රුපියල් ලක්ෂ එකොළහකට ආසන්න අනර්ථයක් කළැයි කියන සිද්ධියේ සැකකරුවන් වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් සුමනසූරිය ඇතුළු සැකකරුවන් 17 දෙනකුට එරෙහිව නීතිපති උපදෙස් මත ලබන ජූනි පස් වැනිදා චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.
තුල්හිරිය මහේස්ත්‍රාත් අමත්ත ලක්මාල් වික්‍රමසූරිය මහතා ඉදිරියේ අද (29) නඩුව කැඳැවිණි.
නඩුව එදිනට කල් තබමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එදින ඔවුනට චෝදනා පත්‍ර භාර දෙන බවයි.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා නඩු විභාගයට පෙනී නොසිටියේය.
අසනීප බව දන්වා ඔහු වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර තිබිණි.
2012 ජූලි හය වැනි දින වරකපොළ භූගත ජල ව්‍යාපෘතිය ඇරැඹූ අවස්ථාවේ නීති විරෝධී ලෙස රංචු ගැසී දේපළවලට හානි කලැයි පොලීසිය ඔවුනට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සෙනවිරත්න මහතාගේ ආරක්ෂක නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂක ඇම් එච් එම් ෆවුමි සහ සැරයන් වික්‍රමරත්න මහේස්ත්‍රාත්වරයා විසින් අද (29) නිදහස් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ලෙඩවෙලා. නවලෝකෙට නවතින්න යාවිද? අනේ දුකයි. (නදී)
ඔන්න අපේ රටේ සාදාරන නීතියක් තිබේද බලා ගන්න අවස්ථාවක්. යට නොගහා, රෝහල් ගත නොවී, රාජ්‍ය බලපෑම් නොමැතිව සදාරණයක් වෙන්න ඕනෑ (නි)
අපි එයාව සිංගප්පූරු රෝහලකට යවමුද? (නි)
අයියෝ සල්ලි
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ ,සැපයක් යැහි කකුළුවා දිය කෙලියේ ,එපවත් තොප සිතතොත් නොහැකිලියේ , සැපයක් නම් නැත කම් රස කෙලියේ ... (නි)
රතු පක්ෂ වලින් පැන්නවුන් තමා දරුණුම... (නි)
මොකද්ද ඒ
ජාතික තලයේ ඉඳන් ප්‍රාදේශීය තලය දක්වා දේශපාලකයෝ කරන වීරක්‍රියා දවස ගානේ ආරංචි වෙනකොට පුදුම සතුටක් ඇතිවෙනවා. අනේ අපි පත් කරපු අය නේද කියලා. ඒත් ඒ ගරු කටයුතු මහත්වරුන්ට නඩු දාන්නෙම එතුමන්ලා අසනීපයෙන් ඉන්න වෙලාවක් බලලනේ. හරි පවු. (නි)
අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි
අයියෝ සල්ලි
උසාවියට එන්න කියන හැම කෙනෙක්ම අසනීප වෙනවා. මේ ගැන මහජනයාවත් පෙරමුණ ගතයුතුයි . (නි)
මතක නැති වීද දන්නෑ (අ)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොසොල් රජු දුටු සිහින දාසයද මේ වෙන්නේ? (නි)
දැන් මට දැනගන්න පුලුවන්ද දොස්ටර ජයලත් ජයවර්ධන විතරද වැරදි කරලා තියෙන්නේ, අපි හැමදේම සාදාරනව දකින්න? (නි)
කුතුහලය දනවන පුවතක්. අවසානය යහපත් වීම ජනතා සිහිනයයි. (නි)
නඩු දාලා විතරක් මදි. වැරැද්දක් කරලා නම් තනතුරුවලිනුත් ඉවත්කරලා දාන්න ඕනෑ (නි)