කටුනායක අධිවේගී මාර්ගය අද සවස හයේ සිට පොදු වාහන වෙනුවෙන් විවෘත කැරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
පෑලියගොඩ සිට මිනිත්තු 20කින් කටුනායකට යෑමේ හැකියාව මේ මාර්ගය නිසා උදා වේ.
කාර්, ජීප්, ආසන නවයේ මගී වෑන් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 300ක් ද, පෑලියගොඩ සිට ජැ-ඇළට රුපියල් 200ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 200ක් ද ඇය කෙරේ.
ආසන නවයට වැඩි වෑන්, ආසන 9ත් 33ත් අතර බස් ආදිය සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 450ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට 350ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කෙරේ.
ආසන 33ට වැඩි බස්රථ, රෝද හයක් සහිත ලොරි, ට්‍රක් ආදී වාහන සඳහා පෑලියගොඩ සිට කටුනායකට රුපියල් 600ක් ද, පෑලියගොඩ සිට ජා-ඇළට රුපියල් 400ක් ද, ජා-ඇළ සිට කටුනායකට රුපියල් 300ක් ද අය කරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් චීන ජාතිකයින්ගේ කැපවීම අගය කරමි (නි)
රූං ගාලා යන්නේ බලාගෙනයි. ඉක්මන් කොටයි කියනවනේ (නි)
විනාඩි 20න් යන්න නම් හයිවේ එකේ නොව නිකන් පාරෙත් යන්න පුලුවන් රාත්‍රී 12න් පස්සේ .... අනික නිකන් පාරේදී අතිරේක වියදමක් නැත. වේග සීමාද නැත. දුරත් ප්‍රමාණයද සමානය. (ස)
දැන් රූං ගාලා යන අය ඩෝං ගාලා හැපුනයි කියලා ඊළග පත්තර වාර්තා වලින් බලන්න පුළුවන් වෙයි. (නි)
හැමෝම කියනවා ගමනට ගතවෙන්නේ වී, 20. යි කියලා. ඔය හැමෝම ඉන්නේ පෑලියගොඩද? බමබලපිටියේ ඉඳලා අාවොත් යන කාලය කියන්න පුලුවන්ද? (නි)
පෑලියගොඩ සිට කොටුවටත් රූං ගා යන්න ඇත්නම්? (නි)
දන්නේ නැති නිසා අහන්නේ. එතකොට අර පරණ අපේ පුරුදු මීගමුව,කටුනායක පාර දුප්පත් අපිට තහනම්ද ! (නි)
රූං ගාලා ගියාට කමක් නැහැ , ඩෝං ගාලා හැප්පෙන්නේ නැතුව !!!!! (නි)
පාර අයිනේ සිමෙන්ති ලොරිහෙම නවත්වලා තියෙනවා හෙම නෙමෙයි ඔන්න. උදේ පාන්දරින් රට යන අය පෙරදා රැයම නිදාගන්නේ නැහැ. ඔය දුර විනාඩි 20 යන්න පුළුවන් නම් කෙතරම් අපූරුද? (නි)
ලක්ෂ්මන් ලියා ඇති දෙයම තමා මමත් ලියන්නට හිතුවේ. 'රූන්' ගාල යන ඇතැම් අය අන්තිමේ නවතින්නේ 'ඩොන්' ගාල තමයි. (අ)
රුන් ගාල යන්න වාහන ඕනේ නම් අපිට කියන්න . මම ගාව තියෙනවා ඕන තරම් ඉල්ලන ජාතියෙන් ජපන් වාහන (අ)
දිනෙන් දින දියුණුවට පා නඟන ලක් බිම දෙස බලමින් මහත් ආඩම්බරයට පත් වෙමි. (නි)
අපි පතනවා ලංකාව ළගදීම ආසියාවේ ආශ්චර්යය වෙන්න (නි)
තව අවුරුදු 10කින් රට කොහොම තිබේවිද? (නි)
ගාස්තු වැඩි නිසා රාත්‍රියට මේක පාවිච්චි කරන එක තේරුමක් නැහැ.සාධාරණ ගානකට ගෙනාවොත් තමයි ප්‍රායෝගික වෙන්නේ (නි)
අපිට ගොඩක් ආඩම්බරයි (නි)
මීට අවුරුදු ගණනකට කලින් කළ යුතුව තිබු හොද දෙයක් (නි)
රුං ගාලා රට යන්න රටවල් කීයටද වීසා දෙන්නේ? (නි)
රූං... ගා රට යන්න පුළුවන්, ටිකට් තිබේ නම් (නි)
බලාපොරොත්තුවක් ඉටුවුණා. රජයට සහ ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි (නි)
මවුබිමෙන් බැහැරව සිටින අප වෙනුවෙන් අන්තර් නගර බස් සේවාවක් ආරම්භ කළොත් හොදයි (නි)
ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා යන බව මෙයින් පැහැදිලි වේ.ජය වේවා. (නි)
රූං ගාලා ගියාට කමක් නැහැ...ඩෝං..ගාලා හැප්පෙන්නේ නැතුව. (නි)
ගාල්ලේ කි.මී.100 කොට්ටාවට රු400. පෑලියගොඩ සිට කටුනායකට කිමී.200 රු200යි. හොදටම වැඩියි නේද. (නි)
වැඩේ ගොඩක් හොදයි. ඒත් මුදල ටිකක් වැඩියි නේද? (නි)
යුද්ධය අවසන් කර රට හදන අපේ කාලයේ වීරත්වයට ජය පතමි. (නි)
මිනිස්සුන්ට රූං ගා රට යන්න පුළුවන් අරගොල්ලන්ටම රට දීලා... (නි)
අධිවේගී පාරේ ලොරි සහ ට්‍රුක් යවන්නේ මොනවටද? කාර්, බස්, වෑන් විතරක් ගියාම නරකද? (නි)
කොච්චර කාලෙකටද? (නි)