(ආනන්ද ඉ ජයකොඩි සහ අධිකරණ ටෝනි කරුණානායක)
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ අද 28 පස්වරුවේ ගොඩ ගෙන ආරක්ෂාව සඳහා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන යනු ලැබීය.
මෙම අද පෙරවරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක මහතා කරුණු දක්වමින් මෙය රජයට පවරා ගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හෙයින් එය ගොඩ දැමීමට නියෝග කිරීමට බලයක් නොමැති බව කියා සිටියේය.
මෙහිදී පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් කහටපිටියපිටිය මහතා කරුණු දක්වමින් පුදුම කතාවක් ඒක මේ අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබදව අභියෝග කළ නොහැකි බවත් කියා සිටියේය.
මේ පිළිබඳව ඇති සියලු පනත්වලින් මෙය දුර්ලභ ගණයේ ශාකයක් බවට තහවුරු වී ඇති හෙයින් ගස හොරෙන් කපා වළ දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවද නීතීඥවරයා කීය.
අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය:-
නඩුව ඉදිරියට පවත්වා ගෙන යනවාද?
ගම්පහ අතිරේක දිසා වන නිලධාරී මහී වරණප්‍රිය මහතා:-
ඔව් වන සංරක්ෂණ ජනරාල්තුමාගේ උපදෙස් ලබා ගෙන නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරනවා.
ඒ අනුව බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් ගේ මග පෙන්වීම යටතේ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ගස වල දමා ඇති ස්ථානයට ගොස් ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන ගස ගොඩ ගනු ලැබීය.
ගස ගොඩ ගැනීමෙන් පසුව විශාල ටිපර් රථයකින් එය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් පස්වරු 4.30 ට පමණ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂිකා රුවනි ගෝමස් මහත්මියගේ නිරීක්ෂණය යටතේ එය නැවත රෝපණය කරනු ලැබීය.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අධිකරණ නියෝගයෙන් පඬුකරඳ ගහ ගොඩ ගෙන යළි සිටුවයි
සල්ලි Saturday, 29 July 2023 03:19 PM
හයිවේ එකේ මීරිගමට යන්නේ කවදාද දෙවියනේ...?
පැරකුම් Saturday, 29 July 2023 05:00 PM
ඔය ගහ අධිවේගී මාර්ගයේ තිබුණු තැනම හිටෙව්වා නම් තමයි හරි...
Mahi Sunday, 30 July 2023 09:36 AM
මෝඩයින් සිටින බව ඔප්පු කර, නිගමනය කරනවා තකතීරු බවත්, ලෝකයේ කොහේවත් මේ වගේ මෝඩ, තකතීරුවන් නැත.
AMIN Sunday, 30 July 2023 11:15 PM
මේ වගේ වැඩවල සීමාවක් තියෙන්න ඕනෑ... කවදාවත් රට දියුණු වෙන්නේ නැත්තේ මේ වගේ මෝඩ වැඩ නිසා...