අතුරුගිරියේ සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කළැයි රිමාන්ඩ් කැර සිටින ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර නෙත්තසිංහගේ වැඩ තහනම් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසිය.
පරික්ෂණ පැවැත්විම සඳහා යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මුලික පරික්ෂණ උසාවියක් ද පත්කර ඇති බව ඔහු කීවේය.
ලුතිනන් කර්නල් 14 වැනි ගජබා රෙජිමේන්තුවේ නිලධරයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරුවන්ගෙන් යහපාලනය පළිගන්නවා කියල කවුරුත් මේකට කියන්නැද්ද? (බ)
ඒකාබද්ධ විපක්ෂය මේකටත් කියාවි රණවිරු දඩයම් කියලා. (නි)
මහින්ද මහත්තයා හිටියා නම් මේ විදිහට රණවිරුවන්ට කරදර වෙන්න දෙන්නේ නැහැ (නි)
සමහරු කියන විදිහට නම් හමුදාවේ නිලධාරීන් නීතියට යටත් කිරීම නරකයි! (නි)
මෙවැනි නඩුවකට යුද්ධාධිකරණයක් තිබීම නීතියේ විවෘතභාවයට ප්‍රශ්නයක් නොවේද? මම මේ නොදන්නා නිසයි අහන්නේ
අවුරුදු ගණනක් යුද මානසිකත්වයකින් ඉඳලා මේ මිනිස්සුන්ට සාමාන්‍ය තත්වය තවම එන්න බැරි වෙලා. මේක හමුදාවේ 70% විතර තියෙන ප්‍රශ්නයක්. මේගොල්ලන්ගේ තියෙන න්‍යාය තමයි හැම ප්‍රශ්නෙකටම් උත්තරය ගිනිඅවිය. ගිනි අවියෙන් තොර ජීවිතයක් මෙගොල්ලොන්ට නැහැ. මේ අහඹු සිද්දියක් නෙවෙයි. (හේ)