හොරණ ගෝනපොළ මීපාගල නිවෙසක 47 හැවිරිදි ගෘහණියකගේ හිසට අත් මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇගේ සිරුර නාන කාමරයේ තිබිණි. ඇඟැළුම් කම්හල් විධායකු වන සැමියා රැකියාවට ගොස් සිටියදී මේ අපරාධය කර ඇත. ඝාතකයා ඇගේ ගෙලේ වූ රන් මාලයද ගලවාගෙන ගොස් ඇතත් අල්මාරිවල වූ රන් බඩු සොරාගෙන ගොස් නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපිට අහන්න තරම් අපි පව් කලාද (දී)
මංගල මහත්තයෝ, ඔයා නිකන් පෞඪ ඉතිහාසයක් ගැන කථා කරනවා. පෞඪ ඉතිහාසයේ පුරාවස්තුන්ආරක්ෂා කිරීමට පෙර මිනිසුන්ගේ සභ්‍යත්වයන් ආරක්ෂා කළ යුතුයි. මිනිසුන්ගේ ජන ජීවිතය ගොඩ නැංවිය යුතුයි. එසේ වුවහොත් 2500කට වැඩි පෞඪ ඉතිහාසයත්, පෞරාණික වස්තුත් සුරැකීමත් එම සමාජය විසින්ම ආරක්ෂා කිරීම නොවැළැක්විය හැකි කරුණක්ම වන්නේය. (නි)
සමාවක් දෙන්න බැහැ (දී)
මිනිස්සු මොකද මේ තරම් දරුණු අම්මපා (දී)
සැමියාගෙන කටඋත්තරයක් ගත්තොත් නරකද ?? (ස)
ක්ෂණික කෝපය කියල සමාව දෙන්න එපා (දී)
අවුරුදු 20කට යවන්න (දී)
රිෆායි, ඔයාලා දන්නේ හැමදේටම කෝකටත් තෛලය වගේ ඉතිහාසයට බණින්න විතරනෙ. ඒ නිසා තමයි පුරාවිද්‍යාත්මක නටඹුන් ඩෝසර් කරන්නෙ කට්ටිය. මෙතන මිනීමැරුමක ප්‍රවෘත්තියක් තියෙන්නෙ. වැරදි වලට සුදුසු දඬුවම් තිබුණා නම් මේවා අඩු කරගන්න තිබුණා. (නි)
මේවා සමාජයේ වැරදි (දී)
මේ මොන අපරාධයක්ද (දී)
බෞද්ධ රටේ සිදුවන මිනීමැරුම් ගණන නම් දවසින් දවස වැඩිවේ. (නි)
මෙවා තමයි අපේ රටේ ගිනස් වාර්ථා (ස)
ක්ෂණික කෝපය (දී)
මේ තරම් මිනිස්සු කුරිරු වෙලාද (දී)
මේවා අහස පොලොව නුහුලන අපරාධ
කවදද අපේ රටේ මේ අපරාධ නතර වෙන්නේ දෙවියනේ (ස)
සාමාන්‍ය දෙයක් වෙලා ..(ස)
මොන අමුනුෂ්‍ය වැඩක්ද ඒ (දී)
කොහොමද එහෙම කරන්න හිතක් පහල වෙන්නේ (දී)
"ස්ත්‍රී දූෂකයන් හා ස්ත්‍රී ඝාතකයන් එල්ලා මැරීමට කාන්තා අලුගෝසුවකු අවශ්‍යයි" (නි)
රූපා, මමත් ඉන්නේ ඔයාගේ ප්‍රතිපත්තියේමයි. (නි)
මිනීමරීම් මංකොල්ල කෑම් අනතුරු අනේ මගේ රට විනාශයි... කෝ බලධාරීන්.. කෝ පිළියම්.. කෝ ආගමික නායකයන්.. සියල්ලම නිහඩයි..!(නු)
මේ රටේ මොනවාද වෙන්නේ.. උපරිම දඩුවම් දෙන්න ඕන මේ හොරුන්ට..!(නු)
මෙපමණ අපරාධ සිදුවෙද්දිත් ඒල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නෙ ඇයි..?(නු)
දහම් දීපයයි මේ?? කෝ අපේ බොදු බල සේනා...? හොද බණක් ියලා අපේ මිනිසුන්ව බේරගන්න බලන්න.!(නු)
අපේ රටේ දෑස පෙනෙන කෙනෙක් හිටියානම් දැනටමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා..? මම නම් ඡන්දෙ දෙන්නෙ කවුද එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නෙ.. එයාටයි... මොකද අපි මැරුණම අපේ දරුවන්ටවත් නිදහසේ ජීවත් වෙන්නවත් තැනක් අපි ඒ අයට ඇතිකරලා මැරෙන්න ඕන..!(නු)
මේ පැත්තෙ ඉන්න කාන්තාවනුත් අවස්ථාවාදීයි..!(නු)
රන් මාලය සොරා ගැනීමට වෙන්න බැහැ.. මේ තැනැත්තියව මරන්න.. යතා කාලයේදී ඇත්ත එලි වෙයි..!(නු)
අයියෝ! අද තවත් එකක්. හැබැයි යාලුවා මේක දකුණේ නම් නෙමෙයි හොදේ. (නි)
අමිලා, මෝඩ කතා කියන්න එපා. ඔයා සංගණනයක් කළාද මේ පැත්තේ ඉන්න කාන්තාවන් අවස්ථාවාදීද නැද්ද කියන්න. ඔයාට මොකක් හරි පුද්ගලික ඇබැද්දියක් වෙලා ඇති. ඒ වුණාට ඒවා සාමාන්‍යකරණය කරන්න එපා. රූපා රත්නායක, එල්ලුම් ගහ ගෙනාවොත් එය ක්‍රියාත්මක වෙන්නේ අපරාධ නැති කරන්න නෙමෙයි. දේශපාලකයන්ටයි එයාලගේ හෙන්චයියන්ටයි එල්ලුම් ගහ තියා දැනට තියෙන නීතියවත් ක්‍රියාත්මක වෙනවද? එල්ලුම් ගහ ගෙනාවත් වෙන්නේ ඒකමයි. අනික සුදු වාහන වැඩේ ලේසි නිසා ඒ වැඩේට එල්ලුම් ගහ ගැන එච්චර වැඩ වෙන්නේ නැහැ. ඔයාගේ ඡන්දෙ ඕනෑ නැහැ එකට. අම්මපා මේ බෞද්ධ උපාසකම්මලා මිනිස්සු එල්ලලා මරන්න කියන අපුරුව! (නි)
තරහ කාරයො හිටියද කියලා සොයා බැලූවොත් ඝාතකයා අල්ලගන්න පුලූවන් (නු)
පොළොව යට තියන හැළි වළන් කටුයි, පරණ ගඩොලුයි හොයාගෙන ගිහින් බොරුවට ලෝකෙට පේන්න කෑගහන්න විතරයි අපේ හුගක් කට්ටිය දන්නේ. පොළොව උඩ තියෙන ඒවාට වදින්නවත් මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ නේද? (නි)
මේක තමයි ආර්ථික සැළැස්මේ ආශ්චර්යය... (නි)
මේක තමයි සැබෑ ආශ්චර්යය.. දවසකට කීදෙනෙක් මෙහෙම සත්තු වගේ මරලා දානවාද? මේ රට පිහිරහෙමින් යන්නේ එකිනෙකා බලය රැක ගන්න දගලනවා මිසක් රටේ නීතිය ක්‍රියාත්ම කරන්න කාටවත් ඕනා කමක් නැහැ..!(නු)
රිෆායි මහත්තයෝ අනිත් ජාතීන්ට ඉතිහාසයක් තියෙනවා ද නැද්ද කියලා අපි දන්නේ නැහැ.. ඒත් සිංහලයන්ට වසර 2500කට වැඩි ප්‍රවෘඩ ඉතිහාසයක් තියෙනාව.. ඔයාලට වටින්නෙ නැති උනාට අපේ ජාතික වස්තු අපිට වටිනවා.. අපි නෙවේ මේවා කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමය.. නිකං රට පටලවාගෙන කතා කරන්න එපා..!(නු)
නිකම් හිතන්න මිනිස්සු මේ තරම් දරුණු වෙලාද (දී)
ලංකාවෙ මිනී මැරුම් දූෂණ ළමා අපචාර කප්පම් සිද්ධි නොවුන දවසක මට කියන්න.. මෙවා නවත්තන්න හිටපු එකම කෙනා ජෙනරල් ෆොන්සේකා විතරයි..!(නු)
ප්‍රසාද් ඔයා කියන්නේ මෝල් ගහෙන් ගහලා මරන්න හොදයි.. ඒත් එල්ුම් ගහ ක්‍රියාත්මක කරලා මැරුවාහම වැරදියි කියලාද?(නු)
අපි හැම කෙනෙක්ම දැං ඉන්නේ මරණ තුනක් එක්ක..!(නු)
මේ තරම් කොහොමද මිනිස්සු දරුණු වෙන්නේ (දී)