IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

(අජන්ත කුමාර අගලකඩ) 

මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජය දැනුම් දෙයි. 



අදහස් (22)

අද සවස 06.00 සිට සඳුදා උදේ 06.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය

PRIYANTHA Saturday, 02 April 2022 04:11 PM

කන්න බොන්න ගෙදරට ගෙනත් දෙනවද?

:       64       43

Shan Saturday, 02 April 2022 04:33 PM

ඇයි මේ... මහජනයාට ඔච්චර බයද? විකල්ප නැහැ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවාමයි...!

:       24       198

මැක්ස් Saturday, 02 April 2022 04:53 PM

රට පවතින්නේ අතිශය අමාරු අඩියකයි. නමුත් බස්ගිනි තියා හෝ පාරවල් ගානේ යමින් කෑ කෝ ගැසුවාට ඩොලර් ලැබෙන්නේ වත්, ඩීසල්, පෙට්‍රල් ලැබෙන්නේවත් නැත. විදුලියද එසේමයි. එමනිසා බොර දියේ මාළු බාන්න උත්සාහ කරන අවස්ථාවාදීන්ට අවස්ථාව නොදීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හොඳයි. තව වසර 5කින් පමණ පැමිණීමට නියමිත වූ මේ ආර්ථික අහේනිය කොවිඩ් නිසා කළින්ම ආවේය. රජයට මෙන්ම විපක්ෂයටද මෙයට විසඳුම් නැත. දැන් අප වසර කීයක සිට ජ. මූ. ලෙට යනවද? නමුත්, පිටරටින් සුඛෝපභෝගී දේ රැගෙනවිත් වෙළෙද පොළ පිරෙව්වා පමණි. තෘප්තිමත් නොවන අප රටේ මධ්‍යම පාන්තික ජනතාවගේ මනදොල සපිරීමට කටයුතු කරනවාට වඩා කුමන රජයක් විසින් හෝ කළයුත්තේ නිෂ්පාදනයට දිරිදීමයි. ඉටි පන්දම් දල්වාගෙන, බස් ගිනි තියාගෙන ලංකා වසන්තයක් කැන්දන්නට වලිකන බොහෝදෙනාට ගැටලුව වී ඇත්තේ, විදුලිය නොමැතිවීම නිසා වායුසමනය නොමැති වීමත්, පෙට්‍රල්, ඩීසල් හිඟනිසා සති අන්තයට චාරිකා යන්නට සහ විදුලිය කැපිල්ල හේතුවෙන් කොම්පියුටරයෙන් රට කරන හැටි කියන්නටත්, චිත්‍රපටි බැලීමටත් ඇති අවස්ථාව නොමැති වීමේ ප්‍රශ්නයයි...!!!

:       86       233

Prabha Saturday, 02 April 2022 07:18 PM

ඔය මොනවත් නිසා නොවේ රට බංකොළොත් වුණේ... ගිනි පොළියට ගත්තු ණය ආදායම් ලැබෙන ඵලදායී දේකට නොයොදවා හොරාකෑ නිසයි. එකට ඉන්න හිටපු මෙකී නොකී සියලුම දෙනා වගකියන්න ඕනෑ...

:       20       94

Alfread de CostaSaturday, 02 April 2022 08:57 PM

අනිවාර්යෙන් හැම දෙනාම වග කියන්න ඕන. ඒත් ප්‍රශ්නෙට උත්තර කෝ? උද්ඝෝෂණ කරලා ආණ්ඩුව ගෙදර යවලා ගේන්නේ කවුද? ඩොලර් බිලියන 7ක් හොයා ගන්නේ කොහොමද? මතක තියා ගන්න IMF එකත් 7ක් දෙන්නෙ නෑ කියන එක. ලෝකේ ගොඩක් රටවල් ඉක්මන් විසඳුම් හොයන්න ගිහින් නිවී හැනහිල්ලේ දුක් විඳිනව. ලෙබනන්, ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ සුපිරි තත්ත්වයක් අපිටත් ගන්න පුලුවන් ගිනි තියා ගත්තොත්. මේ වෙලාවෙ පත්තු කරන්න හරි ලේසියි. නිවන්නේ කොහොමද කියල හිතල බලන්න.

:       0       0

AkilaSaturday, 02 April 2022 07:18 PM

මෙහෙම තවමත් කඩේ යන්නේ මේ රටේ ඉන්න මිනිස්සු නෙමෙයි මන් හිතන්නේ.., නැත්නම් මේ දවස්වල ලංකාවේ ඉන්න පුද්ගලයෙක් නම් දන්නවා ජීවත් වෙන්න තිබෙන අමාරුව...!

:       38       71

percySunday, 03 April 2022 09:28 AM

මෙහෙම වුණේ අසාමාන්‍ය වංචාව සහ දූෂණය නිසා අපේ රටට විතරක් නෙවෙයි කොවිඩ් ආවේ... ඩොලර් බිලියන 25-30 එළියට වාෂ්ප වෙලා...

:       17       1

thushaaSunday, 03 April 2022 09:31 AM

මේ අර බස්එක ගිනිතියපු කෙනාද? සේනාධිපතිගේ හොඳම ගෝලයා... මේක ඒකාධිපති වියරුවක්...

:       15       2

ජ්නිත් Saturday, 02 April 2022 05:35 PM

ජාතිවාදීව ඡන්දය භාවිතාකළ සාපය ජනතාව අත්විඳිමින් සිටියි...

:       122       71

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 02 April 2022 05:39 PM

අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ රටේ බඩු මිල අඩුවී, දූෂණය නැතිවී රටට, ජනතාවට සහන ලැබීමයි. ඒ නිසා දැන් හෝ වැඩකට නැති ඇමැතිවරුන් ඉවත්කොට, අකාර්යක්ෂම ආයතන ලොක්කන් ඉවත් කොට ජනතාවට සහන සලසන්න. එවිට ජනතාව නිකන්ම නිහඬ වේවි. කරුණාකර වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජනතාව බිල්ලට දී බොරදියේ මාළු ඇල්ලීම සඳහා කටයුතු නොකරන්න...

:       5       183

manjula Saturday, 02 April 2022 05:55 PM

කන්න බොන්න පොලිසියෙන් ගෙනත් දෙනවද හලෝ...?

:       47       51

හමුදාව සීරුවෙන් සිටු ...! Saturday, 02 April 2022 06:44 PM

කොවුලගෙ නාදෙ නැත අවුරුද්දට පතුර දැකලාම උද්ඝෝෂණේ හඬ ඇහිලාම මිතුරු හමුදාවත් සීරුවෙන්ම හිටවලා කිරි උතුරා දැකගන්නට වෙයිද ගලායන රතු ලේ වතුර...?

:       30       12

Jagath Saturday, 02 April 2022 07:37 PM

නන්දසේන බලයට පත්වූ දා පටන් කළේම නොකළ යුතු දේවල්. ජනතා විරෝධය මේ ආකාරයට නවත්තන්න හදන එක මොන තරම් අනුවණ කමක්ද? හිතාගෙන ඇති ලංකාව තියෙන්නේ වෙනම ග්‍රහලෝකයක කියලා... ඇදගෙනම නාගන්නවා.

:       25       73

Sisira Saturday, 02 April 2022 08:13 PM

නන්දසේන උන්නැහේ වැඩේ අනාගන්න වගේ යන්නේ,ජනතාවගේ විරෝධය ඉතාමත්ම බලවත්.ඔබ ප්‍රතික්ෂේපයි.ඔබට තරමක හෝ මොළයක් ඇත්නම් කරුණාකර ආණ්ඩුව විසුරුවා හරින්න.මැතිවරණයකට යන්න.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 02 April 2022 08:45 PM

ඇදිරිනීතිය නම් මම ගෙදර මිදුලේ පාරට පෙනෙන සේ මගේ බෝඩ් ලෑල්ල හො කලු කොඩිය ඔසවාගෙන සිටිමි. මෙසේ ගියොත් මේ අනුවනයාට ඇදිරිනීතිය තව අවුරුදු තුනක් නොකඩවා දැමිය යුතුය. පොලිසිය තව අවුරුදු තුනක් මිනිහෙක්ට පාරට බහින්න බැරි විධියට නොකඩවා මුර කර යුතුය. එම්බල මෝඩය... මෙය ප්‍රායෝගිකව සිදුවිය නොහැක්කක් බව තොපට නොවැටහේද...? තොපගේ බලය ගිලිහී මහජනයා ඇතට ගොස් ඇති බව නොවැටහේද...?

:       0       0

Rohana Saturday, 02 April 2022 09:55 PM

ඇදිරි නීති දමදමා දගලන්නේ නැතුව හිගයක් නැතුව තෙල් ගෑස් කිරිපිටි බෙහෙත් ටික දීල විදුලිය කපන්නේ නැතුව බඩුමිල ඉහලයාම මෙතනින් නවත්තල රසායනික පෝරටික සාධාරන මිලකට දුන්නනම් ජනතා උද්ඝෝෂන නිකම්ම නතරවෙලා යයි. එවැනි සුළු දෙයක්වත් බැරිනම් ආණ්ඩුවක් මොකටද?

:       0       0

Kamal Saturday, 02 April 2022 11:40 PM

අපිට ගෙදරින් එලියට යන්න බෑ. ගෑස් හෝ විදුලිය නැ. ආහාර මිලදී ගැනීමට හැකියාවක් නැ. හිරේ ඉන්න මිනිස්සුන්ට මීට වඩා නිදහසක් තියෙනවා.

:       0       0

Sarasi Sunday, 03 April 2022 12:33 AM

Fb එකේ චූ කොල්ලෝ කෙල්ලෝ ටිකකට බය උන තරමක්.

:       0       0

Soma dubayi Sunday, 03 April 2022 12:47 AM

නියමයි ජනාධිපතිතුමා ,මුන්ව මට්ටු කරන්න නම් අඩු ගානේ මාසයක්වත් එක දිගට ඇඳිරි නීතිය දාන්න.

:       0       0

ජගත් ලියනගේ Sunday, 03 April 2022 12:53 AM

අර සින්දුව මතක් උනා (නන්දසේන ගෙ ඡන්දෙ කාලේ ගිය) .

:       0       0

Padmapriya Sunday, 03 April 2022 01:06 AM

ප්‍රශ්නයට මූලික හේතුව දූෂණය සහ අවනීතියයි. ඒක නැති වෙනකම් ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. ඔවුන් තව තවත් දුප්පතුන් බවට පත්වන අතර මෝඩයන් සුළුතරයක් පොහොසත් වනු ඇත.

:       0       0

මහජනතාව Sunday, 03 April 2022 05:05 AM

පක්ෂ විපක්ෂ දේශපාලුවනි, ඔබ සැමට කැඳ නැති අවුරුද්දක් වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 2 0

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 75 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 84 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 747 6

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 1096 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 526 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 704 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 349 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 497 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site