දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. උතුරු පළාතේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අද කාලගුණය (ජුනි 29)