IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘අත දුන් සඟරාවට පලා බෙදලා‘

අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්නපත්‍රයකින් රුපියල් දහස ගණනේ මුදල් අය කර  ලබා දුන් උපකාරක පන්ති ගුරුවරයා විභාගය ආරම්භ වීමට පෙර දින පළ කළ ප්‍රසිද්ධ සඟරාක ඔහු නමින් පළවූ අනුමාන ප්‍රශ්න පත්‍රය අතර ලොකු වෙනසක් ඇතැයි ද, පන්තියට දුන් ප්‍රශ්න දහ අටෙන් එකක්වත් එහි නැති බව ද ගුරු සංගම් කියයි. මේ ගුරුවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන නගර කිහිපයකම උපකාරක පන්ති කරන බව කියති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ එම ගුරුවරයා සාමාන්‍යක පෙළ ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ලබා දුන්නේ සිය අත්දැකීමෙන් අනුමාන කර නම් 10 වැනිදා පළ කළ සඟරාවේ එම අනුමාන ප්‍රශ්න 18 නොතිබීම ගැටලුවක් බවයි. මේ අතර විභාග මධ්‍ය ස්ථානයක් පැවති රාගම පාසලක විදුහල්පතිවරයකු සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයට පෙර දින සවස එම විද්‍යාලයට සිසුන් පිරිසක් ගෙන්වා උගන්වා ඇති බවත්, ඒ සඳහා එම විද්‍යාලයේ  සිසුන්ට අමතරව වෙනත් විද්‍යාලවල සිසුන් ද සහභාගී වී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ ගැන විදුහල්පතිවරයාගෙන් ලංකාදීප කළ විමසීමකදී පැවසුවේ වසර 30ක පමණ අත්දැකීමක් ඇති තමා එලෙස විෂය කරුණු සාකච්ඡා කළත් අනුමාන ප්‍රශ්න සාකච්ඡා නොකළ බවයි.  ගුරු සංගම් කියනුයේ  විභාග මධ්‍යස්ථානයක එලෙස කටයුතු කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි. සාමාන්‍ය  පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ ප්‍රශ්න  කිහිපයක් විභාගයට පෙර උපකාරක පන්තියක උගන්වා ඇතැයි ද, මීගමුවේ උපකාරක පන්තියක ද එවැනි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කර ඇතැයි ද කියති. මෙවැනි ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ කල්මැරීමේ පිළිවෙත ගැන විවේචනය කරන ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුනේ නැතැයි කීමට අධ්‍යාපන ඇමතිවරයා සහ විභාග කොමසාරිස්වරයා උත්සුක වුවත් මේ සිද්ධිය ගැන ඔවුන් පසුගාමී පිළිවෙතක් අනුගමනය කරන බවයි. විභාගය ලියමින් සිටියදී උත්තරයක් දෙකක් කොපි කළ සිසුවකුට දීර්ඝ කාලයකට විභාග තහනම් කිරීමට දෙන ප්‍රමුඛත්වයවත් ජාතික වැදගත්කමකින් යුතු විභාගයක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කොපිකර විභාගයට පෙර ලබා දීම සෙවීමට නොදක්වන බව ද ගුරු සංගම් නියෝජිතයෝ පවසති. ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට දිගින් දිගටම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් තිස්සේ දිගින් දිගටම උත්සාහ කළත් එය අසාර්ථක විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි. මේ වන විට 25කටත් අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඒ මහතා කීවේය.



අදහස් (0)

‘අත දුන් සඟරාවට පලා බෙදලා‘

පෙරුමාල් Saturday, 22 December 2012 05:51 PM

මෙහෙම ගියොත් මැතිවරණ ප්‍රතිපලත් කලින් පිට වෙයි.(නු)

:       0       0

උපුල් Saturday, 22 December 2012 07:57 AM

පරණ දේවල් අමක කරලා දැන්වත් හෙට තියෙන වැඩ ගැන සැළසුම් කරමුද ? ගුරුවරු කියන්නේ හොරු නොවෙයි. ඒ අයට අයට අනුමාන ප්‍රශ්න හදන්න පුළුවන්. (ස)

:       0       0

මුණසිංහ Saturday, 22 December 2012 08:14 AM

මේ හැම දෙයකින්ම තැලෙන්නේ ලංකාවේ අසරණ ළමයි (දී )

:       0       0

ජගත් ලියනගේ Saturday, 22 December 2012 08:40 AM

අධ්‍යාපන ඇමතිතුමයි උසස් අධ්‍යාපන ඇමතිතුමයි හුගාක් හොදයි.(නු)

:       0       0

නිහාල් Saturday, 22 December 2012 08:40 AM

හරියට උගන්නනව නම් ටියුෂන් මොනව කරන්නද? ගුරුවරුන්ට උගන්නන්න දෙන්නෙ නැත්තෙත් කවුද කියලා ඔයාලම දන්නවනේ (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 22 December 2012 08:49 AM

"උපුල් පරණ දේවල් අමක කරලා දැන්වත් හෙට තියෙන වැඩ ගැන සැළසුම් කරමුද ? ගුරුවරු කියන්නේ හොරු නොවෙයි. ඒ අයට අයට අනුමාන ප්‍රශ්න හදන්න පුළුවන්" දක්ෂ සිසුන් දෙන්නෙකුටත් එකම ප්‍රශ්නයට එකම උත්තරය දෙන්න පුළුවන්, එත් කොපිකරලා ලියපු උත්තරයක් අඳුනාගන්න දන්නා කෙනෙකුට බැරිද? (ස)

:       0       0

දමිත් Sunday, 23 December 2012 01:30 PM

නියමයි අයෙමත් O/L ලියන්න තිබුණානම් (ස)

:       0       0

තිසේරා Saturday, 22 December 2012 09:22 AM

එ කියන්නෙ උගන්වන්න ඕනැ ප්‍රශ්න පත්‍රයට නොඑන එවා විතරද? ඉලක්ක ප්‍රශ්ණ හදන්න බැරිනම් ගුරුවරයෙක් වෙන්බැහැ. නමුත් විද්‍යාව ප්‍රශ්න පත්‍රය නම් එයා හදපු එකක් කියනව නම් ඒක විහිළුවක් කියලයි මට හිතෙන්නේ (ස)

:       0       0

අජිත් Saturday, 22 December 2012 06:56 PM

මේවා පාලනයේ දුර්වලතාවය නිසා සිදුවන දේවල්. (නි)

:       0       0

ප්‍රෙඩී ජයලත් Saturday, 22 December 2012 07:53 PM

බලධාරීන්ගේ නොහැකියාව තමයි..!(නු)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 22 December 2012 11:32 AM

පරිනත ගුරුවරයෙකුට ඕනෙම විශයකට ගැලපෙන ප්‍රශ්න පත්‍රයක් හැදීමේ හැකියාව 40% පමණ වේ (ස)

:       0       0

නිමල් Saturday, 22 December 2012 12:15 PM

අනුමාන ප්‍රශ්ණවල විෂය කරුණු විතරක් සමාන නම් ඔහු හොරකම් කළා කියන්න අමාරුයි. ඒත් රූප සටහන්, වරණ , වචන පිළිවෙල සමාන වෙන්නෙ කොහොම ද? කොතනකවත් හොරුන්ට සහය දෙන්න ඒපා. (ස)

:       0       0

නිමල් Saturday, 22 December 2012 12:34 PM

මට තියෙන ප්‍රශ්ණය කෙනෙකුට අනුමාන කරන්න පුලුවන් විදහට ඒකම රටාවකට ප්‍රශ්ණ හදන්න විභාල දෙපාර්තුමේන්තුවක් ඕන ද? ඊලග විභාගයට ඒන ප්‍රශ්ණ අනුමාන කළ හැකිනම් ඒක විභාගයක් ද?(නු)

:       0       0

නිමල් Saturday, 22 December 2012 12:29 PM

මට තියෙන ප්‍රශ්ණය කෙනෙකුට අනුමාන කරන්න පුලුවන් විදහට ඒකම රටාවකට ප්‍රශ්ණ හදන්න පුළුවන්ද ඊලග විභාගයට ඒන ප්‍රශ්ණ අනුමාන කළ හැකිනම් ඒක විභාගයක් ද? (ස)

:       0       0

තිසල් Saturday, 22 December 2012 01:12 PM

ඉන්ද්‍රජිත්ගේ, හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)

:       0       0

අගම්පොඩි Saturday, 22 December 2012 01:18 PM

සුදුස්සාට සුදුසු තැන ලබා නොදීමේ විපාක.. මමත් අවුරුදු දහයක් විභාග දෙපාර්තමේන්තුවෙ වැඩ කළ කෙනෙක්..!(නු)

:       0       0

මහේෂ් Saturday, 22 December 2012 01:54 PM

මේක ගුරුවරුන්ගෙ වරදක් නොවේ. නමුත් රටේ තියෙන අවිදිමත් බවයි පේන්නේ . කිසිම වැඩක් ක්‍රමානුකූලව නොකෙරෙන බව තමයි මෙවැනි දේවල් වලින් පෙන්නුම් කරන්නෙ. (ස)

:       0       0

ජී. ශිරානි Friday, 21 December 2012 07:35 PM

මෙගොල්ලො ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර පිටවුනා කියල ඝෝෂා කරලා නේ. සාමාන්‍යපෙල ඇත්තටම පිටවෙලානේ ඒකට කෑගහනව. ඔය අපි කෑගහල තමයි පරීක්ෂණ කලේ කියන්න. (නු)

:       0       0

සඳුනි Saturday, 22 December 2012 02:30 PM

වහාම වැරදි කරුවා සොයා දඩුවම් දෙන්න (ස)

:       0       0

ආනන්ද ආර් Friday, 21 December 2012 07:42 PM

උසස් ‍‍‍‍‍පෙළ ශිෂ්‍යත්වය සාමාන්‍යලෙ ඔක්‍කොම හරි කාට කියන්නද?(නු)

:       0       0

කෙවින් Friday, 21 December 2012 08:09 PM

මේක ළමයින්ගේ අනාගතය තීරණය කරන කඩ ඉමක්. මේ වගේ විභාගයක්වත් හරියට තියාගන්න බැරිද? (ත)

:       0       0

කමල් Friday, 21 December 2012 08:54 PM

ඇත්තටම අත්දැකීම් ඇති දක්ෂ ගුරුවරයෙකුට අනුමාන ප්‍රශ්න ගැන අනුමාන කරන්නට බැරිද? (නි)

:       0       0

අරුණ Friday, 21 December 2012 08:55 PM

කවුද හරි.... කවුද වැරදි.... මොනවා උනත් ළමයි තමයි අසරණ (දී)

:       0       0

සංජීව Friday, 21 December 2012 10:01 PM

ස්ටාලින් මහතාගේ වචන රන් වටී. ඔබගේ ගමන නැවැරදියි. සුභ පතමි. (ත)

:       0       0

සරත් Friday, 21 December 2012 09:58 PM

ජාති‍‍යේ දරුවන්ගේ අධ්‍යාපනය අදුරු කරන්න මතෙරම් දගලන්න එපා.. බුද්ධිමත් ‍‍‍‍ලෙස හිතන්න.!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 21 December 2012 11:29 PM

තාක්ෂණය දියුණුයි ඉස්සරහට තව වැඩි‍‍‍‍ ‍‍වෙයි...(නු)

:       0       0

තිලිණ Saturday, 22 December 2012 04:28 PM

අපේ ගුරුවරුන්ට තාම ඔය රට අදුනගන්න බැරිඋනානේ.. එහෙමනම් අපිත් ගොඩනේ.!(නු)

:       0       0

අනුල් Friday, 21 December 2012 11:47 PM

අපොයි! මෙහෙම ගියොත් ලංකාවේ උගත්කමිනුත් කිසිම ප්‍රයෝජනයක් නැතුව යයි. (නි)

:       0       0

බමුණුගම Saturday, 22 December 2012 03:26 AM

ගුරුවරුත් හොරු වෙලාද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 570 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 664 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 370 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 263 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1075 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 911 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site