කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සෝමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සෙනසුරාදා (28) මොරටුව රාවතාවත්තේ දී පැහැරගෙන එදිනම සවස තුනට පමණ වාද්දූව මොල්ලිගොඩ දී අතහැර ගොස් ඇතැයි මොරටු පොලිසිය කියයි.
සෙනසුරාදා උදේ දහයට පමණ ටියුෂන් පංති යෑම සදහා සිසුවා ගාලු පාරේ රැදීසිටියදී පැහැර ගෙන ඇත.
වෑන් රථයක සිටි සිව් දෙනකු බලහත්කාරයෙන් තමා වෑන් රථයට දමාගත් බවත්, පසුව කිරිබත්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් හරවාගෙන ආපසු එමින් සිටියදී බස්බලපිටියේ දී සිහි නැති වූ බවත්, පසුව නැගිට බල විට එම පිරිස විසින් යම් කිසි ප්‍රදේශයක දී වෑන් රථයෙන් බසින ලෙස පැවසූ බැවින් එයින් බැස බලන විට වාද්දූව බව හදුනාගත් බවත් එම ශිෂ්‍යයාගේ ප්‍රකාශයේ සදහන්ව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු පාට වෑන් රථයක් නම් ප්‍රශ්නයක් නැහැ මගේ හිතේ... (නි)
මේකේ ඇත්ත ලගදී දැනගන්න ලැබෙයි (නි)
පිටබැද්දර ජයා,සොබා දහමින් හෝ නිසි දඩුවම ලැබේවි. (නි)
අද අපේ රටට ව්‍යවස්තාදායකය , අදිකරණය වැඩකට නැති දේවල් වෙලා , ඕනේ කරන්නේ සුදු පාට වැන් එකකුයි ආයුද ටිකකුයි ඒවා පරිහරණය කොරන්න දන්නා ඇඟපත හයිය හතර පස් දෙනෙකුයි විතරයි. (නදී)
රටේ මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න නොදී සුදු වැන් වලින් උස්සන් බය කරලා,විරුද්ද මත දාරීන්ගේ කට වහලා .මොනවද මේ කරන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. නව නින්දන් පිල්ලේ හැම මාසෙකම ලංකාවට එනවනම් ඇත්තටම හොදයි.(නදී)
විනිසුරුගේ පුතා කීවහම බය උනාලු.කොට්ටෝරැවා ගිහින් ගිහින් කොටලා තියෙන්නේ කෙහෙල් ගහට නේ. (ස)
අපේ රන් දිවයිනකට ගිය කලක හැටි! ඉස්සර මේවා සෝමාලියාවේ සුඩානෙ වගේ අප්‍රිකානු රටවල අහන්න ලැබුන දේවල්. අද සමාජය එන්න එන්නම පිරිහෙනවා. (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී නඩුකාර හාමුදුරුවෝ වරුත් දන ගහන කාලයක් එනවා. (ස)
දැන්නම් ඇත්තටම හිතිලා තියෙන්නේ ප්‍රභාකරන් මීට වඩා හොඳයි කියලා. (ස)
චානක. මෙක්ෂිකෝවෙවත් මෙහෙම දේවල් සිදු වෙන්නේ නැහැ.එහෙනම් කව්ද කියන්නේ රටේ තිබෙන්නේ යහ පාලනයක් කියා? (නි)
දැන් ඉතින් ෂුවර් එකටම නඩු තීන්දු කිහිපයක් අකමැත්තෙන් වුණත් වෙනස් විදියකට අපිට අහන්න වෙයි කියලා මට හිතෙනවා (නි)
නඩුකාර හාමුදුරුවන්ටත් මෙහෙම කළා නම් සාමාන්‍ය ජනතාවට දෙයියන්ගේම පිහිටයි (නි)
ඇත්ත එලියට ඒවි. (නි)
කරුණාකර මේගැන විධිමත් පරීක්ෂණයක් කරන්න (නි)
මේක නම් ඇතුලෙත් කතාවක් තියෙන දෙයක් වගෙයි.(නදී)
මේ නඩුකාර හාමුදුරුවෝ කලින් හිටියේ මොරටුව උසාවියේ නේද? (නි)
මේක සුලුවෙන් බලන්න එපා (නි)
තොරතුරු නොදැන මොකුත් කියන්න බැහැ. මොනවා වුණත් මේ පැහැරගෙන යාමේ "සංස්කෘතිය" දැන්මම නැති නොකළොත් නීතියක් ගැන අපි කතා කිරීමත් නිෂ්ඵලයි. (නි)
කවුරුහරි එක්ක ගිහින් වෙන්න ඇති. (නි)
මෙක්ෂිකෝවෙවත් මෙහෙම දේවල් සිදු වෙන්නේ නැහැ.එහෙනම් කව්ද කියන්නේ රටේ තිබෙන්නේ යහ පාලනයක් කියා? (නි)
කුඩා ළමයින්, වයසක උදවිය, අබල දුබල අයට හිංසා කිරීම හෙලා දකිමි. (නි)
මෙතන කොහේ හරි කොනක දේශපාලකයෙක් ගෑවිලා ඇති. (නි)
සාමාන්‍ය ජනතාව භීතියට පත්වේවි. නීතිය නැති රටක් විදියට අපව ලෝකයාට පෙනේවි. ඉදිරිය අදුරුද? පසුබිම මෙන්ම පසුපස සිටින්නන්ද වහාම හෙළිකර ගත යුතුයි (නි)
මේක තවත් කතාවක මුල වගේ. හෙට අනිද්දා සියල්ල දැනගන්න පුළුවන් වේ යැයි සිතමි (නි)
පේනවා නේද මතින් ඉප යන කළු සල්ලි වල බලයේ තරම , කොන්ද කෙලින් තියලා තීරණයක් ගන්නත් පුලුවන්ද? (නදී),
අසුභ පෙර නිමිති(නදී)
දැක්ක අය නැත්නම් කොල්ලා රවුමක් ගහන්න ගිහිල්ලා.(නදී)
ෂුවර් එකට කොලු පැටියා තව යාළුවො ටිකක් එක්ක ටියුෂන් යනවා කියල ගිහින් වත්ද කොහේ හරි.(නදී)