නුරිවතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියෝග කළ අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා දැරණියගල හිටපු සභාපති ඇතුළු 23 දෙනා මේ මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියසතියේ පොළොන්නරුවේ අධිකරණයෙන් ගිනි අවියක් පෙන්වා ජංගම දුරකතනයක් සහ රුපියල් 1500 මංකොල්ලකාපු පුද්ගලයෙක්ට ජීවිතාන්තය තෙක් හිර දඩුවම් නියම කළා මංකොල්ලයට ගිනි අවි භාවිත කළ නිසා. එම නඩුව විශේෂ ගණයේ නඩුවක් ලෙස වර්ගීකරණය කළා. අනෙක් අය ගැනත් මේ විදියට ඉක්මනින් විනිශ්චය කළොත් හොදයි. නැත්නම් අධිකරණයට ජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටේවි. පවතින නිතිය ශක්තිමත් කිරීම, ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම රටවැසි සියලු දෙනාගේම වගකිමයි (නි)
මේ වැනි මිනීමැරුම් නඩු අනවශ්‍ය විදියට අවුරුදු ගණන් කල් දම දමා ඉන්න හේතුව මට නම් නොතේරේ. (ස)
රට වැසියන් වූ අපි කෑම දිරවන කම් අපරාධ ගැන කතා කරමු. ඊට පසු විවේකදායී නින්දක් ගෙන ඇහැරී බලා ඊළඟ අපරාධය ගැන දොඩවමු. නොනවත්වා ඉදිරියට ඇදෙන (අපරාධ) තවලම පිටුපස අප අහසට නිකම්ම බිරු බල්ලන් බවට ස්වකැමැත්තෙන් ම පත්වෙමු. (ස)
මොවුන්ට ඡන්ද දුන්න අයටයි දඩුවම් කරන්න ඕනෑ (නි)
අසාධාරණ දේශපාළුවෝ ඉන්නකල් අත පය හොදට තිබෙන අයියලාටත් අත පය කොට අයට යටවෙන්න වෙනවා (නි)
මෙයාලා නිදහස් කරයිද? (නි)
පොලිසිය ඇයි තවම කොට කොටා වගේ? (නි)
කරන දෙයක් ඉක්මණට කරන්න (නි)
හිතවත් දේශපාලකයා තවම මහන්සිගන්නේ මෙයාව බේරාගන්නද? (නි)
අපේ පොලිස් මහත්තුරුන්ට හරියට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ දේශපාලන ඇගිලි ගැසීම් (නි)
අර එකක් දෙකක් සිද්ධ වුණහම අනේ අපේ මහත්තුරු කොච්චර නම් බලාපොරොත්තු තියාගන්නවද? නොදැනුවත්කමට එහෙම හිතුවට මහත්වරුනි, එහෙම එක්ක යන්න නම් විශේෂ සුදුසුකම් තියෙන්න ඕනෑ, (එහෙම නැත්නම් විශේෂ සුදුසුකම් නොතිබෙන්න ඕනෑ) තේරුනාද? (නි)
පොලිස් වරදින්නේ මිනිස්සු දුක් විදින්නේ.හැම තැනම අපරාධ (නි)
මෙයාලට 2014-02-04 සමාව දී නිදොස්කොට නිදහස් කරන්න (දිල්)
අවසානයේ සාධාරණයක් ඉටු වේවි යැයි මම බලාපොරොත්තු වෙනවා (නි)
මේ ඔක්කොටම මුල තමයි මොවුන්ට උදවු කළ දේශපාලන හස්තය. ඕනෑම දෙයක් කරන්න මෙවැනි පුද්ගලයන්ට පුළුවන්. මේ ප්‍රශ්නෙත් මෙතරම් දුරදිග ගියේ මධ්‍ය මගින් ජනතාව දැනුවත් කර මෙම පාතාලයට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනගපු නිසයි. මේ ප්‍රශ්නය මේ ප්‍රදේශයට පමණක් සිමා වූ දෙයක් නොවේ. (නි)
අත කොටාගේ හංගපු ආයුධ නැතිද ? පොලිස්සියට ගිහින් පෙන්නන්න. (දිල්)
මොනවා කරනවද දෙයියනේ තාම........?නිහාල් මහත්මයගේ කට කතුරකින් ඉරෙන්න කම්මුල කපලා.... ආයුධ හොයන්න එක්කන් යන්නේ නැත්තේ ඇයි......?හොඳටම පරක්කුයි... (ස)
මෙයාට සමාව ලැබෙනවා මොනවද ඔට්ටු ? (නදී)
සහන් බණ්ඩාරගෙ එල කතාව. ඇත්ත...(ස)
මුට උදව් කරපු ඇමතිට මොකද වෙන්නේ? එයාව අත්අඩංගුවට ගන්නේ නැද්ද? මෙයටත් තව ටික දවසකින් සමාව දෙවි. හොදක් වෙන්න ඒපා මේ කරන අපරාද වලට(දිල්)
මෙයත් අර දකුණේ වගේ අවි පෙන්නන්න අරන් යන්න තිබුනේ. (නදී)
කවුරු මොනවා කීවත් තාමත් අපේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. එකක් දෙකක් එහෙ මෙහෙ උනා කියල රටට ගරහන එක හරි නැහැනේ. අපි බලන් ඉමු හංගන එක ලේසි නැහැ (ස)
සමාජයෙන් තුරන් කල යුතු මිනිසෙක්. (ස)
සහන් බණ්ඩාර කියපු දේ තමා අන්තිමට සිද්ධ වෙන්නේ.බලන්න බොරුද කියලා. (ස)
මේ මිනිහව නම් ආපහු සමාජයට එවන්න එපා.මෙයාව එල්ලලා මරන්න වටින්නේ. (ස)
මේ මිනිහට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕන. මේක විතරද කරපු අපරාදෙ. ඇයි හොයන්නෙ නැත්තෙ. (ස)
තව ටික දවසකින් උණුසුම පහව ගිය පසු කාගේ හෝ උපදෙස් පිට හරි නිදහස් වෙයි. මේ අර මුතු ඇටෙනේ. (නදී)
අත් දෙකයි කකුල් දෙකයි කොට කරලා දැම්මනම් ඉවරයි. (ස)
අද රිමාන්ඩ්....හෙට ඇප... මල් මාලා.., මල් වෙඩි.., ජන ගංගා...පෙරහැර .... දේශප්‍රේමී බැනර්......(මට නිකන් කැරකිල්ල වගේ...) (ස)
වහාම අතකොට සහ අනිකුත් දරුණු ඝනයේ අමනුෂ්‍ය ගැටී ඇති අය ආයුධ පෙන්නන්න එක්ක යන්න. මාතර කලා වගේ කරන්න. (ස)
සමාජයෙන් තුරන් කල යුතු අයෙක්. (ස)
සමාජයෙන් තුරන් කල යුතු මිනිසෙක්. (ස)