දැරණියගල නූරිය වත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටින අනිල් චම්පික විජේසිංහ දැරණියගල හිටපු ප්‍රාදේශිය සභා සභාපති (අත කොටා) වෙනුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය ඉදිරිපිට ඔහුගේ නීතීඥවරු ඇප අයැද සිටියහ.
කරුණු දැක්වීම ලබන 21 දිනට කල් තැබුණු අතර ඔහු යළි රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දීලා එවන්නකො. අපි එයාව සාදරයෙන් පිළිගන්නම්.කල් ඇතුව කියන්න මල් මාලයක් හෙම සුදානම් කරගන්න. (ස)
මෙහෙම වැඩක් මෑතකදී අප්‍රිකාවේවත් වෙලා නැතුව ඇති. (නි)
ඉක්මණට අැප ලබෙයි.අනික කොස් ගෙඩියක් කෙසෙල් කැනක් හොරකන් කරනවා වාගෙ මහා ලොකු වරදකුත් නෙමෙයිනෙ (නි)
අත කොටාට ඇප දුන්නොත් තව මිනිස් ඝාතන කීපයක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අධිකරණය කල්පනාකාරීව කටයුතු කරන්න (නි)
එතකොට අපේ දුම්න්ද සිල්වා. එතකොට තව ඉතිරි වෙලා ඉන්නේ වාස් ගුණවර්ධන විතරයි.(නදී)
කීර්තිමත්, පරිණත වතු කළමනාකාරවරයෙක් ප්‍රසිද්ධියේ කොටස් වලට කපා කැබ් රථයක දමා ගම වටේ ප්‍රදර්ශනයට ගෙන ගිය මොවුන්ව උපරිම දඩ බන්ධනයකට ඉක්මනින්ම යටත් කරන ලෙස අධිකරණයෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (නි)
මිනිසුන්ට අයිතියක් තිබෙනවා තමයි නීති උදව් ගන්න.එහෙත් ටිකක් හිතන්න මේ අය වෙනුවෙන් පෙනී සිට ගන්න මුදල් දරුවන්ටවත්,දෙමාපියන්ටවත්,නෑදෑයින්ටවත්...අඩුම තරමේ පිනකටවත් යොදවන්න එපා.පුලුවන් නම් නඩුව යන අතරේ සාධාරනය වෙනුවෙන් පක්ෂග්‍රාහී නොවී හොඳ අතට හැරෙන්න. (නි)
සම්, ඔයා කන්නේ පාන්ද ..... අහිංසක මිනිස්සුන්ට ඔය විදියට අපහාස කරන්න එපා.ගම්බද මිනිස්සු හුගාක් අහිංසකයි ... ඒ අහිංසක කමෙන් ප්‍රයෝජන ගන්නේ ඒ අයව රව්ට්ටලයි..ඒ මිනිස්සුන්ගේ නැති බැරි කමෙන් මේ අය උපරිම ප්‍රයෝජනය ගන්නවා.උගත් කියලා හිතන අපි හැමෝම .... බත් හරි පිට්ටු හරි කාලා කරන්නෙත් ඔය මෝඩ වැඩේම නේද? .... මෝඩ කියන වචනේ ඒ අහිංසකයන්ට පාවිච්චි නොකර ඉන්න.ඔයාට බුදු සරණයි, (ස)
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පස්සෙ මෙයාල නිදහස් (නදී)
බොහෝ විට මෙයාට තව මාස කීපයකින් ඇප ලැබේවි. ඊට පස්සේ සාක්කිකාරයෝ ටික බය කරගෙන ආපහු ඡන්දෙත් ඉල්ලලා සුපුරුදු පරිදි කටයුතු කරවී , මෙයා මරපු මිනිස්සු අතර සුද්දෙක් නැති නිසා විදේශ රටවලින් සහ මානව හිමිකම් සංවිධාන වලින් මේ ගැන හොයන එකක් නැහැ. (ස)
අර පොලව පාලනය කරනවා කියන මහා ලොක්ක වෙන්න ඇති ඇපේට අත්සන් කළේ (දිල්)
පුළුවන් ඉක්මනින් මෙයාව හංගපු ආයුධ පෙන්වන්න එක්කන් ගියොත් හොඳයි වගේ පේන්නේ. (ස)
මෙයාට ඇප නෙවෙයි ඉල්ලන්න ඕනා උපරිම දඬුවමක්. (ස)
මට කියන්න තියෙන්නෙත් අනූ කියපු ටිකමයි.අචිනි කියපු දෙය සිදුවීමටත් ඉඩ තියෙනවා. (ස)
අනේ ඔව් ඉක්මනටම ඇප දෙන්න එතකොට ලෝක නායකයින්ට බලාගන්න පුළුවන් නෙ අපි කොයිතරම් මානුෂිකව හිතන මිනිස්සුද කියලා... (ස)
ඉක්මනින් ඇප හම්බවෙයි. මේ අයට ඇප නැති වෙන්න වැඩ කරන්න ඕන. (ස)
මෙයට ඇප විතරක් නෙමෙයි. සමාවත් ලැබෙනවා. මොනවද ඔට්ටු ? (ස)
අමානුෂික ලෙස මිනි මරපු මොහුට ඇප ඉල්ලන නීතීඥවරු පොඩ්ඩක් හිතන්න අර දැරනියගල අහිංසක මිනිස්සු ගැන. (ස)
බ්‍රිතාන්‍ය ජාතිකයාගේ නඩුව උඩට ගත්තා වගේ මේ නඩුවත් උඩට අරන්, මේ නඩුව විතරක් නෙමෙයි අමානුෂික ඝාතන සිදුකල නඩු සියල්ල උඩට අරන් ඉක්මනින් තීන්දු ලබා දෙන්න බලධාරීන් යම් වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි.ලෝකෙට බය නොවී යුද්දේ කලා වගේ මානව හිමිකම් සංවිධාන වලට, යුරෝපා සංගමේට බිය නොවී වරද කරුවන් වෙත පනවන මරණ දඩුවම ප්‍රයෝගික කරන්න කටයුතු යෙදිය යුතුයි..ජනතාවගේ බදු මුදල් වලින් අපරාධ කරුවන් නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කල යුතුයි. (ස)
මට දුක දැරනියගල අහිංසක මිනිස්සු ගැන හිතන කොට. මෙයට ඇප හම්බුනොත් ගමේ අය අනාතයි. (ස)
ලංකාවේ ඉන්න බත් කන බුරුවන්ගේ බුද්ධිමත් බව පේනවා. මෙයාට ඔතෙන්ට යන්න ඡන්දෙ දුන්නේ ඔය ගොන් මිනිස්සුමනෙ. (ස)
අපෝ , මෙයටත් ඉක්මනටම ඇප හම්බවෙයි, කරලා තියන අපරාධ ඉතා දරුණු නම් නම් තමයි ඉක්මනටම ඇප හම්බවෙන්නේ (ස)
අමානුෂික ලෙස මිනි මරලා තව ඇපත් ඉල්ලනවා...? (නි)
දුන්නොත් ඉවරයි සාක්කි කාරයෝ ටික. (ස)