IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) ප්‍රකාශ කළේය.

දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) පැවැසීය.

එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් එය සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටුවන බව අධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.

කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මස 9 වැනිදා අදාළ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කරන ලදි. 

ඒ අනුව පරාටේ එක්සිකියුෂන් (Parate execution) යටතේ කෙරෙන දේපළ සහ වාහන පවරාගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව අධිපතිවරයා එහිදි කීය.

දැනට ලබා දී තිබෙන ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත් වන බව ද හෙතෙම කීවේ ය.

‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට ණය වැඩිපුර ගෙවීමට සිදුව ඇත්නම් ණය ගෙවීමට අපහසු නම් ණය ගෙවීම් පමා වන්නේ නම්  එම ව්‍යාපාරවලට සහන දීම රුපියල් මිලියන 15,000ක් වෙන් කරන බව ද ඔහු කීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුන තුළ දී වැඩිදුර විස්තර සහිත නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු පැවැසීය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.

(055)



අදහස් (26)

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතට

Perera Friday, 01 October 2021 12:26 PM

මොකදද මේ වෙලා තියෙන්නෙ

:       39       51

P Ilangaratne Friday, 01 October 2021 01:01 PM

මේ ඔක්කෝටම පිස්සු...

:       29       57

Prasheen Friday, 01 October 2021 01:05 PM

එක තීරණයක නැති රජයක්...

:       46       66

Nimal Friday, 01 October 2021 01:29 PM

තීරණ ගැනීම එහි වෙනසක් කිරීම සාමාන්‍ය දෙයක්.. අවශ්‍යතාවය මත කරන්න පුළුවන්.. ලොකු දෙයක් නෙවෙයි... මිනිස්සුන්ගේ හිතන විදිහ...

:       46       118

යෝගා Friday, 01 October 2021 01:39 PM

මේ රටේ මොනයම් හේතුවක් නිසා හෝ වරක් ඉහළ ගිය මිලක් කිසිදා පහතට ඇවිත් නෑ. මේ කරන වැඩවලින් වෙළෙන්ඳන්ට අයුතු වාසියක් ලැබෙන එක විතරයි වෙන්නේ...

:       35       64

kabba Friday, 01 October 2021 01:43 PM

නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම - සබාවේ සිනා! කිඹුල් කඳුළු. කළු සල්ලි, සුදු කරන්න ඩොලරය 200 සවි කරගෙන ඉන්නවා. කොහොමද පිටරට ඉදන් මෙහෙට සල්ලි දාන්නේ...? කළු සල්ලි සුදු කරන්න උඩගෙඩි දෙන්න බැරි නිසා සමහරු බැංකු හරහා සල්ලි එවනවා. ඒත් 200 සවි කරගෙන ඉන්න නිසා 30%කට වඩා දැන් පාඩුයි. SDA වලින් 7% FD රේට් එකක් දුන්නත් අනිවාර්යයෙන් ගන්න වෙන්නේ රුපියල් වලින්... ලංකාවට විධිමත් විදිහට සල්ලි ගෙන්වාගන්න ඕනේ නම් ඩොලර් රේට් එක හරි ගස්සන්න ඕනේ!

:       113       39

සිල්වා Friday, 01 October 2021 05:51 PM

සහතික ඇත්ත. ඩොලර් රේට් එක වැඩි කළොත් ඩොලර් රටතුළට ගලා එනවා සහතිකයි...

:       48       18

damith Friday, 01 October 2021 01:46 PM

හොඳ වැඩක්...

:       25       82

සිල්වා Friday, 01 October 2021 01:52 PM

එහෙම නම් සමහර අමුද්‍රව්‍ය පොහොර, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකට ඇති තහංචි වල තත්වය කුමක්ද?

:       3       29

පැරකුම් Friday, 01 October 2021 01:59 PM

මේ රජයට රටක් පාලනය කිරීමට ඇති නොහැකියාව සහ අසමත්භාවය යලිත් පෙන්නුම් කර ඇත.

:       107       60

Hafeel Friday, 01 October 2021 02:22 PM

එ්ක තමයි කුමාර වේල්ගම කිව්වේ අඩුම තරමින් ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය නොකළ මිනිහාට රටේ නායකත්වය දරන්න සුදුසු නැහැ කියලා... දැන් හොඳටම පැහැදිලියි... කොච්චර පොත් ලිව්වත් කවදා යුද්ධය මෙහෙයවයිද කියලා දන්නේ නෑ...

:       82       60

BamunuarachchiSaturday, 02 October 2021 09:15 AM

කොයි කාලේද ඉපදුනේ දන්නවාද?

:       4       40

saman Friday, 01 October 2021 02:47 PM

මොන බයිලා කිව්වත් වැඩක් නෑ.. බඩු ගේන්න ඩොලර් දෙන්නැතිනම්... මිඩියා ශෝ විතරයි..

:       1       41

Rohana Friday, 01 October 2021 03:12 PM

මේකෙන් කියන්නේ නැහැ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේ තහනම ඉවත් කලා කියලා .එහෙම බඩු ගෙන්වන්න ඩොලර් අවශ්‍යමයි .ඩොලර් නැත්නම් සහ තහනම ඉවත් නොකලොත් තව දුරටත් එම බඩු ගෙන්වන්න බැහැ

:       18       25

චාමර Friday, 01 October 2021 03:14 PM

හයියෝ මම කාර් එකක් ගන්න හිටියේ

:       28       17

Lanka Friday, 01 October 2021 05:55 PM

ඒකත් රිවස් ! දැන් හොඳටම පැහැදිලියි යුද්දේ කලේ කවුද කියලා..?

:       48       28

Bamunuarachchi Friday, 01 October 2021 05:55 PM

අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ මොන කෙන්ගේඩියකට ගෙන්වා වීදේශීය විනිමය නාස්ති කරනවද? බලන්නකෝ දැන් ජෙප්පෝ කෑගහන හැටි...

:       25       44

Bamunuarachchi Friday, 01 October 2021 05:59 PM

ඔබට කාර් ගෙන්වන්න රටේ විදේශීය විනීමය නාස්තිකරන්නේ මොකටද? ඊට වඩා හොඳ නැද්ද බංගලි වලලු ගෙන්වන එක...?

:       12       21

seneSaturday, 02 October 2021 08:31 AM

ඩොලර් තියෙන්නේ බංගලි දේසේ… හිඟමන් යන්නේ සිංහල දේසේ…

:       23       6

BamunuarachchiSunday, 03 October 2021 08:49 AM

අපට එහෙම උනේ ජෙප්පෝ නිසා. 1989 පස්සේ මේ තිබුන කර්මාන්ත අකුලාගෙන ආයෝජකයෝ බංගලිදේශෙට ගියා

:       2       0

kapila Friday, 01 October 2021 08:33 PM

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පොරොන්දු වුණා ආනයනය කරන ඇඳුම් වෙනුවට ලංකාවේ ඇඳුම් නිපදවලා දෙනවා කියල. ඒ අනුව ඇඟලුම් කාර්මිකයින් නිෂ්පාදනය ආරම්භ කරලා ඇති. දැන් බන්දුල ඇමතිතුමා ගන්න තීරණය මොකක්ද? මහපු දේශීය ඇඳුම් රජයෙන් මිලදී ගෙන නොමිලේ බෙදලා දෙනවද? කබ්රාල් ගත්ත තීරණයට බන්දුල ඇමතිතුමා විරුද්ධ වෙනවද?

:       0       16

de silva Friday, 01 October 2021 11:52 PM

මෙයා යුද්ධේ සැලසුම් කලානම් ප්‍රභාකරන් අද මුළු රටම අල්ලාගෙන.

:       14       4

Ashan Saturday, 02 October 2021 07:17 AM

ජනාධිපතිතුමනි නරකද ගැසට් ගහන්ඩයි ඒව රිවස් කරන්ඩයි වෙනම ඇමති කෙනෙක් පත්කලොත්. මොකද දැන් රජය හොඳටම කරන්නෙ ඒ වැඩේ විතරනෙ

:       7       5

මහින්ද Saturday, 02 October 2021 09:19 AM

කොහොම වුනත් මේක හොඳ තීරණයක්. වහගෙන ඉඳලා රටක් දියුණු වෙන්නේ නැහැ. ආනයන අපනයන දෙකටම ඉඩ දෙන්න ඕන. එතකොට තමයි වැටිලා තියෙන ආර්ථිකයට පණ එන්නේ. ආණ්ඩුවේම අය මොනදේ කිව්වත් වැටුන වලෙන් ගොඩ එන්න වෙන ක්‍රමයක් නැ.

:       0       16

L.G.P.Jathunarachchi. Sunday, 03 October 2021 09:15 AM

දැනට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වන බදු සහ ඔබේ ප්‍රකාශ ඉවත් කිරීමට ඔබට හැකි නම්.

:       0       1

fairoos Sunday, 03 October 2021 02:02 PM

දැන් ඉතින් ඔක්කොම හරි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1438 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 535 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 764 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 551 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site