
(නිමල් ජයරත්න)
දින දොළහක් පුරා ආහාර නොමැතිව ගල්ලෑල්ල කුසුම්ගම ප්රදේශයේ වෙල්යායක මඩවගුරක වැටී සිටි අවුරුදු දහයක් පමණ වයසති අලි පැටියා වැඩිදුර ප්රතිකාර සඳහා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය ඒකකය පියවර ගත්හ.
විවිධ ආපදාවන්ට ලක්වන වන අලීන්ට කඩිනම් ප්රතිකාර කිරිමට වර්තමාන රජය මඟින් ආරම්භ කර ඇති අතර ඒ යටතේ දින දොළහකට අධික කාලයක් ආහාර කොටස් මුඛයේ සිර වීමෙන් ආහාර ගැනීමට නොහැකව ශරීරයේ දුර්වල වී ගල්ලෑල්ල කුසුම්ගම ප්රදේශයේ වෙල් යායක වැටී සිටි වයස අවුරුදු 10 ක් පමණ වන අලි පැටවා ගිරිතලේ සහ පන්ඩුලගම, පොළොන්නරුව වනජීවි කාර්යාලවල නිලධාරීන් 40 කට ආසන්න කණ්ඩායමක් මෙම අලි පැටියා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.
වන අලින්ට ආදරය කරන බොහෝ පිරිසක්ද ඒ සඳහා සහාය දැක්වූ අතර මෙම වන අලියා ඇද වැටුණු දින සිට ගම්වාසී ජනතාව සත්වයාට ආහාර සපයනු ලැබුහ.
මහත් පරිශ්රමයක් දරා දොඹකරයක ආධාරයෙන් ප්රථමයෙන් ට්රැක්ටර් රථයකට පටවාගෙන වෙල මැද සිට ගොඩට ගෙන නැවතත් මේ සත්වයා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන අලි ප්රවාහනය කරන ලොරි රථයකට පටවා අලි පැටවා ඇත් අතුරු සෙවන රැගෙන ගොස් සිටුවා අවශ්ය ප්රතිකාර ලබාදීමට පියවර ගන්නා බව වනජීවී පශු වෛද්යය ඒකකය සඳහන් කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd