අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා සැකපිට එම උත්සව ශාලාවේ සේවකයකු, රජයේ දේශපාලඥයකුගේ රියදුරකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා සැකපිට එම උත්සව ශාලාවේ සේවකයකු, රජයේ දේශපාලඥයකුගේ රියදුරකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි ෆස්රුල්. හරක් මස් කන එකට පාරට බහින එක නෙවෙයි කරන්න ඕන. මේ හෙන්චයියෝ මිනී මස් කන එක නවත්තන්න අපි සියලු දෙනා ජාති භේදයකින් ආගම භේදයකින් හෝ පක්ෂ භේදයකින් තොරව එකමුතු විය යුතුයි. (ස)
සංවාදශීලිව හෝ ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට පිළිතුරු සොයා රට වර්තමාන ව්‍යසනයෙන් ගොඩ ගන්න දැඩිව අධිෂ්ඨාන කරගන්න. දේශපාලන බල තණ්හාවෙන් නොව රට, දැය හා ආගම ගැන සිතා පෙරට එන්න. සතුට, සමාදානය, සහජීවනය හා අන්‍යොන්‍ය විශ්වාසය ඒ තුලින් තහවුරු වී, ශ්‍රී ලංකාව නැවත ලෝකයම ගරු කරන රටක් වේවි. මෙය ප්‍රාර්ථනා මුසු ඉල්ලීමක් මිස බලපෑමක් නොවේ. (නි)
රූපවතී 2013-12-02 10:59:35, දැනට තියන තත්ත්වය අනුව ගෙවල් වල ජීවත් වෙන්න අමාරුයි.තව ටික කාලයකින් අපිට කැලේවත් ජීවත් වෙනවා බොරු (නි)
ප්‍රභා, මහා පර්වතය මත්තෙහි හිඳින ප්‍රඥාවන්තයා පාමුල සිටින බාලයන් දෙස දැඩි අනුකම්පාවෙන් බලා සිටී. (නි)
සුමංගල, ඔයාට ඕනෑ නම් එයාට කියලා කපාගෙන කොටාගෙන මැරෙන්න. ඒත් අපි හදන්නේ මිනිසත්බවක් ලදුව ඉපදිලා මේ ආත්මේ ,ජීවිතය තේරුම් ගෙන මිනිසෙක් විදියට මැරෙන දවස ළං වෙනතුරු ජීවත් වෙන්නයි.කාගෙන්වත් කඩු පහරකට තිරිසනෙක් වගේ මැරෙන්න නෙමෙයි පෙර පින් ලබා උපන්නේ (නි)
සිංහ පින්බිම, බුදුන් වැඩිය රට, ලෝකෙන් උතුම් රට... ඔය හැමදාම මතුරන මන්තරය තව දුරටත් වලංගුද කියලා හිතලා බලන්න කාලය හරි (නි)
සැකකාර දරුවනි, නුඹලා සඟවා ඇති මොට ආයුධ පෙන්වීමට යාමෙන් හා වැව් වල පිහිනීමට යාමෙන් ප්‍රවේශම් වන්න (නි)
කියන්න නම් ඕනෑතරම් දේවල් තියෙනවා කියලා වැඩක් නැහැ.බොරුවට අපේ කාලය අපරාදේ. ලංකාවේ ඉන්න 99% මිනිස්සුන්ට හිතෙන්නේ මේ ආකාරයට. සුළුතරයක් නිසා වන හානිය බොහොමයි (නි)
මේ සියල්ලන්ගේම අදහස් එක හා සමානයි, රට යන ක්‍රමය ගැන අසතුටක් තිබුනත් අසතුට ප්‍රකාශ කරන්න හරි මඟක් නැති එක තමා ප්‍රශ්නය. (ස)
මේ මිහි කත මෛත්‍රී නමැති ජලයෙන් තෙමා වදාළ ශාන්ති නායක බුදු හිමි විසින් මනාකොට සද්ධර්මය දේසනා කරමින් වසර 5000 ක් පුරාවට ම එකී ධර්මය මේ පින් බිමේ පවතින්නට උතුම් වරම් ලබාදුන්නාවූ අවසරයේ දස අත අත නෑරම ප්‍රාණඝාතයේ, සොරකමේ , මංකොල්ල කෑමේ, ළමා අපචාරයේ, ස්ත්‍රී දුෂණයේ, අල්ලස් හා කොමිස් ගැහීමේ, දුප්පත් අහිංසක ලෙඩුන්ගෙන් අසීමිත මුදල් ගසාකෑමේ, බුද්ධිමය දේපල ගසාකෑමේ , තවද එකී මෙකී නොකී සළු පිලි වලින් ප්‍රති මන්ඩිත වුවා වූ අපරාධයේ අභිජන ( හයි බ්‍රිඩ්) තවලම රිසි අයගේ දන මන මනමත් කරමින් ගහ කොළ , සතා සිව්පාවා, ගං දෑල , වන දෑල පසු කරමින් කටු කොහොල් නැති අධි වේගී මාර්ගයේ ඉදිරියට යන නියාව දකින ඇසිල්ලෙහි සාධු ජනයාගේ සිත් තුළ පහල වන හැගීම් විස්තර කිරීමට රිසි පන්හිඳ අතට ගත හැකි ධර්මපාලයාණන් කෙනෙකු මේ පින් බිමේ සිටිත්ද?(නදී)
දේශපලයන්ගේ ලඟ ඉන්න නුගත් මැරයන්ගේ හිතේ, මිනි මරන්න, කප්පන් ගන්න, ගැණු දුෂණය කරන්න, ලයිසන් දීලා කියලා. මුන්ට විරුද්ධව තදින් නිතිය ක්‍රියාත්මක නොව්නොත් ....? (ස)
ෆස්රුල්: මිනිස්සු දස දහස් ගණනකට වෙච්ච අවනඩුවක් අද වෙනතුරුත් විසදිලා නැතුව තියෙද්දී ඒ ගැන වචනයක් වත් කතා නොකරන අපේ රටේ ජනතාව, මේ වගේ එක අහිංසකයෙකුට හෝ පවුලකට වෙන දෙයකට පාරට බහිවිද? අර කියන්නා වගේ තමන්ටම වෙච්චි දවසට තේරෙයි. ඒත් උදව්වට නම් කව්රුවත් නැති වෙයි. (තමන්ගේ බලය ගැන විතරක් ම හිතන පක්ෂ/විපක්ෂ දේශපාලකයන් සහ හෙන්චයියන් සිටිනතුරු සහ ජනතාව නිහඩවම සිටින තුරු මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදු වනු ඇත.) (ස)
මෙච්චර කාලයක් චිනේ අපිත් එක්ක හිටිය දැන් දැන් ඒගොල්ලොත් අහක බලනවා. මේ වගේ කාලකන්නි, මිලේච්ච, වනචාරී දේවල් වෙන නිසාද මන්ද ? (ස)
ලෝකෙන් උතුම් රට. දිනකට වැඩිම පිරිසක් කෘර ලෙස මරණ රට. දිනකට වැඩිම කාන්තාවන් පිරිසක් දුෂණය කෙරෙන රට. (ස)
මම නම් කියන්නේ අපි හැමෝම පාරට බහින්න ඕනේ. මුලින්ම දේශපාලන බලතල වලින් මිනී මරනවුන් අල්ලලා අපි හරි මරන්න ඕනේ. දැඩි නීති වහාම ක්‍රියාත්මක කරන තුරු පක්ෂ හා ආගම් භේද දුරලා සියලුම දෙනා සටන් කල යුතුය. මැරෙන්නේ ඔක්කොම අහිංසක මිනිස්සු. බලන්න මේ කාන්තාවන් දෙස මොන තරම් වේදනාවක් සිත දරාගෙන සිටිනවා ඇතිද? මේ වටිනා ජීවිතය නැවත ඔවුන්ට ලැබේවිද? මොහු ආදරණීය බිරිඳට තම ස්වාමියා අහිමිවී ඇත, දූ දරුවන්ට වටිනා තාත්තා කෙනෙක් නැතිවී ඇත. අම්මට තම පුතා සහෝසහෝදරියන්ට මේ සියලු දෙනාටම මිල කළ නොහැකි වටිනා ජීවිතයක් නැතිවී ඇත. අය කිසිම කෙනෙක් මේ වගේ සිදුවීම් වලට විරුද්ධව පාරට බහින්නේ නැත්තේ? අද ඔහුට හෙට අපට විය හැක? අපිත් හැමදාම මේ වගේ පුවත් කියවන ඊට පස්සේ ඒවාට කමෙන්ට්ස් දානවා ඉවරයි? මේක ද අපෙන් විය යුත්තේ? මේ තරම් සංවර්ධන කටයුතුවලට අවධානය යොමු කරන්නේ මිනිසාගේ මනස සංවර්ධනය කරන්න කවදා කැප වන්නේ? ගරු සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේවාට විරුද්ධව නැගී සිටින්න. අපත් ඔබ සමග අත්වැල් බැඳ ගන්න සූදානම්. (ස)
සුමංගල කියපු විදියට, වැවකටම තමයි ඔබින්නෙ. (ස)
රුපවතී, මැරෙන්න බයද? මැරි මැරී ජීවත් වෙනවට වඩා එක පාරට මැරෙන එක කොච්චර ජොලිද? (ස)
ඇයි මේවට ලයිසන් දෙනවනේ. චන්දි ඇයි ඔය තරම් කෑ ගහන්නේ ඕවට.(නදී)
දැනට තියන තත්වේ අනුව ගෙවල් වල ජීවත් වෙන්න අමාරුයි ..රෑට ඇවිත් මරල යනවා ..?තව ටික කාලයකින් අපිට කැලේවත් ජීවත් වෙනවා බොරුයි ...? (ස)
රියදුරුට ඇප. අනිත් උන් වැවකට. (ස)