අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න 18ක් විභාගයට පෙර පිටකළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දික්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ලක්ෂාන් ජයසිංහ, ඔහුගේ කාර්යාල සාහායකයකු බව කියන ලක්ෂාන් ජයසිංහ, ගම්පහ නයිවල සැලුන්හළක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිවර්ධන ජයසේකර සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්රිණ යන්ත්‍ර ක්‍රියාකාරුවකු වන මංගල ප්‍රිෂාන්ත යන පස් දෙනා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්රාරත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් ස්කෑන් පිටපත් 2000කට අධික ප්‍රමාණයක් කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශවල ටියුෂන් පන්ති කිහිපයක සිසුන් අතට පත් කර ඇති බවට සැකකරන බවයි. ඒ ගැන සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගතයුව ඇති බවත්, සැකකරුවන් නිදහස් කළහොත් පරීක්ෂණවලට බාධාවක් ඇති විය යුතු බවත් රහස් පොලීසිය පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කර මේ විනාශයට දිවි ඇති තෙක් දඩුවම් ලැබිය යුතුයි (ස)
සියලු මාධ්‍ය වලින් සැබෑ ප්‍රශ්න පත්තරය සහ මොවුන්ගේ හොර කොපිය සසඳා පෙන්වත්දීත් 'මෙය මෙසේ වූයේ මොහුගේ ඉගැන්වීමේ අත්දැකීම් නිසාමය..' කියමින් හොරුන්ව සුද්ද කිරීමට තැත්කළ කමෙන්ට් කරුවන්ගේ අන්තර්ජාල සබඳතා පරීක්ෂා කලානම් මෙහි ලාභය බෙදාගත් ඉතිරි ටිකදෙනාත් අල්ලගන්න තිබුනා. (ස)
මේවට දැඩි දඬුවම් දියයුතුයි, ඉදිරියටත් මේවගේ ළමයින් ගේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්න අයගෙත් ඇස් ඇරෙන්න. (ස)
ලබන O/L වෙනකම් ඒ අය හිටපුදෙන් (ස)
කීර්ති නාමය ගැනද කිවුවේ (දී)
අනේ පව් (දී)