ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුරකුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කර ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින් එම පියවර ගත් බව ජනාධිපතිවරයා අය වැයි ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට කිරීමට පියවර ගත්තේය.

මෙම බදු සංශෝධන අද  සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් එම ද්‍රව්‍ය වල මිල අඩු වෙන බව ද ජනාදිපතිවරයා කියා සිටියේය.