IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අද සිට අයියා මල්ලී වාගේ

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ පිට්ටනියේ සංගීත සංදර්ශනයක් අතරතුර දී ගායක සමන් ද සිල්වාට පහර දුන්නැයි සැකපිට අද පොලිසියට භාර වූ දකුණු පළාත් සභා ඇමැති බිංදු වීරසිංහ බොරැල්ල පොලිසියේ දී ගායක සමන් ද සිල්වාගෙන් සමාව ගැනීමෙන් පසු දෙපාර්ශ්වය සාමාදාන වූ බව පොලිසිය කියයි.

සිංහල සිරිතට අනුව අචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව පළාත් ඇමැති වීරසිංහ මහතා කියයි.

 



අදහස් (0)

අද සිට අයියා මල්ලී වාගේ

ඇන්ටන් Wednesday, 04 December 2013 05:31 PM

ඒ වුණත් හැමදේටම කට ඉස්සර කර ගන්න එපා කියනවා නේද? (නි)

:       0       0

රෝහිත Wednesday, 04 December 2013 05:33 PM

ඔන්න ඔහොම දේවල් තමයි කරන්න ඕනෑ.මේවා කාටත් හොද පාඩම් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 December 2013 05:32 AM

සමාව ගන්න නම් මොකටද ගැහුවේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 04 December 2013 05:40 PM

අයුක්තිය අසාධාරනය වෙනුවෙන් විරුද්ධ අදහස් දාන අපිද වැරදි? (නි)

:       0       0

ප්‍රේක්ෂකයා Wednesday, 04 December 2013 05:43 PM

වරදට සමාව ගන්න එක එවෙලේම කරන්න තිබුණා. (නි)

:       0       0

සංජීව Wednesday, 04 December 2013 05:43 PM

ඕක, සාමාන්‍ය මනුස්සයෙක් කළා නම් ඔහොම වෙයිද? කොහොම හරි කමක් නැහැ ඔතනින් විසදුන එක ලොකු දෙයක් (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 04 December 2013 05:47 PM

රොෂාන්, හොඳ ප්‍රකාශයක්.. (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 04 December 2013 05:55 PM

මෙම සිද්ධිය මුල්කරගෙන රට ගිනි තියන්න හිතාගෙන හිටි අයට තමා දැන් ප්‍රශ්නේ (නි)

:       0       0

කුමාරි Wednesday, 04 December 2013 06:02 PM

අම්මෝ! ඇති ඔයින් ගියා. ලොකු දෙයක්. අපිටත් සතුටුයි. දෙන්නටම සුබ පැතුම්. (නි)

:       0       0

උපාලි Thursday, 05 December 2013 06:24 AM

අපිට ආරංචි වුණේ අතට අත දුන්නා කියලයි. කොහොම වුණත් සමාව ඉල්ලනවා, නැත්නම් සිදු වූ දේට කණගාටුයි කියන්නේ වචන කීපයක් කටින් එළියට දැමීමක්. ඒක සිදු නොවී අතට අත දුන්නත්, ආයුබෝවන් කිව්වත්, සිංහල ක්‍රමයට ආචාර කළත් ඒ එකක්වත් සමාව ඉල්ලීම් නෙමෙයි. එහෙනම් චෝගම් එකේදී පුදුම සමාව ඉල්ලිල්ලක්නේ රටරටවල නායකයෝ කරගත්තේ. (නි)

:       0       0

සුමනා Wednesday, 04 December 2013 06:02 PM

දේශපාලකයෝ ප්‍රසිද්ධියේ ගහලා අප්‍රසිද්ධියේ සමාව ගන්නවා. (නි)

:       0       0

රනිල් Wednesday, 04 December 2013 06:05 PM

දැක්කද?දන්නවානේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඔහොමවත් හැදෙනවා නම් හොඳයි (නි)

:       0       0

රකිත් Thursday, 05 December 2013 06:44 AM

අතට අත දීම සිංහල සිරිතට ආචාර කිරීමක්ද? එතකොට එදා වේදිකාව මතදී අතින් කණට දීම මොන විදියට ආචාර කිරීමක්ද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 04 December 2013 06:13 PM

බය වෙලා වගෙයි (නි)

:       0       0

රුවන් ගමරාලගේ Wednesday, 04 December 2013 06:17 PM

ඒ ගොල්ලෝ සින්දු කියනවා. බොනවා. රණ්ඩු වෙනවා. ගහගන්නවා. සමව ගන්නවා. අතට අත දීගන්නවා. ඔය ගොල්ලෝ පත්තරේ දානවා.අපි සල්ලි වියදම් කරගෙන පත්තර ගන්නවා. ඉන්ටෙර්නෙට් එකෙන් කියවනවා. අපේ අදහස් ප්‍රකාශ කරනවා. බලාගෙන යනකොට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. එහෙම නේද? (නි)

:       0       0

ශානි Wednesday, 04 December 2013 06:20 PM

සින්දුලගේ බින්දුලගේ ප්‍රශ්න ඔහොම විසදෙන එක හොදයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

පොරමොලා -බින්තැන්න Thursday, 05 December 2013 07:03 AM

පිස්සුද අයියා..ඔය දෙකම කලේ එකම අත් දෙකෙන්.දත් නැති දිව හරවන්න පොලිසියෙන් සිග්නල් ඕනේ නෑ මලයෝ.... (නදී)

:       0       0

ගුණේ Wednesday, 04 December 2013 06:28 PM

සමාව ගැනීම හා සමාව පිදීම ඉතා හොද මනුෂ්‍ය ගුණාංගයක්. මේ විසකුරු ලෝකයේ ජිවත් වන සැම ඔය ලෙස එකිනෙකාව තේරුම් ගන්නවා නම් කොයිතරම් ලස්සන තැනක් වේවිද? යම් දෙයක් කරන්න පෙර සිතනවා නම් එතන මීටත් වඩා ලස්සන වේවි. (නි)

:       0       0

සුබේ Thursday, 05 December 2013 07:04 AM

පළා බබා අවවාද කලානම් ඇයි සමාව ගන්නේ. සමාව අරගෙනත් කට කියවනවා.. "සිංහල සිරිතට අනුව ආචාර කළා හැර සමාව ගැනීමක් සිදු නොකළ බව". මේ අයගේ කිසිම නිහතමානී කමක් නැති කමනේ මේ පෙන්නන්නේ. මේ ප්‍රවෘතියට මීට වඩා වැඩි වටිනාකමක් ලැබෙනවා පළා බබා සමාව අරගෙන කට පියාගෙන හිටියනම්.(නදී)

:       0       0

ධම්ම Wednesday, 04 December 2013 06:28 PM

ප්‍රශ්නය නිරාකරණය කරගත් විදිය හොඳයි. නමුත් මුලින් දුන් ආදර්ශය නම් අන්තිම නරකයි. මෙවැනි දේ නැවත නොකරන්න වග බලාගන්න. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 05 December 2013 01:38 PM

නම වගේම තමා වැඩත්. (ස)

:       0       0

කුමාර Thursday, 05 December 2013 07:31 AM

බිංදු ඇමතිතුමා හරි කියලත් දැන් මේ යන විදියට හිතෙනවා.(නදී)

:       0       0

අබ්දුල් Wednesday, 04 December 2013 06:41 PM

කටේ දිවේ ටිකක් ගාගත්තම ඔක්කොම චණ්ඩි වගේ අද කාලේ (නි)

:       0       0

උපාලි රන්ජිත් Wednesday, 04 December 2013 06:42 PM

බොහොම හොදයි (නි)

:       0       0

නසාර් Wednesday, 04 December 2013 07:01 PM

හරි වැඩක්නේ? සිරිතට කනපලලා සමාව දෙන්නයි තිබුනේ (නි)

:       0       0

සුභාෂ් මාතර Thursday, 05 December 2013 02:17 PM

කාලයකින් දකින්න උන යහපත් සිදුවීමක් ..... බින්දු වීරසිංහ ඇමතිතුමාට ජයවේවා ....! (ස)

:       0       0

දම් Wednesday, 04 December 2013 07:03 PM

දකුණේ අපි ගහගන්නේ මොකටද? (නි)

:       0       0

කේ. Wednesday, 04 December 2013 07:11 PM

අනේ මේ මන්ත්‍රීතුමාට සමාව ගත් බව කියන්නත් ලැජ්ජයිද? (නි)

:       0       0

ලියනගම Wednesday, 04 December 2013 07:20 PM

සමාව ගත්ත කියන එක මදිකමක් නිසාද සිංහල ක්‍රමයට ආචාර කල විතරයි කියන්නේ.වැරදි වැඩේ කරලත් මහන්තතකම යන්නේ නැති මන්ද බුදිධිකයෝ (අ)

:       0       0

නන්දා ගනෙගොඩ... යු.කේ Wednesday, 04 December 2013 07:26 PM

මෙතන ලොකු වැරදීමක් වෙලා වාගේ . අවවාදයක් කළාම . ආපහු සමාව ඉල්ලන්න සිදු වෙලා . මෙහෙමත් ලෝකයක් අබුදස්ස කාලේ ලබුත් තිත්තයි (අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 05 December 2013 08:11 AM

හෙට අනිද්දට කියයි ගායකයා ඇමතිගෙන් සමාව ගනී කියලා. (ස)

:       0       0

සෙනරත් Wednesday, 04 December 2013 07:30 PM

අපෝ මූ නම් බින්දුව ට ත් වඩා අඩු එකෙක් වගේ (අ)

:       0       0

කුසුම් Wednesday, 04 December 2013 07:31 PM

සමාව දෙනවා හැර වෙන ඉතින් මොනවා කරන්නද? මොකද නඩු කියන්නද? අනිත් එක කනට ගහල අවවාදයක් කලාම, නඩු කියන්නේ කවුද? අනේ අප්පේ! අපි මොනතරම් නම් උතුම් ජාතියක්ද නේද? නිකරුනේ ප්‍රශ්න ඇති කර ගන්නේ මොඩයෝනේ, නේද?. (නදී)

:       0       0

සනත් ඉන්දික Wednesday, 04 December 2013 07:48 PM

මේවා ඔක්කොම ජනප්‍රිය වෙන්න කරන වැඩ කිසිම වියදමක් නැතුව මුළු ලංකාවටම මුණ පෙන්න ගත්ත ලංකාදිපෙට පින් සිද්ද වෙන්න.(නදී)

:       0       0

කපිල Wednesday, 04 December 2013 08:25 PM

මෙතන කාටවත් තේරිලා නැහැ ඇමතිගේ ලොකු කම [සමාව ගැනීමක් නොකළ බව ඇමති කියයි ] නැවත කියවන්න (අ)

:       0       0

දර්ෂා Wednesday, 04 December 2013 08:32 PM

ඇමතීතුම සිංහල ක්‍රමයට ආචාර කලාලු...අහන්නත් සන්තෝෂයි

:       0       0

සුදත් Wednesday, 04 December 2013 08:38 PM

බින්දුටබිංදුව

:       0       0

සමන්-කටාර් Thursday, 05 December 2013 09:08 AM

මහත්තයෝ, ඔයත් දැන් කියයිද දන්නේ නැහැ "මමම ගහ ගත්ත කියලා" (ස)

:       0       0

දල Wednesday, 04 December 2013 10:10 PM

මිනිහට ගැලපෙන නම .බින්දු හැමදාම බින්දුව තමා (අ)

:       0       0

චතු Thursday, 05 December 2013 09:35 AM

දෙන්නටම ලජ්ජා නෑ... මේක කලින්ම කලා නම් මිනිසුන්ගේ කාලය නාස්ති වෙන්නෙ නෑ. (ස)

:       0       0

දාස් Wednesday, 04 December 2013 10:52 PM

අපරාදේ පැට්‍රොල් පිච්චුවේ (අ)

:       0       0

චාමික Thursday, 05 December 2013 09:50 AM

නලා කාරයෝ , පළා පොලොඟු ඕනේ එකක් කර ගත්තාවේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 04 December 2013 11:29 PM

එතකොට සමන් තමන්ටම ගහගෙන ද? බින්දු, ඔයා බය නැතුව ඊළග පාර දෙන්න හොදට මොකද කියන්නේ බලන්න. (නි)

:       0       0

යසවතී Thursday, 05 December 2013 10:09 AM

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා බිංදු බිංදු මල් ඔතලා උරන්නට එපා බිංදු බිංදු ගායකයට ගහන්නට එපා බිංදු බිංදු මව්ට නිගා දෙවන්නට එපා (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 05 December 2013 10:38 AM

සමන් සිල්වා මහත්මයට තව දුරටත් බත් කන්න ආස ඇති. (ස)

:       0       0

සුමනා මනන්දුව Thursday, 05 December 2013 10:40 AM

කලින් මෙයා කිවුවා නේද ගැහුවෙ නෑ කියලා. "ඉතින් මොනවටද සමාව ගන්නෙ? (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 December 2013 04:05 PM

අපි සන්තෝෂෙන් ඉන්නෙ. දුක ශෝකය නෑ දන්නෙ. අයියා මල්ලී වාගේ. අයියා මල්ලි. (ස)

:       0       0

සරා Wednesday, 04 December 2013 04:08 PM

අහන්නත් සතුටුයි එහෙම තමයි ඉන්න ඕන. (ස)

:       0       0

ගැමුණු Wednesday, 04 December 2013 04:11 PM

අදහස් ඇත...ලියවෙන්නේ නැත. (ස)

:       0       0

සුගලා Thursday, 05 December 2013 01:33 AM

අපි නොදන්නා අයියලා මල්ලිලා.... (නි)

:       0       0

ශාලිකා Monday, 09 December 2013 08:45 AM

විකාර, ඕවත් ප්‍රශ්නද ? (නදී)

:       0       0

ජෝන් Wednesday, 04 December 2013 04:35 PM

එතකොට අපිද වැරදිකාරයෝ?? (ස)

:       0       0

රොෂාන් Wednesday, 04 December 2013 04:41 PM

අවවාද කරපු වැරැද්දට සමාව ගන්නත් වෙලානෙ අපේ ඇමතිතුමාට(අ)

:       0       0

මරික්කාර් Wednesday, 04 December 2013 04:41 PM

මේකයි උතුම් මිනිස් ගුණාංගය කියන්නේ, ආදර්ශමත් යුවලක්. වැරැද්දක් කලාට පසු පාපොච්චාරණය කරන මිනිසෙකුට වඩා උතුමෙක් කොහේ දකින්නද? හරි ආඩම්බරයි අපේ ලංකාවෙත් මෙවෙනි උතුම් චරිත තිබීම සම්බන්ද. (අ)

:       0       0

සුනිල් විමලසූරිය Wednesday, 04 December 2013 04:46 PM

වැරදි කිරීම මනුස්ස ගතියකි. සමාව දීම දේව ගතියකි.නියමයි. (ස)

:       0       0

ලංකා Thursday, 05 December 2013 02:25 AM

සමාව ගැනීමක් සිදු නොකළ බව කියන්නේ සමාව ගත්තා කියලා කියන්න තියෙන ලැජ්ජාවටනේ. සමාව ගත්තා කියන්නේ ඔච්චර ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. සමාව ගත්තේ නැතත් එහෙම කියන එක තමයි මහත්මා ගතිය (නි)

:       0       0

අසංග Wednesday, 04 December 2013 05:07 PM

අන්න මනුස්සකම ....කවුරුත් වැරදි කරනවා. ඒවා නිවැරදි කරගත යුතයි. (ස)

:       0       0

සත්‍යා Thursday, 05 December 2013 02:56 AM

වැරදි කිරීම ඇමති ගතියයි. වැරැද්දට සමාව ගැනීමත් ඇමති ගතියයි. හැබැයි වචනයෙන් නොවෙයි ගහන්න පාවිච්චි කළ අත්දෙකෙන් (ආයුබෝවන් කියලා) ම සමාව ගැනීමත් ඇමති ක්‍රමයයි. මේවාට සමාව දීම ...? (නි)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 04 December 2013 05:14 PM

එක සංගීතෙට යන්නේ... ආයේ නෑ ගහ ගන්නේ .... අපි අයියා මල්ලි වාගේ... (නි)

:       0       0

ප්‍රසීන් Wednesday, 04 December 2013 05:16 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

නලින් Thursday, 05 December 2013 03:52 AM

දැන් ඉතින් අපි මේ දෙන්නට අල්ලාගෙන ගහන්න ඕනෑ. නැත්නම් හොද පොල්ලක් අරගෙන අපේම ඔලුවට ගහගන්න ඕනෑ. (නි)

:       0       0

කපිල ජයවිලාල් Wednesday, 04 December 2013 05:20 PM

සමාදානය සැමටම වැඩිය වටිනවා (නි)

:       0       0

ධම් Thursday, 05 December 2013 11:52 AM

කිවේ කොළඹ ඇවිත් අහුවෙන එපා කියලා. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි..... (ස)

:       0       0

ක්ක්.අ.නිමල් ජයසිංහ Friday, 06 December 2013 01:51 PM

ඔක්කොම එයාලනේ. පිස්සු පොරවල්නේ. (ස)

:       0       0

චමින්ද Wednesday, 04 December 2013 05:27 PM

පහසුවටත් වාසිටත් ඉඳ හිට වැරදි කරනවා.... එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 377 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 469 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 666 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 944 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site