවරයාට උතුරට පැමිණීමේදී ඇතිවන ගැටළු අඩුවනු ඇත. පාරිභෝගිකයාට නැවුම් මාළු ලබාගැනීමට ඇති අවස්ථාව නැතිවනු ඇත. මෙය සමස්ත ශ්‍රී ලාංකික ධීවරයාට හා පාරිභෝගිකයාට අවාසිසහගත තීරණයක්දැයි සිතේ. (බ)

:       0       0

හේවා Thursday, 07 July 2016 04:59 AM

ඉන්දියාවේ බලපෑමක් මත (බ)

:       0       0

නිහාල් Thursday, 07 July 2016 05:00 AM

දුප්පත් ධීවරයන්ට ලොකු බෝට්ටු ගැනීමට මුදල් නොමැත. මුහුද මැද අබලන් වුන බෝට්ටු ධීවර අමාත්‍යංශයෙන් බේරාගත් බව කිසිම දිනක අසා නොමැත. අනෙක මේ ඇමතිගේ උත්සාහය පිටරටින් මාළු ගෙන්වීම දිගටම කරගෙන යාමටයි .රොෂාන් ඔබ හරි (බ)

:       0       0

ජයරත්න Thursday, 07 July 2016 05:33 AM

කුඩා බෝට්ටු නිපදවීම නතර කිරීම වෙනුවට ප්‍රමිතියෙන් යුත් කුඩා බෝට්ටු නිපදවීමට කටයුතු කිරීමයි කළ යුත්තේ. එවිට පාරිභෝගිකයාට නැවුම් මාලු ලබාගැනීමටත් ධීවරයාට දැරිය හැකි මිලකට බෝට්ටුවක් ලබාගැනීමටත් හැකිවේවි. (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 07 July 2016 07:10 AM

ධීවරයන් පිටරට පාවිච්චි කරනලද එන්ජින් ගෙනාවත් ඒවා කිසිම වගවිභාගයක් නොමැතිව කෙළින්ම බෝට්ටු වලට සවි නොකරති. මුලින්ම තමන්ට විශ්වාසවන්ත කාර්මිකයකු යොදා එහි කොටස් ගළවා ගෙවීගිය කොටස් ඉවත්කර අඩුපාඩු සකසා නැවත 'ෆිට්' කරනු ලැබේ. ලංකාවේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ කුඩා ධිවර වරායන්ය. ඒවාට මේ විශාල ප්‍රමාණයේ බෝට්ටු ඇතුළත් කළනොහැක. ඒවායේ සමහර තැන් ගැඹුර අඩු නිසා බෝට්ටු පතුල යට වැදීම සිදුවේ. (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Thursday, 07 July 2016 08:45 AM

පොඩි මිනිහට සන්තානම් මෑණියන්ගේ පිහිටයි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 07 July 2016 09:17 AM

මුහුදේ මසුන් මැරීමට බෝට්ටු හදන්නේ ඒ අවශ්‍යතාවයට අනුව මිසක, ඇමතිට ඕනා ආකාරයට නොවේ. (බ)

:       0       0

විපුල Thursday, 07 July 2016 09:27 AM

ඇමතිතුමනි ලංකාවේ ජනයා ගැන හිතන්න . ඔබට ඡන්දෙ දෙන්න ඉන්නේ ඔවුන් . මෙය නැවත වනවානම් එයට පිලියමක් යොදන්න. ඔබගේ මේ අදහස ව්‍යාකූලයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 127 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 293 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1085 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 212 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 963 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site