IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අද සවස හයේ සිට රූං ගා රට යන්න පුළුවන්

කටුනායක අධිවේගී මාර්ගය අද සවස හයේ සිට පොදු වාහන වෙනුවෙන් විවෘත කැරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

පෑලියගොඩ සිට මිනිත්තු 20කින් කටුනායකට යෑමේ හැකියාව මේ මාර්ගය නිසා උදා වේ.

කාර්, ජීප්, ආසන නවයේ මගී වෑන් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් ද, පෑලියගොඩ සිට ජැ-ඇළට රුපියල් 200ක‍් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 200ක් ද ඇය කෙරේ.

ආසන නවයට වැඩි වෑන්, ආසන 9ත් 33ත් අතර බස් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 450ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට 350ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කෙරේ.

ආසන 33ට වැඩි බස්රථ, රෝද හයක් සහිත ලොරි, ට්‍රක් ආදී වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 600ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට රුපියල් 400ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කරේ.



අදහස් (0)

අද සවස හයේ සිට රූං ගා රට යන්න පුළුවන්

පෙත්තා Sunday, 27 October 2013 08:32 PM

රූං... ගා රට යන්න පුළුවන්, ටිකට් තිබේ නම් (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 28 October 2013 11:23 AM

රූං ගාලා යන්නේ බලාගෙනයි. ඉක්මන් කොටයි කියනවනේ (නි)

:       0       0

පද්මිණි Sunday, 27 October 2013 09:10 PM

රුං ගාලා රට යන්න රටවල් කීයටද වීසා දෙන්නේ? (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 27 October 2013 09:14 PM

මීට අවුරුදු ගණනකට කලින් කළ යුතුව තිබු හොද දෙයක් (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 09:14 PM

මොනවා වුණත් චීන ජාතිකයින්ගේ කැපවීම අගය කරමි (නි)

:       0       0

විරාජ් කාලිංග Sunday, 27 October 2013 09:17 PM

ගාස්තු වැඩි නිසා රාත්‍රියට මේක පාවිච්චි කරන එක තේරුමක් නැහැ.සාධාරණ ගානකට ගෙනාවොත් තමයි ප්‍රායෝගික වෙන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 27 October 2013 09:30 PM

තව අවුරුදු 10කින් රට කොහොම තිබේවිද? (නි)

:       0       0

මොහමඩ් Sunday, 27 October 2013 10:18 PM

අපි පතනවා ලංකාව ළගදීම ආසියාවේ ආශ්චර්යය වෙන්න (නි)

:       0       0

ගනේගොඩ Sunday, 27 October 2013 11:25 PM

දිනෙන් දින දියුණුවට පා නඟන ලක් බිම දෙස බලමින් මහත් ආඩම්බරයට පත් වෙමි. (නි)

:       0       0

ඇලෙක්ස් ජපානය Sunday, 27 October 2013 11:26 PM

රුන් ගාල යන්න වාහන ඕනේ නම් අපිට කියන්න . මම ගාව තියෙනවා ඕන තරම් ඉල්ලන ජාතියෙන් ජපන් වාහන (අ)

:       0       0

සෙනරත් Sunday, 27 October 2013 11:31 PM

ලක්ෂ්මන් ලියා ඇති දෙයම තමා මමත් ලියන්නට හිතුවේ. 'රූන්' ගාල යන ඇතැම් අය අන්තිමේ නවතින්නේ 'ඩොන්' ගාල තමයි. (අ)

:       0       0

ජිම් පප්පා Sunday, 27 October 2013 11:52 PM

පාර අයිනේ සිමෙන්ති ලොරිහෙම නවත්වලා තියෙනවා හෙම නෙමෙයි ඔන්න. උදේ පාන්දරින් රට යන අය පෙරදා රැයම නිදාගන්නේ නැහැ. ඔය දුර විනාඩි 20 යන්න පුළුවන් නම් කෙතරම් අපූරුද? (නි)

:       0       0

කෝසල Monday, 28 October 2013 06:16 AM

රූං ගාලා ගියාට කමක් නැහැ , ඩෝං ගාලා හැප්පෙන්නේ නැතුව !!!!! (නි)

:       0       0

දිසා Monday, 28 October 2013 06:38 AM

දන්නේ නැති නිසා අහන්නේ. එතකොට අර පරණ අපේ පුරුදු මීගමුව,කටුනායක පාර දුප්පත් අපිට තහනම්ද ! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 28 October 2013 06:45 AM

පෑලියගොඩ සිට කොටුවටත් රූං ගා යන්න ඇත්නම්? (නි)

:       0       0

ප්‍රියංක Sunday, 27 October 2013 05:58 PM

අපිට ගොඩක් ආඩම්බරයි (නි)

:       0       0

ජගත් Sunday, 27 October 2013 06:02 PM

කොච්චර කාලෙකටද? (නි)

:       0       0

සාදා Monday, 28 October 2013 07:34 AM

හැමෝම කියනවා ගමනට ගතවෙන්නේ වී, 20. යි කියලා. ඔය හැමෝම ඉන්නේ පෑලියගොඩද? බමබලපිටියේ ඉඳලා අාවොත් යන කාලය කියන්න පුලුවන්ද? (නි)

:       0       0

කෝලිත Sunday, 27 October 2013 06:15 PM

අධිවේගී පාරේ ලොරි සහ ට්‍රුක් යවන්නේ මොනවටද? කාර්, බස්, වෑන් විතරක් ගියාම නරකද? (නි)

:       0       0

ප්‍රගීත් Sunday, 27 October 2013 06:20 PM

මිනිස්සුන්ට රූං ගා රට යන්න පුළුවන් අරගොල්ලන්ටම රට දීලා... (නි)

:       0       0

සමන් හදරාගම Sunday, 27 October 2013 06:25 PM

යුද්ධය අවසන් කර රට හදන අපේ කාලයේ වීරත්වයට ජය පතමි. (නි)

:       0       0

සම්පත් Sunday, 27 October 2013 06:31 PM

වැඩේ ගොඩක් හොදයි. ඒත් මුදල ටිකක් වැඩියි නේද? (නි)

:       0       0

දොන්සේතං Monday, 28 October 2013 08:43 AM

දැන් රූං ගාලා යන අය ඩෝං ගාලා හැපුනයි කියලා ඊළග පත්තර වාර්තා වලින් බලන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

අරුණ Sunday, 27 October 2013 06:56 PM

ගාල්ලේ කි.මී.100 කොට්ටාවට රු400. පෑලියගොඩ සිට කටුනායකට කිමී.200 රු200යි. හොදටම වැඩියි නේද. (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 07:01 PM

රූං ගාලා ගියාට කමක් නැහැ...ඩෝං..ගාලා හැප්පෙන්නේ නැතුව. (නි)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 07:12 PM

ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා යන බව මෙයින් පැහැදිලි වේ.ජය වේවා. (නි)

:       0       0

මංජු Sunday, 27 October 2013 07:14 PM

මවුබිමෙන් බැහැරව සිටින අප වෙනුවෙන් අන්තර් නගර බස් සේවාවක් ආරම්භ කළොත් හොදයි (නි)

:       0       0

මායා Monday, 28 October 2013 10:19 AM

විනාඩි 20න් යන්න නම් හයිවේ එකේ නොව නිකන් පාරෙත් යන්න පුලුවන් රාත්‍රී 12න් පස්සේ .... අනික නිකන් පාරේදී අතිරේක වියදමක් නැත. වේග සීමාද නැත. දුරත් ප්‍රමාණයද සමානය. (ස)

:       0       0

දොඩන්ගොඩ Sunday, 27 October 2013 08:14 PM

බලාපොරොත්තුවක් ඉටුවුණා. රජයට සහ ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4220 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 17 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 53 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 93 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 132 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site