නීතී විරෝධී පස් කැපිමකට යොදා ගත් බැකෝවක් හා ලොරියක් සැකකරු සමග පොලීසියට ගෙන ආ නමුත් දේශපාලන හා පොලිස් බලපෑම් මත මුදාහළ බව මීරීගම පොලීසියේ පරීක්ෂක මොහොමඩ් සාදික් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය හමුවේ ප්‍රකාශ කළාය.
ඇම් එම් ධර්මින්ද ප්‍රසන්න කුමාරට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පොලිස් අත්අඩංගුවට ගත් බැකෝව හා ලොරිය උසාවි භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නේදැයි ඇසු විට සාක්කිකරු පැවසුයේ දේශපාලන හා පොලිස් බලපෑම් මත එය විත්තිකරුටම මුදාහළ නිසා ලකුණු කිරිමට නොහැකි බවයි.
මහේස්ත්‍රාත් :
නඩු භාණ්ඩ තමා ළග තිබෙනවාද?
සැකකරු :
ඔව් මා භාරයේ තිබෙනවා
ලබන 15 වැනිදා එම භාණ්ඩ අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළාය.
නඩු භාණ්ඩ භාර නොදුනහොත් ඇප අවලංගු කර ඔහු රිමාන්ඩ් කරන බවට මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධිව පස් කැපීමකට පස්කපන වෙලේ ගත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් සහ පස්කැපු පුද්ගලයා අල්ලනවා මිසක් පස්කපපු කෙනා ඇප දීල නිදහස් කරලා බැකෝව හා ලොරිය අත්අඩංගුවට අරන් උසාවියේ තියාගන්න රටක් වෙන කොහෙවත් තියෙනවද? (නි)
රත්නායක ආරච්චිගේ .මම ලග හිටියනම් කටට සිනි ගෝනියක් ඔබනවා (දී).
ඔය පැත්තේ නීති විරෝධී වැඩ වලට සරණ වෙන්නේ කවුද කියල ජනතාව දන්නවා.ජනතාවට සරණේ සරණයි. (ස)
ඇයි අර කෙනෙක් කියලා තියෙනවනේ අපේ කට්ටියට උදව් කරන්න ඕනෑ කියලා. ඉතින් ඒකනේ නීතිය. (නි)
අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානයක්කාර මෙනවිය ට අපගේ උත්තමාචාරය. මේ මහේස්ත්‍රාත් මෙනෙවිය දේශපාලුවන්ගේ අතකොලුවක් නොවී එඩිතර තීරණයක් ගත්ත එක හෙට දිනය පිලිබඳ සුභ වාදී අරුණැල්ලක්. (අ)
ඔය බල පාම් කරන අයගේ නම් දන්නා කෝ බය වෙන්න එපා මේ දවස් වල සුදු වෑන් එන්නේ නැහැ .(අ)
මේ පොලිස් පරීක්ෂකතුමා නම් අසාමාන්‍ය කෙනෙක්. හොඳ කොන්දක් ඇති නිලධාරියෙක්. එතුමාට මහේ ආචාරය! (නි)
ඉහත අදහස් දමා ඇති 10 දෙනාම දේශපාලුවන් කරන බලපෑම් ගැන කළකිරීමෙන් සිටින බව පේනවා. එහෙමනම් සැම ඡන්දයක්ම දිනන හේතුව හොයන්න වෙනවා. (නි)
වැඩක් නැහැ දැන් ලංකාවේ තත්වය ගැන දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ.පසුගිය දිනෙක ඔරුගොඩවත්තේ දී හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 8 ක් සමග අත් අඩංගුවට ගෙන තිබු අය අද නිදහස් කරලා.කාටද මේවා කියන්නේ? (නි)
එහෙම නම් දැන් දේශපාලන බලපෑම් උසාවියට ප්‍රසිද්ධියේ කියන තරමට සාමාන්‍ය දෙයක් වෙලා. (ස)
රටට කර ඇති විනාශය පෙනෙනවා නේද දැන්?මොවුන් සියල්ලන්ටම ශාප වේවා! (නි)
අනවසර ගස් කපන අය,බැකෝ යන්ත්‍ර යොදා මහා පරිමාණ වැලි ගොඩදාන අය,රක්ෂිත වනාන්තර විනාශ කර ඉඩම් මංකොල්ල කන අය,කන්ටේනර් ගණන් කුඩු සහ එතනෝල් ගෙන්වන අය මුදා හරින්න.ඒවායේ පරීක්ෂණ යට ගසන්න.ඔබලාට නිදහසේ තම රැකියාව කරගෙන යා හැක. (නි)
පොලිසිය අපේ දේශපාලන උතුමන්ට වුවමනා විදියට විරුද්ධවාදියාට දැඩි දඩුවම් ලබා දීමට නැති චෝදනා ඉදිරිපත් කර හිතවතා නීතියේ රැහැනින් මුදා ගත යුතුය. (නි)
මේ පොලිස් නිලධාරීන් අසරණයි.ඔහු එසේ නොකළා නම් අම්පාරට , වව්නියාවට මාරු කරනවා.රටේ නීතිය දේශපාලකයින්ගේ වුවමන එපාකම් අනුව සිදුවන එකම රට මේකයි.ස්වාධින පොලිස් කොමිසම අහෝසි කරලා, දේශපාලකයන්ට හිතූ විදියට පොලිසිය නටවනවා (නි)
අනේ පව්.පොලීස් පරීක්ෂකට පොලීසියේ රක්ෂාව ඇති වෙලා ඇති. (ස)
උසාවියත් දේශපාලන බලපෑම කියන වචනය නිසා බයවුණාද? ඊළගට කියයිද දන්නෙ නැහැ සැකකරු දේශපාලන බලපෑම මත නිදොස් කොට නිදහස් කළා කියලා. (නි)
මේක තමයි රටේ නීතිය ආරක්ෂා කරන්න තියෙන ලොකුම හෙනේ.... හැම දේටම අයුතු බලපෑම් කරනවා. (ස)