(අංජුල මහික වීරරත්න)

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා නැවත වරක් ජයග්‍රහණය කිරීමෙන් පෙනී යන්නේ බංකොලොත් දේශපාලන රාජ වංශවලට සහ අතීතයේ අවතාරවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයකින් පවසයි.

බැසීල ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අනුව කුමාර දිසානායක මහතා මෙසේද පවසයි.

"අද, බ්‍රසීලයේ ජනතාව මැතිවරණයක් ජයග්‍රහණය කළා පමණක් නොව; ඔවුහු දූෂණයේ, බෙදීමේ සහ දේශපාලන බොරුවේ බලවේග පරාජය කළහ. බ්‍රසීලයේ ලූලාද සිල්වා සහෝදරයාගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පෙනී යන්නේ, බලය නිවැරදි දෙයට වඩා උතුම් යැයි විශ්වාස කරන බංකොලොත් දේශපාලන රාජවංශවලට සහ අතීතයේ අවතාරවලට ජනතාව රැවටිය නොහැකි බවයි. 

නැවතත් ප්‍රගතියේ ගමනට නායකත්වය දීම ගැන සුබ පැතුම්, සහෘදයාණෙනි!