IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


අධ්‍යාපනයට සහය වෙන්නැයි ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

( තිළිණි ද සිල්වා)

අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ගුරුවරුන්ගේ වැටුප් ගැටලු සොයා බැලූ කැබිනට් අනු කමිටුව සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (31) ගුරුවරුන්‌ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය

රටේ අනාගතය භාරගන්නා දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට ගුරුවරුන්ගේ වැටුප් ගැටලු සොයා බැලූ කැබිනට් අනු කමිටුව කටයුතු කළ බවද එම අනු කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.

වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා දමා තිබියදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ගුරුවරු දැක්වූ දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) මිනුවන්ගොඩ ගුරු සංගම් සමග පැවති සාකච්ඡාවකදීය.

ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට සහ ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතෙක් රුපියල් 5000බැගින් දීමනාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ගුරු සංගම් සිය ප්‍රසාදය සංචාරක අමාත්‍යවරයා වෙත පළ කළ අතර රටේ පවතින වත්මන් තත්වය හමුවේ අමාත්‍ය මණ්ඩලය කාලෝචිත තීරණයකට එළඹ ඇතැයි ද ඔවූහූ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන අනු කමිටුව ගුරු සංගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බවය.

මෙම වැටුප් විෂමතාවයට නිසි විසඳුම් ලබාදීය යුතු බව විපක්ෂයේ සිටින අවදියේ සිට අවධාරණය කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සෞභාග්‍යයෙ දැක්ම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල් මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූයේ නව රජය පත්වූ දා සිට බලාපොරොත්තු නොවූ අන්දමේ ලෝක වසංගතයකට මුහුණදීමට සිදුවීම යැයිද පෙන්වා දුන්නේය.

මෙම තත්වයට මුහුණදී සිටින බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි තත්ත්වයක් තුළත් ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් ලෙස රජය මෙම තීරණ වලට එළඹි බවය.

අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි ද අමාත්‍යවරයා ගුරුවරුන්‌ෙ ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය

 



අදහස් (4)

අධ්‍යාපනයට සහය වෙන්නැයි ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

era Tuesday, 31 August 2021 02:04 PM

මේ තීරණ කලින් ගතතනම් ස්ට්‍රයික් නෑ

:       0       0

sam Tuesday, 31 August 2021 02:18 PM

දැන් චණ්ඩි කතා අත්ඇරලාද?

:       0       0

ravin Tuesday, 31 August 2021 02:19 PM

ඕක කියන්න තිබුණේ අර සඳලුතලේට පැනපු රැවුල තියෙන කෙනාට...

:       0       0

ලමය Tuesday, 31 August 2021 02:25 PM

අනේ මේ හාදය වෙනුවෙන් වත් ඔය ස්ටරයික් නතර කරල වැඩකරන්න පටන් ගන්න. මේ බොහොම ගුන යහපත් , මනුස්සයෙක් හීනෙන් වත් හොරා කලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 403 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 608 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 243 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 484 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 723 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 349 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1428 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site