අද පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දෙමළ ඩයස්පෝරාව ආදී බෙදුම්වාදීන්ට මෙන්ම ඔවුන්ට අවැසි පරිදි අපේ රටට එරෙහිව මානව හිමිකම් මුවාවෙන් රට අස්ථාවර කිරීමට ක්‍රියාකරන මානව හිමිකම් සමුළුව හරහා ක්‍රියාත්මක වන්නක් බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ කියති.
පසුගිය වසරේ රජය වෙනුවෙන් මංගල සමරවීර අත්සන් කළ මානව හිමිකම් කාර්යාලයට ඉදිරිපත් කළ ඇමරිකා යෝජනාවලියේ ජාත්‍යන්තර යුද අධිකරණය පිහිටුවීම, සත්‍ය සෙවීමේ කොමිසම, සහන සැලසීමේ ක්‍රියාවලිය හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන කරුණු හතරම ඇතුළත් බවත් ඒ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම කාර්යාලයට අධිකරණයට සමාන බලතල හිමි බවත් සාක්කි ලෙස විදෙස් රටවල සිට වීඩියෝ එවිය හැකි බවත් එම කාර්යාලය ගොනු කරන කරුණුවලට කිසිවකුට එරෙහිවිය නොහැකි බවත් කියන ඒ හිමියෝ මෙය ත්‍රස්තවාදය තුරන් කළ රණවිරුවන්ට හා දේශපාලන නායකයින්ට දඬුවම් කිරීමට හා ත්‍රස්තවාදය සුරැකීමට මෙම කාර්යාලය ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ. (නි)
රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද තවත් මේ ප්‍රශ්න? (නි)
රෙක්ස්, රොකි, ඔබ එදා කොටියාට බියෙන් සිටිද්දී මේ නාලක හිමියන් කොටි කටට ගොස් විපතටපත් සිංහලයන් ගැන සොයපු හිමිනමක්. හිටපු ජනපතිතුමාගේ කාලයේත් වැරදි සිදුවුණා. මම මේ බලපෙරේත දේශපාලන අජීර්ණය ඇති කෙනෙක් නොවෙයි. (නි)
මුණසිංහ මහත්තයෝ, යුද්ධය දිනුවේ මහින්ද කියන්නේ, එයාද යුද්ධයට ගියේ? (නි)
සමහරුන්ගේ අදහස් ගැන මට කණගාටුයි (නි)
කාගේ වුවමනාවක් වුණත් අසාධාරණයට ඉඩදෙන්න බැහැ (නි)
රෝහණ, ඔයාද යුද්ධයට ගියේ? ඔයා වගේ අය තව කීපදෙනෙක් ඉන්නවා (නි)
මුණසිංහ මහත්තයෝ, ඇමරිකාව අපිව පාලනය කරන්න ගත්තේ යුද්ධය දිනුවට පස්සේ නෙමෙයි. අවුරුදු 50 ක ඉඳලා ලංකාවේ ආර්ථිකය තියෙන්නේ ඇමරිකාව මත. ලංකාවේ අපනයන වෙළදපොළෙන් 60% ක් ඇමරිකාව. (නි)
මේ හැමදේම බලාගෙන යනකොට මෙයාලා එක්ක මුකුත් කරන්න බැහැ කියලා තේරෙනවා (නි)
මොහාන්ගේ කතාවට සංශෝධනයක් කරන්න තියෙනවා. එක්සත් ජාතීන්ට නොවෙයි ඇමරිකාවට යටත්. එක්සත් ජාතීන් කියන්නේ ඇමරිකාව. එයාලා කියන විදියට වැඩ කළොත් තමා මේ ආණ්ඩුව තියෙන්නේ. මේ සියල්ල යුද්ධය දිනූ නිසා. මහින්ද කරපු ලොකුම වැරැද්ද එ්ක. (නි)
ඔබවහන්සේ කියන කතාව හරියට හරි (නි)
සමන්ත, හාමුදුරුවරු ඉදිරිපත් නොවී ශාසනේ රැක ගන්නේ කවුද දැන්?(හේ)
පසුගිය රජය මේක කරානම්. කිසි ප්‍රශ්නයක් නැහැ.(හේ)
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කියන දේවල් මේ පනතේ අඩංගු වෙලා තියෙනවා දැක්කද.? (හේ)
"ඩයස් පෝරාව "කියන්නේ මොකක්ද?වදාරනු මැනව (අ)
මෙම පනතේ අන්තර්ගතය ගැන පළමුව දැනගෙන ගෙන අදහස් පලකරනවානම් හැමටම ප්‍රයෝජන වෙනවා ඇත. ගරු නාලක හිමියන්මෙම අදහස් පළ \nකරනුයේ පනතේ සදහන් භයානක කරුනු පිලිබඳව සමාජය දැනුවත් කිරීමටයි. ගරු හිමියන්හට පහර ගසනු වෙනුවට මෙම දේශද්‍රෝහී පනත සම්මත කරගත් කුමන්ත්‍රනකරුවන්ට එරෙහි වෙනු(රේ)
දිල්ෂාන්, ශාසන ඉතිහාසය කියවන්න. සමහර හාමුදුරුවරු, ශාසනය රැකගැනීම කොහොම වුණත් ශාසනය දූෂණය කළ වග ඔබ නොදන්නවා වගෙයිනේ කතාකරන්නේ (නි)
එන පොට හොඳ නැහැ කියලා තමයි හිතෙන්නේ (නි)
අනේ මන්දා මෙහෙම ගියොත් රටක් ඉතුරුවෙයිද කියලා (නි)
බමුණු, ඔබටත් මේ ආණ්ඩුව කරන හැමදෙයක්ම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ හැමදෙයක්ම හරි. (නි)
හාමුදුරුවන්ට මේ රජය කරන ඔක්කොම වැරදියි. පහුගිය ආණ්ඩුව කළ ඔක්කොම හරි. අනේ හාමුදුරුවනේ, ඔය සිවුර පැත්තකින් තියලා දේශපාලනේට බහින්නකෝ! (නි)
අපි වැරදිකාරයො කියලා ලෝකෙටම අණබෙර ගහනවනෙ දැන්ම ඉඳන්ම. නොකියා කියන්නෙ අපේ හමුදාව මිනිසුන්ව අතුරුදහන් කළා කියලද? අපි වරදක් කළේ නැහැ කියලා පෙන්නන්න තියෙන හොඳ අවස්ථාවක්නෙ මේක. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සහතික ඇත්ත හාමුදුරුවනේ. මේ ආණ්ඩුවට කියන ඒවා හරියට "බීරි අලින්ට වීණා වැයුවා වගේ" (නි)
අර පසුගිය සමයේ දුෂණ වංචා කළ අය අත්අඩංගුවට ගන්නවා කියලා පාර්ලිමේන්තුවේ කෑගසන විපක්ෂයේ කට්ටිය අද සද්ද නැතුව හිටියේ ඇයි. ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න ගැන තැකීමක් නැද්ද? (නි)
ගරුතර හාමුදුරුවනේ, ඉස්සරහට තැබූ පය පස්සට ගන්න එපා. සිංහල නම් තියෙන ජාතිද්‍රෝහීන් පන්නනතුරුම සටන් කරමු. අපි ඔබ වහන්සේලා සමඟයි (නි)
ජනතාවට ද්‍රෝහීව ඩයස්පෝරාව පිනවන්න රජය ගත් මේ තීන්දුව විසින් මේ ආණ්ඩුව අවසන් ගමන් යවනු ඇත. (නි)
මම එක ප්‍රශ්නයක් අහන්නම්. 87-90 කාලයේදී දකුණේ තිබුණු කැරැල්ල කාලයේදීත් සිංහල තරුණයින් දහස් ගණනක් මියගියා. අතුරුදහන් වුණා. ඒ කාලයේදී හිටිය මහා වීරයෙක් අම්මලාගේ කඳුළු ඉස්සරහට දාගෙන ඔය දැන් ඉඳගෙන පතුරු ගහන ජිනීවා ගිහිල්ලා පින්තූර පෙන්නලා කිව්වේ ලංකාවට ආධාර කරන්න එපා කියලා. මානව හිමිකම් උල්ලංගනයවීම් සිද්ධ වුණා කිව්වා. එදා එහෙම කෙරුවේ සිංහල කොල්ලෝ කෙල්ලෝ මරුන නිසානේ. දැන් කෑගහන්නේ ඇයි ? යුද්ධය ඉවරකළානේ. මේ සිංහල අපගේ රටයි කිය කියා අන්ධභාවයෙන් බැණ බැණ තෝසේ මසල වඩේ කන සිංහල බෞද්ධයෝනේ මේ අපි. (නි)
ඔව් හාමුදුරුවනේ පෙනෙනවා නේද ත්‍රස්තවාදී කාලේ පාරට බැස්ස නැති නිවටයෝ දැන් ලියන දේවල්. ප්‍රබාකරන් කීවා හරි සිංහලයට මතක තිබෙන්නේ සුමාන දෙකයි. (බ)
ඔබ වහන්සේ හරි , මේක ඩයස්පෝරාවේ උවමනාවක්. එහෙම නැතුව මේ ආණ්ඩුවේ උවමනාවක් නෙවේ. ඒත් හාමුදුරුවනේ අපිට ඕන විදියට කරන්න බැහැ. අපි එක්සත් ජාතීන්ට යටත්. අපිට ආධාර දෙන රටවලට යටත් . ඔය ලොකුවට කතා කිව්වට එදත් එහෙම තමා, අදත් එහෙම තමයි.(හේ)
මේ ආකාරයෙන් පනත සම්මත කිරීම ඉතාම අසාධාරන දෙයක්. (හේ)
පක්ෂ බේදයෙන් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙකුම මෙම පනත සම්මත කිරීම තරයේ හෙළාදැකිය යුතුයි. (නි)
සිංහල ජාතිය නැති කරන්න ගෙනා පනතක් ලෙසයි අපි නම් දකින්නේ (නි)