IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අද ඉන්න දේශප්‍රේමීන් එදා මාවිල්ආරු ගියේ නෑ‘

‘‘එක පාර්ශ්වයක කැපවීමෙන් පමණක් සංහිඳියාව ගොඩ නගන්න බෑ. දෙපාර්ශ්වයේම කැපවීම අවශ්‍යයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඒ කැපවීම ලැබිය යුතුයි.‘‘ යැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘‘ රට බෙදන ෆෙඩරල් යෝජනා එපා‘‘  මැයින් ජාතික හෙළ උරුමයේ අවිස්සාවේල්ල ජන සභාව සංවිධානය කළ වැඩසටහනක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.

‘‘රටක ජාතික ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්නේ පාර්ලිමේන්තුව. ඒ පිළිබඳ කිසිම අයිතියක් පළාත් සභාවකට දීලා නෑ. තමන්ට ආවේනික වූ විෂය පතයක් පළාත් සභාවලට තිබෙනවා. එය ව්‍යවස්ථාවේ ලියැවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑ ජාතික ප්‍රතිකප්තියක් සංවාද කළ හැකියි. රටේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ කතා කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.

උතුරේ යෝජනාව සම්මත කළේ හේතු දෙකක් මතයි. එකක් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කර ගෙනයි. අනික ව්‍යවස්ථාව තැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ල කිරීමේ අරමුණින්.

පළමු වැතාවට ඒ වී රාමසාමි නායක්කර් කියන පුද්ගලයා තමයි දකුණු ඉන්දියාවේ ගාන්ධිට විරුද්ධව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේ. ද්‍රවිඩස්ථානයක් ඕනෑ කියා සටනක ඔහු නිරත වුණා. ඉන්දියාවේ දකුණේ ප්‍රාන්ත හතරම එකට එකතු කර දෙමළ රාජ්‍යයක් සැදිය යුතුයි කියා 1939දී වැඩ පිළිවෙළක් ආරම්භ කළා. කරුණානිධි එදා ඒ වැඩපිළිවෙළට තරුණයකු ලෙස දායක වුණා. ඔහු ඒ කාලයේ චිත්‍රපට තිර රචකයෙක්. රාමසාමි නායක්කරුත් ඔහුගේ දෙවැනියා වූ අන්නදොරේත් කරුණානිධිත් ඉන්දියාවේ නිදහස ගනිද්දි අපේ එල්ටීටීඊ සංවිධානය පිහිටෙව්වා වගේ ලොකු සටනක් ගෙනිච්චා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව කියමින්. ඒ සඳහා සන්නද්ධ ව්‍යාපාරයක් පිහිටෙව්වා. මේ විදියේ වැඩ පිළිවෙළක් ගෙනිච්චා. මුලදී ප්‍රාන්ත මැතිවරණවලට තරග කළේ නෑ.

මෙහෙයම ගිහින් රාමසාමි නායක්කර්ගෙන් අන්නදොරෙයි කරුණානිධියි කැඩී ගිහින් දෙමළ කසාගම් ව්‍යාපාරය, දෙමළ මුන්නේත්‍ර කසාගම් පක්ෂය කියන දේශපාලන පක්ෂය පිහිටෙව්වා. මෙතරම් කාලයක් ඡන්දය ඉල්ලන්නේ නැතිව සටි මිනිසුන් 1957 දී මදුරාසි ප්‍රාන්තයේ ඡන්දය ඉල්ලුවා. ඡන්දයෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුණා. නමුත් පාලන බලය පිහිටුවන්න බැරිවුණා. පාලන බලය පිහිටෙව්වේ නේරුතුමාගේ පක්ෂයයි. නැවත 1962 මැතිවරණයේදී කරුණානිධි නැවත ඉල්ලුවා. නමුත් ජයගන්න බැරිවුණා. ඊළඟ මැතිවරණයේදි කරුණානිධි දිනන්න ඉඩ ඇති බව නේරුතුමාට තේරුණා. අපේ නායකයන් වගේ නොවෙයි, නේරු තුමා වහාම තීරණයක් ගත්තා. කරුණානිධි ඇතුළු සියලුම දේශපාලන ව්‍යාපාර තහනම් කළා. සන්නද්ධ අංශය මර්දනය කළා. එක ඉන්දියාවක් පිළිනොගත්තොත් කිසිම මැතිවරණයකට තරග කිරීමට ඉඩ නොදෙන බවට නියෝගයක් කළා. ඒ අනුව සියලු දෙනා අත්අඩංගුවට ගන්න තීරණය කළා.

අපේ රටේ වගේ පාර්ලිමේන්තුවට ඇවිත් එක් දෙයක් කියමින් වෙනත් තැනකට ගිහින් වෙනත් රාජ්‍යයක් ඕනෑ කියන්න ඉන්දියාවේ බෑ.  ඊට දඬුවම් දිය හැකි නීති ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව කරුණානිධි මහත්තයා ඓතිහාසික තීරණයක් ගත්තා. අපි ආයුධ අත හැර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනිමින් සාමකාමී ගමනක් යන බවට තීරණය කළා. අපි ඉන්දියාව බෙදන්න යන්නේ නෑ, එක ඉන්දියාවක් පිළිගන්නා බව ඔවුන් කිව්වා. ඒ අනුව 1967දී ඒ ප්‍රාන්තයේ බලය අල්ලා ගත්තා. අද වනතුරු ඒ ඒ පක්ෂ තිබෙනවා. දකුණු ඉන්දියාවේ කවුරුවත් ෆෙඩරල් ඉල්ලන්නේ නෑ.  මේ ආදර්ශය ලංකාවේ උතුරේ දේශපාලකයන් පවත්වාගෙන යා යුතුයි. මේ රටේ ත්‍රස්තවාදයට නැවත ඉඩක් නැති බව මතක තබා ගත යුතුයි. ත්‍රස්තවාදය නිසා වූණේ දෙමළ ජනතාව පස්සට ගිය එක පමණයි. රට ආර්ථික සමාජ ලෙස විනාශ වුණු එක පමණයි ත්‍රස්තවාදය නිසා සිදු වුණේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මීට අවුරුදු හතකයට පෙර නන්දිකඩාල්වලදී පෙන්නුවා ත්‍රස්තවාදයට කවදාවත් ජයග්‍රහණය කළ නොහැකි බව. විදේශ හමුදා සහයකින් තොරව අපි ත්‍රස්තවාදය පරාජය කළා.

අද පපුවට ගහගෙන කතා කර බොරු දේශප්‍රේමීන් ඉන්නවා. එදා ඒ කිසිවෙක් ත්‍රස්තවාදයට එරෙහිව කතා කරන්න ආවේ නෑ. එදා ත්‍රස්තවාදීන් මාවිල්ආර් සොරොව්ව වසා අබියෝග කළ අවස්ථාවේ අද දේශප්‍රේමීන් කියන පිරිස් එදා අපේ ජනතාව වෙනුවෙන් මාවිල්ලාරු ගියේ නෑ.

මේ රටේ 1982 සිට තැබූ ජනාධිපතිවරණවලදී තුවක්කුව හරස් වුණා. එක්කෝ තුවක්කුව අල්ලලා උතුරේ ජනතාවගේ ඡන්දය දාන්න දුන්නේ නෑ. 88 ජනතා විමුක්ති පෙරමුණේ දකුණේ තුවක්කුව එල්ල වුණා. අපට නිදහසේ ඡන්දය දෙන්න ලැබුණු පළමුවැනි ජනාධිපතිවරණය තමයි 2015 ජනාධිපතිවරණය.  මහින්ද රාජපක්ෂ මහතා 2005 උතුරෙන් ලබා ගත් ඡන්දය වගේ දෙගුණයක් 2015 ජනාධිපතිවරණයේ දී ලබා ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරේ හා දකුණේ බහුතර ඡන්දය ලැබුණා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මුළු රටේම ජනාධිපතිවරයා ලෙසයි මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුණේ. එය විශේෂ තත්ත්වයක්. රටේ ජනාධිපති තෝරන්න දෙමළ ජනතාව මැදිහත් විය යුතු නැතැයි කියන එල්ටීටීඊයේ මතය වෙනස් කරමින් රටේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්න දෙමළ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ඡන්දය දුන්නා.

එක පාර්ශ්වයක කැපවීමෙන් සංහිඳියාව ගොඩ නගන්න බෑ. දෙපාර්ශ්වයේම කැපවීම අවශ්‍යයි. සිංහල, දෙමළ සහ මුද්ලිම් ජනතාව පැත්තෙන් ඒ කැපවීම ලැබිය යුතුයි.

ආරක්ෂක හමුදාව ඉඩම් අල්ලන් ඉන්නවා කියා බොහෝ දෙනකු චෝදනා කරනවා. හමුදාව ආරක්ෂාව තහවුරු කර ගත් පසු ඉඩම් අදාල අයට දිය යුතුයි. එය තමයි අපේ ස්ථාවරය. එමෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් පැහැර ගත් සිංහල සහ මුස්ලිම් ජනයාගේ ඉඩම් නැවත ලබා දීමේ යුක්ති සහගත වැඩ සටහනක් අවශ්‍යයි. සාමය සංහිඳියාව බිහිවෙන්නේ ඒ මගින් පමණයි. දකුණේ, කොළඹ, අවිස්සාවෙල්ලේ දෙමළ ජනතාව ඉතාම සමගියෙන් ජීවත් වෙනවා. අපි සමාන අයිතීන් ලබා දෙනවා.  කොළඹ නිවාස දෙද්දී ඔහු සිංහලද, දෙමළද, මුස්ලිම්ද කොයි පක්ෂෙද බලන්නේ නෑ. අපි බලන්නේ පැල්පත් වාසීන්ද නැද්ද කියන එක පමණයි. බහුතරයක් ඒ නිවාස ලැබෙන් දෙමළ මුස්ලිම් ජනතාවට. අපි ඊට සාප කරන්නේ නෑ. ඒ ජනතාව දුප්පත්කමේ පත්ලේ සිටින පිරිසක්. මේ ආරද්ශය විග්නේෂ්වරන් මහත්තයාත් ගත යුතුයි.

අපි විරුද්ධ අන්තවාදයට, ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට පමණයි. සමගියේ ආදර්ශය ඉදිරියට යා යුතුයි. ත්‍රස්තවාදය ඉදිරියට ගෙන යන පිරිස් පරාජය කළ යුතුයි.

විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබෙනවා. රාජපක්ෂ යුගයේ තිබුණු ඒකාධිපති පවුල්වාදය අද දකින්න නෑ. අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. අධිකරණයට තමන්ගේ හිතවතුන් පත් කර අධිකරණය දූෂණය කරන්න මින් ඉදිරියට බෑ.

දූෂිත රාජපක්ෂ පාලනයේ ජුන්ටාවේ හවුල්කරුවන් පොලිස්පතිලා, නීතිපතිලා කරන්න සමහරුන්ට ඕනෑකම තිබුණා. ඒකාබද්ධ විපක්ෂයයි කියා ගන්නා කල්ලියේ කිසිවකුට නව පත්විම් ප්‍රශ්න කරන්න බෑ. අපේ ඊළඟ ඉලක්කය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි.‘‘



අදහස් (0)

‘අද ඉන්න දේශප්‍රේමීන් එදා මාවිල්ආරු ගියේ නෑ‘

ධම්ම Wednesday, 18 May 2016 01:30 AM

ඔබට අපේ ගරුත්වයක් තිබුනා. ඒත් ඔබගේ ක්‍රියාකලාපයෙන් අප දැන් තේරුම් අරන් තියෙන්නේ බොහෝ දේවල් (නි)

:       0       0

ස්වරාපති Wednesday, 18 May 2016 09:17 AM

පුස් බයිසිකලයෙන් ගමන් ගිය මිනිහ පැජෙරෝ වලින් ගිහින් ළමයි හප්පනකොට අපි දන්නවා දුෂණය ගැන ගහන කයිවාරු වගේ තමයි ඔය අනිත් කතාත් (බ)

:       0       0

සංජය Wednesday, 18 May 2016 01:31 AM

ඔව් මෙතුමාට ඒ කාලේ දැක්මක් තිබුනා කියලා හිතන්නේ මට විතරක් නොවෙයි කියලයි මම සිතන්නේ. නමුත් දැන්නම් මොහු ලොකු හීනයක් දකිමින් සිටින බවකුයි පෙනෙන්නේ. (නි)

:       0       0

ශානක Wednesday, 18 May 2016 01:53 AM

අනේ මොනවට කතාකරනවද මෙයාලගේ යහපාලනය ගැන? (නි)

:       0       0

සමිත් Wednesday, 18 May 2016 02:17 AM

අපි මහා අවාසනාවන්තයෝ නුසුදුස්සන් උස්සලා තිබ්බාට. බලාගෙන ඉන්නකෝ වෙන්නේ මොනවද කියලා (නි)

:       0       0

පීරිස් Wednesday, 18 May 2016 02:43 AM

මේ ටික යාපනයට ගිහින් විග්නේෂ්වරන්ට කියලා එන්නකෝ කොළඹ ඉඳලා බොරුවට කෑගහන්නේ නැතුව. (නි)

:       0       0

පුබුදු Wednesday, 18 May 2016 02:48 AM

කතාව නම් හොඳයි. හැබැයි ඔය මහත්තයා සම්බන්ධන්ට විරුද්ධව කට අරිනවා මම නම් දැකලා නැහැ. අපිට ඔය බණ කියන ගමන් යාපනේ ඉන්න දෙමළ ජාතිවාදින්ටත් ඕකම කියන්න. සිංහල මිනිහගේ මොළ හේදුවට වැඩක් නැහැ. මේක සිංහල රට. (නි)

:       0       0

සිසිර Wednesday, 18 May 2016 03:04 AM

අනේ මන්දා මේ කතා? (නි)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්දන - මෙල්බර්න් Wednesday, 18 May 2016 03:13 AM

කිසිම දෙයක් හරියට නොකළ කටින් බතල හිටවන මහත්තුරු නම් එමටයි. මමත් ඊයේ පෙරේදා වෙනකම්ම එහෙම අයට රැවටිලා හිටියා. (නි)

:       0       0

සුසන්ත Wednesday, 18 May 2016 03:28 AM

මුලදී, මුලදී ඔබතුමා කෙරෙහි මගෙත් විශාල ගෞරවයක් ඒ වගේම බලාපොරොත්තුවක් තිබුණා. විද්වතෙක් වශයෙන් අපේ රටේ ජීවත්වෙන වැඩි පිරිසකගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න විශාල දායකත්වයක් ලබාදෙන්න පුලුවන් කියලා. නමුත්, දැන් ඔබත් ගඳගහන දේශපාලන අසුචි ගොඩේ ඉන්න එක චරිතයක් විදියටයි මට පෙන්නේනේ. අද ලංකාවාසී වැඩි පිරිසකට දේශපාලනය කියන වචනය ඔක්කාරයට එන තරමට එපාවෙලා තියෙන්නේ අවස්ථාවාදී, ප්‍රතිපත්තියක් නැති අය දේශපාලනයේ නියැලීම නිසයි (නි)

:       0       0

සෙනරත් Wednesday, 18 May 2016 03:37 AM

මහලොකු නගර සැළැස්මක් ගැන කතාකරනවා. ඒ වුණාට රජයට වැඩිකරපු පඩිය ගෙවාගන්නවත් පුළුවන්කමක් නැහැ (නි)

:       0       0

අතුරා Wednesday, 18 May 2016 04:13 AM

සමහරුන්ට මහින්ද එක්ක ඉන්නකොට දේශප්‍රේමී, නැතිකොට ත්‍රස්තවාදී. (නි)

:       0       0

පුබුදු Wednesday, 18 May 2016 04:22 AM

බමුණුසිංහ, ත්‍රිවිධ හමුදාව කියමු නේද? ෆොන්සේකා මහත්තයත් වැඩක් කළා. දේශපාලනේ නිසයි එහෙම වුණේ (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 18 May 2016 04:22 AM

නුසුදුස්සන් උස්සා තැබීමේ ප්‍රතිඵලය තමයි මේවගේ බයිලා අහන්න ලැබෙන එක. නැවතත් මෙවැනි මෝඩකම් නොකරන්න හිතාගනිමු. (නි)

:       0       0

නුවන් Wednesday, 18 May 2016 04:47 AM

දැන් එතකොට මෙතුමන්ලාද මේ ඔක්කොම කරලා තියෙන්න‍ෙ (නි)

:       0       0

නුවන් Wednesday, 18 May 2016 04:57 AM

එදා සමහරු කිලිනොච්චිය අල්ලනවිට මැදවච්චියනවා කිව් හැටිත්, සරත් ෆොන්සේකා හමුදා නායකයා ලෙස මහින්ද පත්කළවිට ඔහු වැඩබැරි සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නැතැයි කෑගැසූ හැටිත් අද වැනි දිනක සිහිපත් කළයුතුයි. (නි)

:       0       0

සේන Wednesday, 18 May 2016 05:05 AM

බල තණ්හා, ආත්මාර්ථකාමී දේශපාලුවන් බලයට පත්නොකළ යුතුය. පසුගිය රජය ඔතරම් නරක ඒකාධිපති එකක් නම් ඔය පුද්ගලයා එහි ඇමතිකම් අරන් සිටියේ ඇයි? (නි)

:       0       0

ඇන්ඩෘ Wednesday, 18 May 2016 05:26 AM

හොර බොරු නැති හොඳ උගතෙක් (නි)

:       0       0

රවිදු Wednesday, 18 May 2016 05:43 AM

කතාව සම්පුර්ණ ඇත්ත විමලරත්න. (ර)

:       0       0

මංගල Tuesday, 17 May 2016 06:39 PM

හොඳ කතාවක් (නි)

:       0       0

අධිකාරී Tuesday, 17 May 2016 07:42 PM

මාවිල්ආරු සත්‍යග්‍රහය පටන්ගත්තේ අපේ සේරුවිල හාමුදුරුවො නේද? (නි)

:       0       0

ආරච්චි Tuesday, 17 May 2016 10:20 PM

අද ඉන්න දේශප්‍රේමීන් එදා මාවිල්ආරු ගියේ නැතිවුණත් මාවිල්ආරු දොර ඇරියේ කව්ද කියන්නේ නැහැ. මාවිල්ආරු යන්නේ කොහොමද කිලිනොච්චිය මැදවච්චිය තිබෙන තැන නොදන්නා මිනිස්සු. මාවිල්ආරු දොර හැරදුන් ඒ උතුම් මිනිසාගේ නමවත් කියාගන්න බැරි අයගේ කතා තව කුමටද? (නි)

:       0       0

සුසන්ත ලන්ඩන් Wednesday, 18 May 2016 07:33 AM

අනේ මන්දා, අර අනාගත සිහිනය? ඒක නම් ඉෂ්ඨ වෙන්නේ නැති බව ෂුවර්. දැන් මෙයා ගැන මිනිස්සු හොඳට දන්නවා. වටේ හිටපු ගොඩාක් දෙනෙක් දැන් මෙයාව හැර ගිහින්. (බ)

:       0       0

විමලරත්න Tuesday, 17 May 2016 10:25 PM

අනෙක් වැඩ කෙසේවෙතත් කතාව නම් ඉතාම සාර්ථකයි (නි)

:       0       0

යසන්ත Tuesday, 17 May 2016 10:28 PM

අනේ මම නම් මේවට උත්තර දෙන්න යන්නෙ නැහැ (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 17 May 2016 10:32 PM

ඕකට කාඩ් ක්‍රීඩාවේ කියන්නේ කොලේ හංගගෙන ගහනවා කියලා. කට ඇරලා කියන්නකෝ මහින්ද මහතා, ගෝඨාභය මහතා, ෆොන්සේකා මහතා ඇතුළු හමුදාව කියලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 17 May 2016 10:36 PM

“අපේ ඊළඟ ඉලක්කය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි“ලු. හරි හ‍රි.ඒ අපි ඕගොල්ලන්ව නැවත පාර්ලිමේන්තු යැව්වොත්නේ (නි)

:       0       0

තුසිත Tuesday, 17 May 2016 11:46 PM

සමහර දේශපාලුවෝ ජාතිවාදය අවුස්සනවා, වෙනම පාලන ප්‍රදේශ ඉල්ලනවා. සිංහල කට්ටිය විතරයි එකට ඉඳිමු කියන්නේ. මේවා වෙනස් කළේ නැත්නම් පස්සට කරදර වෙයි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 May 2016 12:06 AM

රාජපක්ෂ පවුල්වාදය රජකළ යුගය මෙතුමාගේත් ස්වර්ණ යුගය වුණ බව එතුමාට මතක නැතිවුණාට අපිට හොඳට මතකයි. අනික එක කකුලක් එ.ජා.ප යේ තබාගෙන අනෙක් කකුල ජා.හෙළ උරුමයේ තියාගෙන මේ යන ගමන මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 432 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1745 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1086 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1838 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1278 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site