අධිවේගී මාර්ගයේ ප්‍රථම පැයේ දී වාහන 3000කින් රුපියල් ලක්ෂ අටක් උපයා ගෙන ඇත.
මාර්ගය විවෘත කර මුල් පැය 13 දී වාහන 11000කින් ඉපයූ මුදල රුපියල් තිස් ලක්ෂයකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් දිනයේ උපයා ගත් මුදල මෙන් දෙගුණයක් දෙවැනි අධිවේගී මාර්ගයෙන් උපයා ගත් බව කටුනායක අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඒ ඩී කහටපිටිය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ තියෙන්නේ මැරකමයි කයිවරුවයි !!! බස්නාහිර තමයි රටේ ආර්ථිකයට මුලිකත්වය දෙන්නේ. නමුත් බස්නාහිර ජනතාවට තමයි හැමදාම ප්‍රශ්න දාන්නේ (ස)
මම හිතන්නේ මේ අදිවේගී මාර්ග අර අවුරුද්දකට ඩොලර් 2800ක් ආදායමක් ලැබෙන අයට තමයි හදලා තියෙන්නේ (නි)
මිනිස්සුන්ට කාලය එතරම් වටිනවා කියන එක නේද ප්‍රවෘත්තියෙන් කියැවන්නේ?නුවර -කොළඹ අධිවේගී පාර හැදුනම මීට වඩා අාදායමක් තියෙයි (නි)
බස්නාහිරට රජ සැප. අනිකුත් පළාත් වලට අපා දුකද? (නි)
මාර්ග ඉදිකිරීම සතුටක්. ඉදි කරන්නට දායක වූ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගැනත් කතා කලා නම් සහ ඔවුන්ගෙන් සිදුවූ සේවාව අගය කලා නම් සතුටුයි නේද? (ස)
බස්නාහිරට රජ සැප, අනිකුත් පළාත් වලට අපා දුක. (ස)
අධිවේග මාර්ග වල යන්නේ මෝඩයන්ද ? ඔය ලියන අයත් ඒවායේ ගියොත් කවදා හරි මෝඩයන් වෙනවා එහෙනම්. (ස)
ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් පුපුරමින් ඉන්න සමහරක් ඉතින් ලැබෙන දෙයින් නිසි ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ට මෝඩයෝ කියලා අපහාස කරලා පහත් තෘප්තියක් ලබන්න හදනවා. අනුකම්පා කළ යුතුයි ඔවුන්ට. කාටත් හොරෙන් ඔවුනුත් මේවායේ යනවා. මෙතනට බස්නාහිර කතාවක් අදාල නැහැ. මේක හදල තියෙන්නේ ප්‍රධන වාණිජ නගරයයි ගුවන් තොටුපලයි අතර. ඕනෑම රටක ඒ විදියේ මාර්ග තිබෙනවා. (නි)
ණයට මගුල් කෑවොත් පසුවට තමයි කරදර වෙන්නේ (නි)
බස්නාහිරට විතරක් නෙමෙයි දකුණත්, උතුරත් හොදට සංවර්ධනය කරලා තියෙන්නේ.ඒත් ඉතින් සමහරක් අය ඒ වගේ දේවල් ගැන කියන්න කැමති නැහැ. (නි)
සල්ලි චීනයට නේද? (නි)
මායා, මෝඩ කතා එපා. එහෙම වුණොත් යන්න වෙන්නේ අහසේ (නි)
අපේ අහවල් මහත්තයා යන්නෙත් ඔය පාරෙන් (නි)
කොහොමත් ලංකාවේ තදබදය වැඩිම පාර කොළඹ-කටුනායක පාර (නි)
ඔන්න කටුනායක- කුරුණෑගල තිබුනා නම් අපිටත් යන්න තිබුණා.ඒ දිනයත් ළගදීම උදාවේවි. (නි)
මායා, එතකොට ඔයා ඉන්දියාවේද? ඔකිත, ඔහොම කියන ඔයත් දවසක ඔය පාරේ යයි.තමන්ගේ රටේ දියුණුවක් දකින්න බැරි කුහකයෝ තමයි ඔය වගේ අදහස් දාන්නේ (නි)
චන්දි,ඔයා මොන රටේද ඉන්නේ? ඉතාලියේ නම් අය කරනවා (නි)
චන්දී මේකනේ හේතුව, ඔයා ඉන්න රටේ ආණ්ඩුවට ඕන තරම් සල්ලි ඇති මහජනයාගේ අවශ්‍යතාවයන් සපුරන්න. ලංකාවට එහෙම සල්ලි නැහැනෙ. පිට රටවල් වලට, ඒ වගේම ලෝක බැංකුවට ණය වෙලා තමයි අපේ රටේ මෙවැනි දේවල් කරගන්න වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම රජයට සිදු වෙනවා වියදම් වූ මුදල පියවා ගැනීමට මුදල් අය කිරීමට. (ස)
මෙය චීන අධාර යටතේ තමා හදලා තියෙන්නේ ගිය වියදම ඩොලර මිලියන 300 ක්, මේක ගෙවන්නේ කොහොමේද ? අවරුදු කියකින්ද ? කියන එක ප්‍රශ්නෙයක්. හදන්න ගිය කල් වකවානු නම් තිබුනා. අධිවේගී මාර්ග වලින් ජර්මන් වල විතරයි සල්ලි ගන්නේ නැත්තේ. (නදී)
එතකොට දවසකට ලක්ෂ 60 ගානේ (දල වශයෙන්) ණයට ගත් ඩොලර් මිලියන 292 ගෙවන්න අවුරුදු 17 හමාරක් යනවා. අවුරුදු 17 හමාරකට පස්සේ ඔය පාරේ නොමිලයේ යන්න ලැබෙනකොට පාරවල් කැඩිලා එහෙම තිබුණොත් බලාගමු එදාට. (නි)
දකුණේ මෝඩයෝ අඩුයි. කටුනායක මෝඩයෝ වැඩියි. (ස)
ලංකාවේ මිනිසුන්ගේ ගොන්කමත් ඉහල ගොස් ඇති බව මෙයින් ඔප්පු වේ. (ස)
මේ ආදායම කොහේටද යන්නෙ. (ස)
ඔකීත, ඉතුරු පාරවල් ටිකත් හැදුවහම, ඔයා යනවා නෙමෙයි ඕන්. මොකෝ අධිවේගී මාර්ග වල යන්නෙ මෝඩයොනෙ. (ස)
කැසිනෝ මොනවද මේවා දකිද්දී? (නි)
මේ රටේ නම් කිසිම අයකිරීමක් කෙරෙන්නේ නැහැ ..!! (නි)
වැඩේ නම් හොදයි තමා. නමුත් අයකරන ගාණ තමයි ටිකක් වැඩි (නි)
ඔකිතගේ ගම කටුනායක. (නි)
රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත් තමා. (ස)
අපිට නම් කිසිම ගැටළුවක් නැහැ (නි)
ගණන් ගන්න එපා අජිත්.ඔකිතලා වගේ ළිං මැඩියෝ 21 වන සියවසේත් ඉන්නවා (නි).
මුල් දවස් වල ඔහොම තමා (නි)
කාලය සහ තෙල් ඉතුරු කරගන්න පුළුවන් වීම වාසියක්. රටේ තිබෙන ගුවන්තොටුපලට අධිවේගී මාර්ගයක් තිබීම රටට ආඩම්බරයක් සහ විශාල වාසියක්. මේ තරම් සෙනග ගිය එකෙන්ම පේනවා මෙය මොනතරම් වැඩදායකද කියලා. (නි)
ඔකිත, දකුණේ මෝඩයෝ අඩුයි, කුඩුකේඩුවෝ වැඩියි! අපරාධකාරයෝ වැඩියි! (නි)
කොයිදේටත් ඊ්ර්ෂ්‍යා කරන කට්ටියක් ඉන්නවා කියලා අදහස් දැක්කම පේනවා. (නි)
වටිනා කාලය ඉතිරි වීම ගැන අවංකවම සතුටක් ඇත (නි)
නියමයි. සුපර්. (ස)