ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තමුල්ල නෙළුම් මාවතේ මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයයේ දී කේක් කපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය අද (02) සැමරූහ.
ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු මෙහි වෙති.
ඒනාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ තැන්හි දැක්වූ අදහස් අනූව එහි කිසිඳු අයෙක් ශ්‍රීලනිප සංවත්සරයට නොයන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද මැලේසියා සංචාරය මාර්ගයෙන් සංවත්සරය මග හැරීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ වෙනුවෙන් පක්ෂය පාවාදුන් මිනිස්සු නොවේ මේ ඉන්නේ (නි)
රුපියල් 2500 කෙනත් ඔය අපූරුවට විරිත්තාගෙන ඉන්නේ... (නි)
දැන් කේක්. ඉදිරියේදී පස්..... (නි)
අපෝ මේ හය හත් දෙනාද? (නි)
පක්ෂ බදාගෙන දඟලන කට්ටියකුත් අදහස් දාලා තියෙන්නේ. (නි)
මහින්ද මැතිතුමන්ගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෝ, කූඩැල්ලෝ, කිනිතුල්ලෝ ටික මෙතනට හොට නොදාපු එක ලොකු දෙයක්. (නි)
දුකත් හිතෙනවා. එක් කෙනෙක් නම් බයවෙලා වගේ ඉන්නේ (නි)
අපිට මෙහේ පාන් කන්නවත් සල්ලි නැහැ (නි)
අනේ මෙහෙම විකාර වැඩ! මෙතන ලංකාවේ ඉන්න හොඳම කපටි හොරෙකුත් ඉන්නවා නේද? (නි)
ඔය කේක් එක පුන්නක්කු වලින්ද දන්නෙ නැහැ හදලා තියෙන්නේ? (නි)
අනේ මෙහෙමත් විකාර! (නි)
මහින්ද ඇතුළු දරු කැල විතරක් මදි. මහින්ද ඇතුළු දරු කැල සහ සහෝදරයෝ කියා කේක් එකේ දැම්මා නම් තමයි හොඳ (නි)
මේවට ගොඩක්ම කතා කරන්නෙයි, උනන්දු වෙන්නෙයි ආණ්ඩු පක්ෂයේ අය. යුඇන්පිය ශ්‍රීලනිපයට තියෙන ආදරයක මහිම!!! (නි)
මහින්දව අනාථකරපු දේශපාලකයෝ ගැන නම් රටටම ලැජ්ජයි. (නි)
දේශපාලන නරාවළේ දුටු තවත් එක නාටකයක් මේ. සත්‍ය ලෙසම සෘජු පුරුෂයෙක් රට කරවන අපේ ඒ සිහිනය කවදා සැබෑවෙයිද? (නි)
කකුලෙන් අදින අය මෙතන නැහැනේ (නි)
සංවත්සරය විතරක් නම් බැරියෑ. 2009 යුද්ධයේදිත් සමහරු රට පැන්නා මතකයි. (නි)
හිටපු කෙනාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එපා නම්, බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට පිටුපා කේක් පාටි දමනවා නම්, රට යනවා නම් ඔක්කොම දොට්ට දමා පක්ෂය පිරිසිදු කිරීම පක්ෂ නායකයාගේ වගකීමක් බව නොකියා බැහැ.... (නි)
මේක හරියට දික්කසාද කළ බිරිඳකගේ උපන්දිනය සමරනවා වගේ වැඩක් (නි)
කිරිබත් කන්නේ නැතුව සුද්දා හදපු කේක් එක කාලා සුද්දට දොස් කිය කියා ජිනීවා යන ගෝලයෝ ටික. (නි)
මේ වගේ අය එනපාරත් පාර්ලිමේන්තුවට කොහොමහරි යවන්න අපේ සමහරක් ලෑස්තිවෙලා වගේ. රටට මොනවා වුණත් කමක් නැහැ, ඔවුන්ට ඕනෑ තම බඩ ගැන විතරක් හිතන්න. මෙතන ඉන්න එක්තරා උගතෙක් නේද කිව්වේ රුපියල් 2500කින් මාසයක් කන්න පුළුවන් කියලා? මේ වගේ අයට ඡන්දය දෙන අයට ගහන්න ඕනෑ මඩු වලිගෙන් (නි)
ජනතාවගේ වටිනා ඡන්දය පාවානොදීම ගැන සතුටුයි. (නි)
තව ටික දවසකින් කන්න වෙන්නේ කේක් නෙමෙයි (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුළු ශ්‍රී ලංකාවම මහින්දගේ සහ පවුලේ බූදලයක් කියලා. අනේ මෙහෙමත් මිනිස්සු! මොවුන්ට අබ සරණයි! (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද හොරකම් කරලා, පක්ෂයට වැඩකරපු අය නැතිකරලා අා මේ අයට හොඳම දඬුවම ලැබිලා. තව දවස් කීපයක් යනකොට මේ දෙතුන් දෙනාටත් යන එන මං නැතිවෙයි (නි)
ලජ්ජා නැතුව සිනාවෙවි කේක් කන හැටි? මේගොල්ලන්ගේ එදා කෙරුවාව නිසා අද සිංහලයා වැනසෙනවා. සිංහල රට කොටි හිතවතුන්ගේ සුරපුරයක් බවට පත්වෙලා. අද මේ රටට, සිංහලයට, බොදු අයිතියට වන විනාශයට මේගොල්ලොත් වගකියන්න ඕනෑ. (නි)
අනේ වාසනාවන්! ජයවේවා! (නි)
අනේ මේ වගේ මිනිස්සු. හරිනම් කේක් කපන්න ඕනෑ යූඑන්පි එකයි. මොකද මේකෙන් දිනන්නෙ ඒ අය හින්දා. බල තණ්හාවට කාටත් මේ වගේ දේවල් පෙනෙන්නෙ නැහැ. (නි)
ආරංචියක් තියනවා තවත් කට්ටියක් පිරිත් කියනවා කියලා. මගේ හිතේ සෙත් පතන්න වෙන්න ඇති නේද. (නි)
කාගෙවත් පුද්ගලික බුදලයක් නොවෙයි මෙය. යහපත් ජනතාවගේ බුදලයක්. ඕනෑ නම් හිතේ කහටක් නැත්නම් ඔයගොල්ලොත් ඕනෑ තැනක ඉඳලා එය සමරන්න. ඔය පිටරටවල ඉන්න අය ලංකාවට එනකොට යනකොට ඒ කාලේ විඳපු කරදර අමතකවෙලා තමයි ඔය කතා කියන්නේ. (නි)
රාජාලියාව මතක් වෙනවා මේ ගොල්ලන්ව දැක්කම.(රේ)
කන්න, කන්න, අද කේක් කෑවට හෙට අනිද්දට වහ තමා කන්න වෙන්නේ (නි)
මේක එයාලටම විසඳාගන්න දීල යුඑන්පිය පැත්තකට වුණා නම් හොඳයි. (නි)
කොන්දක් තියෙන උන් ටිකක් ලංකාවේ ඉන්නවා වගේ (බ)
පක්ෂයේ සැබෑ අයිතිකරුවන්ගෙන් සුපිරි වැඩක්..! සුබ පැතුම්..!!! (බ)
මෙයාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමච්චලේට ලක් කරනවා, ඔහොම යමු බලමු මොකද වෙන්නේ කියල, මේ අයට, රටට මොනවා වුනත් කමක් නැ, කොහොම වුනත් මෙතන ශ්‍රී ලංකා කාරයෝ නැ, (බ)
පැහැදිලිවම දේශාපලන අනාථයෝ ටිකක් කේක් නෙවෙයි ඉස්සරහට මොනවා කන්න වෙයිද දන්නෑ (බ)
කන්න දීපු ‘අත‘ හපාකන කට්ටිය... මෙයාලා පක්ෂෙ කෑවෙත් කේක් කන විදියටමයි..(බ)
ඇත්ත හෙළි කරයි . මහින්ද ඇතුළු අය කියල තියෙන්නේ . මහින්ද දැනටමත් දරුවනට ඒ කියන ශ්‍රී ල නි ප දීල ඉවරයි මේගොල්ල කේක් කනවා . වෙලා තියන දේ දන්නේ නැතිව (බ)
පක්ෂය පාවාදුන්නේ කවුද කියලා හැමෝම දන්නවා, නොදන්නවා වගේ හිටියට (නි)
අනුන්ගේ පක්ෂ කඩනවිට එය පළදෙන බව දැන දැන වුවත් එකල නිශ්ශබ්දව සිටියාට මේ පළදෙන සැටිය (නි)
මේවා දේශපාලන නාටක (නි)
අපිට ඉතින් කොහෙද කේක්? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයක් සමරන්නේ මොකටද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)
සත්‍යය කතා කරන්න ඉන්නේ මේ අය පමණයි. මේ අයත් කල්ලියට එකතු වුණොත් රටට වෙන විපත්තිය අසීමිතයි. සිංහලයා මෙය තේරුම් ගතයුතුයි. (නි)
රජින්ද, ඔයා කියන විදියට මේ අය පක්ෂයෙ සැබෑ අයිතිකාරයො වෙන්නෙ කොහොමද? (නි)
මෙන්න නියම දේශපාලන සරණාගතයෝ ...... (ම)
මේ ගොල්ලෝ අතේ කට්ටිය නොවෙයි, අනාථ කට්ටිය (නි)
මෙයාලා හිතනවා ඇති දිනුවා කියලා (ම)
මේ කිහිප දෙනාට එකතුවෙලා ආණ්ඩු පෙරළන්න පුලුවන්ද? තව අවුරුදු 5 ක් යනකොට මේ කට්ටිය කොහේ ඉඳීද දන්නේ නැහැ. කේක් කෑවට නම් කමක් නැහැ, පක්ෂය කන්නේ නැතුව. මැලේසියා ගියා නම් මැලේසියානු කේක් එකක්ම කපලා කන්න තිබුණා (නි)
එයාලා මොනවා කෑවත් අපි කන්නේ පොළොවේ පස්නේ (නි)
තමන්ගේම නායකයන් කරන වැරදි, මුදල් පසුපස යාම නිවැරදි කරගන්න කටයුතු කළා නම් අද කිරි පැණි කන්න තිබුනා (නි)
අයියෝ! ඔක්කොම ඔච්චරද ඉන්නේ? (නි)
බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අද ජීවතුන් අතර හිටියා නම් මෙයාලා වගේ උදවියට ගෙදර පැත්තටවත් එන්න දේවිද කියලා මට හිතුනා (නි)
තීරණය මහජනතාවට බාරයි! (නි)
ඒ මිනිස්සු කේක් නොවෙයි ඕනෑ දෙයක් කාපුදෙන්. අනිත් මිනිස්සු මොකද මේ කුලප්පුවෙලා. (නි)
ඔය පක්ෂය නැතිතරමට අපි කැමතියි (නි)
ඔයාලා කාලා බීලා සතුටින් ඉන්නකෝ (නි)
එයාලා නම් ඉතින් හැමදාම කනවානේ කේක් (නි)
මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනාගතය දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතේ කියලා. පක්ෂයේ විනාශයට මේ ඉන්න සහ නොඉන්න ඔක්කොම අය වගකියන්න ඕනෑ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දේශපාලන අනාථයෝ ටිකක්! (නි)
දැන් කට්ටිය 10ට අඩුවෙන්න බැහැලා (නි)
මෙයාලට කේක්, රටේ ජනතාවට පාන්වත් නැහැ. මෙයාල යටිමඩි ගහපු ධන සම්බාරය නැවත ජනසතු කළොත් ජනතාවට පාන් හරි කන්න දෙන්න පුළුවන් (නි)