(අංජුල මහික වීරරත්න)

පැය පහක කාලයක් පුරා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුණේ ගිරා පෝතක අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය යෝජනා පිළිබඳව අදහස් දක්වමින් අද (12)පැවසීය.

2027 අයවැය ‍ලේඛනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කීවේ දුප්පත් කම තුරන් කිරීම සඳහා අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැති බවයි.

"මේ රටේ ලක්ෂ 220ක් වන සමස්ත ජනතාව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ජීවත්වීමේ අරගලය,බඩු මිල ,ජීවන බර වැඩිවීම,උද්ධමනය වැඩිවීම,මේවාට ජනාධිපතිවරයා අයවැයෙන් පැහැදිලි උත්තරයක් ලබා දුන්නේ නැහැ.

දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්න අයවැයෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.