IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අත්අඩංගුවට ගත් බඩු සැකකරුටම දෙයි

නීතී විරෝධී පස් කැපිමකට යොදා ගත් බැකෝවක් හා ලොරියක් සැකකරු සමග පොලීසියට ගෙන ආ නමුත්  දේශපාලන හා පොලිස් බලපෑම් මත මුදාහළ බව මීරීගම පොලීසියේ පරීක්ෂක මොහොමඩ් සාදික්  අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත්  කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය හමුවේ ප්‍රකාශ කළාය.

ඇම් එම් ධර්මින්ද ප්‍රසන්න කුමාරට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් බැකෝව හා ලොරිය  උසාවි භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නේදැයි ඇසු විට සාක්කිකරු පැවසුයේ දේශපාලන හා පොලිස් බලපෑම් මත එය විත්තිකරුටම මුදාහළ නිසා ලකුණු කිරිමට නොහැකි බවයි.

මහේස්ත්‍රාත් :

නඩු භාණ්ඩ තමා ළග තිබෙනවාද?

සැකකරු :

ඔව් මා භාරයේ තිබෙනවා

ලබන 15 වැනිදා එම භාණ්ඩ අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළාය.

නඩු භාණ්ඩ භාර නොදුනහොත් ඇප අවලංගු කර ඔහු රිමාන්ඩ් කරන බවට මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.

 

 

 

 



අදහස් (0)

අත්අඩංගුවට ගත් බඩු සැකකරුටම දෙයි

සත්‍යයා Wednesday, 13 November 2013 04:16 AM

අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය ට අපගේ උත්තමාචාරය. මේ මහේස්ත්‍රාත් මෙනෙවිය දේශපාලුවන්ගේ අතකොලුවක් නොවී එඩිතර තීරණයක් ගත්ත එක හෙට දිනය පිලිබඳ සුභ වාදී අරුණැල්ලක්. (අ)

:       0       0

සී. කේ. ලංකාපුත්‍ර Wednesday, 13 November 2013 07:24 AM

ඇයි අර කෙනෙක් කියලා තියෙනවනේ අපේ කට්ටියට උදව් කරන්න ඕනෑ කියලා. ඉතින් ඒකනේ නීතිය. (නි)

:       0       0

පද්මිණි Tuesday, 12 November 2013 07:47 PM

ඉහත අදහස් දමා ඇති 10 දෙනාම දේශපාලුවන් කරන බලපෑම් ගැන කළකිරීමෙන් සිටින බව පේනවා. එහෙමනම් සැම ඡන්දයක්ම දිනන හේතුව හොයන්න වෙනවා. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 12 November 2013 03:40 PM

එහෙම නම් දැන් දේශපාලන බලපෑම් උසාවියට ප්‍රසිද්ධියේ කියන තරමට සාමාන්‍ය දෙයක් වෙලා. (ස)

:       0       0

විපුල Tuesday, 12 November 2013 03:49 PM

මේක තමයි රටේ නීතිය ආරක්ෂා කරන්න තියෙන ලොකුම හෙනේ.... හැම දේටම අයුතු බලපෑම් කරනවා. (ස)

:       0       0

කමල් Tuesday, 12 November 2013 04:22 PM

උසාවියත් දේශපාලන බලපෑම කියන වචනය නිසා බයවුණාද? ඊළගට කියයිද දන්නෙ නැහැ සැකකරු දේශපාලන බලපෑම මත නිදොස් කොට නිදහස් කළා කියලා. (නි)

:       0       0

ජයා Tuesday, 12 November 2013 04:33 PM

අනේ පව්.පොලීස් පරීක්ෂකට පොලීසියේ රක්ෂාව ඇති වෙලා ඇති. (ස)

:       0       0

රාධා. Tuesday, 12 November 2013 04:53 PM

මේ පොලිස් නිලධාරීන් අසරණයි.ඔහු එසේ නොකළා නම් අම්පාරට , වව්නියාවට මාරු කරනවා.රටේ නීතිය දේශපාලකයින්ගේ වුවමන එපාකම් අනුව සිදුවන එකම රට මේකයි.ස්වාධින පොලිස් කොමිසම අහෝසි කරලා, දේශපාලකයන්ට හිතූ විදියට පොලිසිය නටවනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 November 2013 05:01 PM

පොලිසිය අපේ දේශපාලන උතුමන්ට වුවමනා විදියට විරුද්ධවාදියාට දැඩි දඩුවම් ලබා දීමට නැති චෝදනා ඉදිරිපත් කර හිතවතා නීතියේ රැහැනින් මුදා ගත යුතුය. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 13 November 2013 10:57 AM

ඔය පැත්තේ නීති විරෝධී වැඩ වලට සරණ වෙන්නේ කවුද කියල ජනතාව දන්නවා.ජනතාවට සරණේ සරණයි. (ස)

:       0       0

උපාලි Tuesday, 12 November 2013 11:59 PM

මේ පොලිස් පරීක්ෂකතුමා නම් අසාමාන්‍ය කෙනෙක්. හොඳ කොන්දක් ඇති නිලධාරියෙක්. එතුමාට මහේ ආචාරය! (නි)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 12 November 2013 05:21 PM

අනවසර ගස් කපන අය,බැකෝ යන්ත්‍ර යොදා මහා පරිමාණ වැලි ගොඩදාන අය,රක්ෂිත වනාන්තර විනාශ කර ඉඩම් මංකොල්ල කන අය,කන්ටේනර් ගණන් කුඩු සහ එතනෝල් ගෙන්වන අය මුදා හරින්න.ඒවායේ පරීක්ෂණ යට ගසන්න.ඔබලාට නිදහසේ තම රැකියාව කරගෙන යා හැක. (නි)

:       0       0

අචිනි Tuesday, 12 November 2013 05:36 PM

රටට කර ඇති විනාශය පෙනෙනවා නේද දැන්?මොවුන් සියල්ලන්ටම ශාප වේවා! (නි)

:       0       0

ලලිත් Tuesday, 12 November 2013 05:44 PM

නීති විරෝධිව පස් කැපීමකට පස්කපන වෙලේ ගත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් සහ පස්කැපු පුද්ගලයා අල්ලනවා මිසක් පස්කපපු කෙනා ඇප දීල නිදහස් කරලා බැකෝව හා ලොරිය අත්අඩංගුවට අරන් උසාවියේ තියාගන්න රටක් වෙන කොහෙවත් තියෙනවද? (නි)

:       0       0

රාධා. Tuesday, 12 November 2013 06:08 PM

වැඩක් නැහැ දැන් ලංකාවේ තත්වය ගැන දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ.පසුගිය දිනෙක ඔරුගොඩවත්තේ දී හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 8 ක් සමග අත්‍ අඩංගුවට ගෙන තිබු අය අද නිදහස් කරලා.කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

මනෝජ් -සාජා Wednesday, 13 November 2013 10:06 PM

රත්නායක ආරච්චිගේ .මම ලග හිටියනම් කටට සිනි ගෝනියක් ඔබනවා (දී).

:       0       0

ලාල් Wednesday, 13 November 2013 02:33 AM

ඔය බල පාම් කරන අයගේ නම් දන්නා කෝ බය වෙන්න එපා මේ දවස් වල සුදු වෑන් එන්නේ නැහැ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 146 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 123 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1033 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1380 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 94 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site