බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පොලිසියට භාර වූ දකුණු පළාත් සභා ඇමැති බිංදු වීරසිංහ බොරැල්ල පොලිසියේ දී ගායක සමන් ද සිල්වාගෙන් සමාව ගැනීමෙන් පසු දෙපාර්ශ්වය සාමාදාන වූ බව පොලිසිය කියයි.
සිංහල සිරිතට අනුව අචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව පළාත් ඇමැති වීරසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහට ගැලපෙන නම .බින්දු හැමදාම බින්දුව තමා (අ)
අපිට ආරංචි වුණේ අතට අත දුන්නා කියලයි. කොහොම වුණත් සමාව ඉල්ලනවා, නැත්නම් සිදු වූ දේට කණගාටුයි කියන්නේ වචන කීපයක් කටින් එළියට දැමීමක්. ඒක සිදු නොවී අතට අත දුන්නත්, ආයුබෝවන් කිව්වත්, සිංහල ක්‍රමයට ආචාර කළත් ඒ එකක්වත් සමාව ඉල්ලීම් නෙමෙයි. එහෙනම් චෝගම් එකේදී පුදුම සමාව ඉල්ලිල්ලක්නේ රටරටවල නායකයෝ කරගත්තේ. (නි)
සමාව ගන්න නම් මොකටද ගැහුවේ? (නි)
දැන් ඉතින් අපි මේ දෙන්නට අල්ලාගෙන ගහන්න ඕනෑ. නැත්නම් හොද පොල්ලක් අරගෙන අපේම ඔලුවට ගහගන්න ඕනෑ. (නි)
වැරදි කිරීම ඇමති ගතියයි. වැරැද්දට සමාව ගැනීමත් ඇමති ගතියයි. හැබැයි වචනයෙන් නොවෙයි ගහන්න පාවිච්චි කළ අත්දෙකෙන් (ආයුබෝවන් කියලා) ම සමාව ගැනීමත් ඇමති ක්‍රමයයි. මේවාට සමාව දීම ...? (නි)
සමාව ගැනීමක් සිදු නොකළ බව කියන්නේ සමාව ගත්තා කියලා කියන්න තියෙන ලැජ්ජාවටනේ. සමාව ගත්තා කියන්නේ ඔච්චර ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. සමාව ගත්තේ නැතත් එහෙම කියන එක තමයි මහත්මා ගතිය (නි)
අපි නොදන්නා අයියලා මල්ලිලා.... (නි)
එතකොට සමන් තමන්ටම ගහගෙන ද? බින්දු, ඔයා බය නැතුව ඊළග පාර දෙන්න හොදට මොකද කියන්නේ බලන්න. (නි)
අපරාදේ පැට්‍රොල් පිච්චුවේ (අ)
අතට අත දීම සිංහල සිරිතට ආචාර කිරීමක්ද? එතකොට එදා වේදිකාව මතදී අතින් කණට දීම මොන විදියට ආචාර කිරීමක්ද? (නි)
බින්දුටබිංදුව
ඇමතීතුම සිංහල ක්‍රමයට ආචාර කලාලු...අහන්නත් සන්තෝෂයි
මෙතන කාටවත් තේරිලා නැහැ ඇමතිගේ ලොකු කම [සමාව ගැනීමක් නොකළ බව ඇමති කියයි ] නැවත කියවන්න (අ)
මේවා ඔක්කොම ජනප්‍රිය වෙන්න කරන වැඩ කිසිම වියදමක් නැතුව මුළු ලංකාවටම මුණ පෙන්න ගත්ත ලංකාදිපෙට පින් සිද්ද වෙන්න.(නදී)
සමාව දෙනවා හැර වෙන ඉතින් මොනවා කරන්නද? මොකද නඩු කියන්නද? අනිත් එක කනට ගහල අවවාදයක් කලාම, නඩු කියන්නේ කවුද? අනේ අප්පේ! අපි මොනතරම් නම් උතුම් ජාතියක්ද නේද? නිකරුනේ ප්‍රශ්න ඇති කර ගන්නේ මොඩයෝනේ, නේද?. (නදී)
අපෝ මූ නම් බින්දුව ට ත් වඩා අඩු එකෙක් වගේ (අ)
මෙතන ලොකු වැරදීමක් වෙලා වාගේ . අවවාදයක් කළාම . ආපහු සමාව ඉල්ලන්න සිදු වෙලා . මෙහෙමත් ලෝකයක් අබුදස්ස කාලේ ලබුත් තිත්තයි (අ)
සමාව ගත්ත කියන එක මදිකමක් නිසාද සිංහල ක්‍රමයට ආචාර කල විතරයි කියන්නේ.වැරදි වැඩේ කරලත් මහන්තතකම යන්නේ නැති මන්ද බුදිධිකයෝ (අ)
පිස්සුද අයියා..ඔය දෙකම කලේ එකම අත් දෙකෙන්.දත් නැති දිව හරවන්න පොලිසියෙන් සිග්නල් ඕනේ නෑ මලයෝ.... (නදී)
පළා බබා අවවාද කලානම් ඇයි සමාව ගන්නේ. සමාව අරගෙනත් කට කියවනවා.. "සිංහල සිරිතට අනුව ආචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව". මේ අයගේ කිසිම නිහතමානී කමක් නැති කමනේ මේ පෙන්නන්නේ. මේ ප්‍රවෘතියට මීට වඩා වැඩි වටිනාකමක් ලැබෙනවා පළා බබා සමාව අරගෙන කට පියාගෙන හිටියනම්.(නදී)
බිංදු ඇමතිතුමා හරි කියලත් දැන් මේ යන විදියට හිතෙනවා.(නදී)
හෙට අනිද්දට කියයි ගායකයා ඇමතිගෙන් සමාව ගනී කියලා. (ස)
මහත්තයෝ, ඔයත් දැන් කියයිද දන්නේ නැහැ "මමම ගහ ගත්ත කියලා" (ස)
දෙන්නටම ලජ්ජා නෑ... මේක කලින්ම කලා නම් මිනිසුන්ගේ කාලය නාස්ති වෙන්නෙ නෑ. (ස)
නලා කාරයෝ , පළා පොලොඟු ඕනේ එකක් කර ගත්තාවේ. (නදී)
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා බිංදු බිංදු මල් ඔතලා උරන්නට එපා බිංදු බිංදු ගායකයට ගහන්නට එපා බිංදු බිංදු මව්ට නිගා දෙවන්නට එපා (නදී)
සමන් සිල්වා මහත්මයට තව දුරටත් බත් කන්න ආස ඇති. (ස)
කලින් මෙයා කිවුවා නේද ගැහුවෙ නෑ කියලා. "ඉතින් මොනවටද සමාව ගන්නෙ? (ස)
කිවේ කොළඹ ඇවිත් අහුවෙන එපා කියලා. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි..... (ස)
නම වගේම තමා වැඩත්. (ස)
කාලයකින් දකින්න උන යහපත් සිදුවීමක් ..... බින්දු වීරසිංහ ඇමතිතුමාට ජයවේවා ....! (ස)
ඔක්කොම එයාලනේ. පිස්සු පොරවල්නේ. (ස)
විකාර, ඕවත් ප්‍රශ්නද ? (නදී)
ඕක, සාමාන්‍ය මනුස්සයෙක් කළා නම් ඔහොම වෙයිද? කොහොම හරි කමක් නැහැ ඔතනින් විසදුන එක ලොකු දෙයක් (නි)
අහන්නත් සතුටුයි එහෙම තමයි ඉන්න ඕන. (ස)
අදහස් ඇත...ලියවෙන්නේ නැත. (ස)
එතකොට අපිද වැරදිකාරයෝ?? (ස)
අවවාද කරපු වැරැද්දට සමාව ගන්නත් වෙලානෙ අපේ ඇමතිතුමාට(අ)
මේකයි උතුම් මිනිස් ගුණාංගය කියන්නේ, ආදර්ශමත් යුවලක්. වැරැද්දක් කලාට පසු පාපොච්චාරණය කරන මිනිසෙකුට වඩා උතුමෙක් කොහේ දකින්නද? හරි ආඩම්බරයි අපේ ලංකාවෙත් මෙවෙනි උතුම් චරිත තිබීම සම්බන්ද. (අ)
වැරදි කිරීම මනුස්ස ගතියකි. සමාව දීම දේව ගතියකි.නියමයි. (ස)
අන්න මනුස්සකම ....කවුරුත් වැරදි කරනවා. ඒවා නිවැරදි කරගත යුතයි. (ස)
එක සංගීතෙට යන්නේ... ආයේ නෑ ගහ ගන්නේ .... අපි අයියා මල්ලි වාගේ... (නි)
ඔබට ජයවේවා! (නි)
සමාදානය සැමටම වැඩිය වටිනවා (නි)
පහසුවටත් වාසිටත් ඉඳ හිට වැරදි කරනවා.... එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා.... (නි)
ඒ වුණත් හැමදේටම කට ඉස්සර කර ගන්න එපා කියනවා නේද? (නි)
ඔන්න ඔහොම දේවල් තමයි කරන්න ඕනෑ.මේවා කාටත් හොද පාඩම් (නි)
අයුක්තිය අසාධාරනය වෙනුවෙන් විරුද්ධ අදහස් දාන අපිද වැරදි? (නි)
වරදට සමාව ගන්න එක එවෙලේම කරන්න තිබුණා. (නි)
අපි සන්තෝෂෙන් ඉන්නෙ. දුක ශෝකය නෑ දන්නෙ. අයියා මල්ලී වාගේ. අයියා මල්ලි. (ස)
රොෂාන්, හොඳ ප්‍රකාශයක්.. (නි)
මෙම සිද්ධිය මුල්කරගෙන රට ගිනි තියන්න හිතාගෙන හිටි අයට තමා දැන් ප්‍රශ්නේ (නි)
අම්මෝ! ඇති ඔයින් ගියා. ලොකු දෙයක්. අපිටත් සතුටුයි. දෙන්නටම සුබ පැතුම්. (නි)
දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ගහලා අප්‍රසිද්ධියේ සමාව ගන්නවා. (නි)
දැක්කද?දන්නවානේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඔහොමවත් හැදෙනවා නම් හොඳයි (නි)
බය වෙලා වගෙයි (නි)
ඒ ගොල්ලෝ සින්දු කියනවා. බොනවා. රණ්ඩු වෙනවා. ගහගන්නවා. සමව ගන්නවා. අතට අත දීගන්නවා. ඔය ගොල්ලෝ පත්තරේ දානවා.අපි සල්ලි වියදම් කරගෙන පත්තර ගන්නවා. ඉන්ටෙර්නෙට් එකෙන් කියවනවා. අපේ අදහස් ප්‍රකාශ කරනවා. බලාගෙන යනකොට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. එහෙම නේද? (නි)
සින්දුලගේ බින්දුලගේ ප්‍රශ්න ඔහොම විසදෙන එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
සමාව ගැනීම හා සමාව පිදීම ඉතා හොද මනුෂ්‍ය ගුණාංගයක්. මේ විසකුරු ලෝකයේ ජිවත් වන සැම ඔය ලෙස එකිනෙකාව තේරුම් ගන්නවා නම් කොයිතරම් ලස්සන තැනක් වේවිද? යම් දෙයක් කරන්න පෙර සිතනවා නම් එතන මීටත් වඩා ලස්සන වේවි. (නි)
ප්‍රශ්නය නිරාකරණය කරගත් විදිය හොඳයි. නමුත් මුලින් දුන් ආදර්ශය නම් අන්තිම නරකයි. මෙවැනි දේ නැවත නොකරන්න වග බලාගන්න. (නි)
කටේ දිවේ ටිකක් ගාගත්තම ඔක්කොම චණ්ඩි වගේ අද කාලේ (නි)
බොහොම හොදයි (නි)
හරි වැඩක්නේ? සිරිතට කනපලලා සමාව දෙන්නයි තිබුනේ (නි)
දකුණේ අපි ගහගන්නේ මොකටද? (නි)
අනේ මේ මන්ත්‍රීතුමාට සමාව ගත් බව කියන්නත් ලැජ්ජයිද? (නි)