
බ්රසීල ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කිරීමට වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් විය. ඒ අනුව, තවත් සිවු වසරක් බ්රසීලයට නායකත්වය දීමට 80 හැවිරිදි ලූලා ට හැකිවනු ඇත.
ජනාධිපතිවරණය පැවැත්වූයේ ලූලා සහ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ පුත්රයා වන දක්ෂිණාංශික සෙනෙට් සභික 45 හැවිරිදි ෆ්ලේවියෝ බොල්සොනාරෝ අතරේය.
තියුණු සටනකින් පසු, ලූලා ජයග්රහණය කළේ සියයට 51.76 ක ඡන්ද ප්රතිශතයකිනි. ෆ්ලේවියෝ ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 48 ක ඡන්ද ප්රතිශතයක් පමණි.
ජනාධිපතිවරණය පැවැත්වූයේ ඊයේ (25) දිනයේ ය. මෙය ඉකුත් 4 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද දිනා ගැනීමට නොහැකි විය. වැඩි ඡන්ද ප්රතිශතයක් දිනා ගැනීමට සමත් වූයේ ලූලා සහ ෆ්ලේවියෝ ය. ඒ අනුව, දෙවැනි වටය පැවැත්වූයේ ලූලා සහ ෆ්ලේවියෝ අතරේය.
පළමු වටයේ දී ලූලා සිටියේ ෆ්ලේවියෝට පසුපසිනි. බ්රසීල මැතිවරණ ඉතිහාසයේ පළමු වටයෙන් පසුපසින් සිටි අපේක්ෂකයකු දෙවන වටයේදී ජයග්රහණය කළ පළමු අවස්ථාව ලෙස ද ලූලාගේ ජයග්රහණය ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්ය පවසයි.
ෆ්ලේවියෝ, සිය පියා යාර් බොල්සොනාරෝ මෙන්ම, දැඩි ඇමෙරිකන් හිතවාදියෙකි. එබැවින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සහාය ෆ්ලේවියෝට හිමිවිය.
ජයග්රහණයෙන් පසු ලූලා සිය ආධාරකරුවන් අමතමින් පැවැසුවේ බ්රසීලයේ අනන්යතාව තහවුරු කිරීමට මෙම ඡන්ද ප්රතිඵලය සමත් වුණු බවය. බ්රසීල ධජයට ගෞරව කරන නායකයකු සහ ඇමෙරිකා ධජයට ගෞරව කරන නායකයකු අතරින් එක් අයකු තෝරා ගැනීමට බ්රසීල වැසියන්ට සිදුවුණු බවත් බ්රසීල වැසියන් තෝරා ගත්තේ බ්රසීල ධජයට ගෞරව කරන නායකයකු බව ලූලා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd