මහින්ද රාජපක්ෂ ජනපති ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස බලකරමින් සමාජවාදී ශිෂ්‍ය සංවිධානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් ඔවුහු ඉල්ලති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියයට හයත් හම්බවෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ මුදලින්ම තමයි.(හේ)
මම දන්නා තරමින් නම් අධ්‍යාපනයට විවිධ විදේශ ආයතන වලින් ලැබෙනේ ආධාරත් එක්ක 6% ප්‍රමාණයටත් වැඩිය ලැබෙනවා. රජයෙන් 6% නැති එක හරි. නමුත් කොහෙන් හරි අවශ්‍ය දේ ලැබෙනවා නම් ඇති නේද..රජයෙන්ම දෙන්න ඕනේ කියල නියමයක් නැහැනේ. (නදී)
15% විතර දෙන්න ඕන (අ)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
අයියෝ සල්ලි! (නි)
අපි නම් කියන්නේ පාසල් අධ්‍යාපනයට හැරෙන්න සරසවි අධ්‍යාපනයට වෙන්කරන මුදල හැකිතාක් කපාහැරලා සරසවි සිසුන්ගෙන්ම සරසවිය නඩත්තු වියයුතුයි කියලයි (නි)
අපිනම් කියන්නේ පාසල් අධ්‍යාපනයට ඇරෙන්න සරසවි අධ්‍යාපනයට වෙන් කරන මුදල හැකිතාක් කපා ඇරලා සරසවි සිසුන්ගෙන්ම සරසවිය නඩත්තු විය යුතුයි කියල.(හේ)
අධ්‍යාපනයට 6% නැත්තම් 4% වත් දෙන්න.(හේ)
අරවින්ද ඔයාට වැරදිලා ඔය ප්‍රතිශත ටික නියමිත කාලයට විභාග සමත් වී සරසවියෙන් පිටවෙන සංඛයාව නේද ? එන්න එන්න ම අඩු වෙලා. ! (අ)
අසාධාරණයක් වෙලා තියෙනවනම් අයිතිවාසිකම් ඉල්ලීම සාධාරණයි. එ්ත් රටෙන් තමන්ට විය යුතු දෙයට වඩා තමන්ගෙන් රටට විය යුතු දෙය ගැනත් හිතුවා නම් හොඳයි නේද. (නදී)
අරවින්දගේ සන්ඛයා ලේඛන සත්‍ය ඒවා කියා සිතමි. (නදී)
අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ මුදල වාර්ෂිකව කපා දැම්මේ මෙන්න මෙහෙමයි. 1977 6 1978 4.1 1981 2.38 1990 2.97 1995 2.83 2000 2.46 2006 2.67 2007 2.59 2008 2.27 2009 2.8 2011 1.87 මොවුන්ට ජය පතමි !! (නදී)
අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ. රට ප්‍රතිශතය කියුබාව 8.50%, නොර්වේ 6.80%, ඇමරිකා එක්සත් ජනපදය 5.60%, ඉන්දියාව 4.10%, ඉතියෝපියාව 4.80%, ශ්‍රී ලංකාව 1.80% මෙන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඇත්ත තත්ත්වය.(හේ)
මායා ඔබ ඉගෙන ගත් කෙනෙක් නම් මුල අමතක කරන්න එපා. ඔබට වියදම් වුනේ ඔය නුගතුන් කියල අපහාස කල මිනිස්සුන්ගේ බදු වශයෙන් අය කරගත් සල්ලි. සිසුන් හරියට පිළිවෙලට ඉගෙන ගන්නවා නම් කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. (නදී)
දැනටම 6% ටත් වැඩිය වෙන් කරලා තිබෙන්නේ.(හේ)
මේ අය මෙලෙස හඬ නොනගන්නට අපේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් ඉතුරු නොවෙනු ඇත. (හේ)
ඇත්තද මායා ? එහෙනම් මොකදට ඉගෙන නොගත්ත අයගේ බදු මුදලින් ඉගෙන ගන්නේ. කට තිබුන පලියට කියවන්න එපා. අපි හැමෝම කැමතියි අපේ රට උගතුන් ගෙන් පිරි යනවාට. හැබැයි ඔය උද්දච්ච කම නම් උගත්කමට ගැලපෙන දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ දෙමව්පියන් ගැනත් කවදා හරි ඔහොමද කියන්නේ ? (නදී)
අපේ බදු මුදල් වලින් 50%වෙන් කළත් අපි හරිම සතුටුයි. හැබැයි පන්ති වර්ජන කරලා පිස්සු නටන එක ළමයෙකු වෙනුවෙන් අවරුදු හත් අටක් බදු ගෙවා ගෙවා ඉන්න කියලද කියන්නේ. නියමිත කාලයට ඉගෙනීම අවසන් කරලා අනෙක් ළමයින්ට ඉගෙන ගන්න දෙනවා නම් සාධාරණයි. (හේ)
රජයේ සේවක පඩි , නොමිලේ බෙහෙත්, රෝහල් උපකරණ, හමුදා නඩත්තුව, විශ්‍රාම වැටුප්, පොහොර , කෘෂි උපකරණ, පොල් රබර් පැල, රෝහල් හා අනිත් ආයතනවල විදුලි වතුර බිල්, ප්‍රාදේශීය සංවර්ධනය, මෙසේ ලියා බලන්න. සියයට කියක් වෙන් කරන්න පුළුවන් ද බලන්න. මේ අද්යපනෙට 6% ක් වෙන් කරන්න කියන ඒක කරන්න බැරි , කලත් වැඩක් නැති ඒ කියන්නේ එච්චර වියදම් කරන්න පිරිස් බලය, ව්‍යාපෘති නැති දෙයක්. දේශපාලන බොරුවක්. (හේ)
මුදල් වෙන් කරනවා කියන්නේ එකක්. ඒක හරිම පහසුයි. සත්‍ය, මුදල් ලබාදෙන එක තමයි අමාරු.(හේ)
ඉගෙන නොගත්ත අය තමයි විරුද්ධව අදහස් පලකරලා තියෙන්නේ. (ස)
ගයාන් මහතා කලබල වෙලා තියෙන තරම්, අධ්‍යාපනයට 6% යොදනවා නම් ආයේ අලුතින් ඉල්ලන්න දෙයක් නැහැ, මම හිතන්නේ ගයාන් මහත්තයාටත් අපේ සමහර ඇමතිවරුන්ට වගේ සියට ගණන් බැහැ වගේ. (ස)
වෙනත් දේවල් වලට රජය සල්ලි නාස්ති කරන හැටි දැක්කම අධ්‍යාපනයට 6% ඉල්ලීම සාධාරණයි. (ස)
විකාර ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉන් පස්සේ දේශපාලනය කරන්න. (නදී)
දැනට දීලා තියෙන මුදලින්වත් ප්‍රයෝජනයක් ගන්නවද ? (හේ)
ඇත්තටම සාධාරණ ඉල්ලීමක්.(හේ)
6% ඉල්ලන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එන් ජී ඕ වලින් සල්ලි අරගෙන ආණ්ඩුව පෙරලන්න. ඕවට රැවටෙන්න එපා (නදී)
දැනටම 6% ටත් වැඩිය වෙන් කරලා තිබෙන්නේ. රාජ්‍ය නොවන සංවිදාන වලින් විශ්ව විද්‍යාල සංගමයට පගාව දීල ඔය ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙන්නේ ආණ්ඩුව වට්ටන්න. ආණ්ඩුවට බැනල පත්තර වලට ලියන මහාචාර්යවරුන්ට ලොකු ගණන් ලැබෙනවා කියන්නේ ඇත්තද (නදී)