IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අධිවේගයේ සයිකල්කරු අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට  කොට්ටාව දෙසට පාපැදියකින් එමින් සිටි තරුණයකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අධ්වේගී මාර්ග පොලීසිය කියයි

දැල් වැටෙන් සයිකලය ඔසවා මහා මාර්ගයට ඇතුළු කර පැදගෙන ආ ඔහු පොලීසියට කියා ඇත්තේ කෙටිපාරකින් නිවසට යාමට අවශ්‍ය වු බවයි.



අදහස් (0)

අධිවේගයේ සයිකල්කරු අල්ලයි

සමන්ති Friday, 14 February 2014 05:50 AM

අදිවේගී මගක ඡන්ද පෙළපාලි ගිය අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද ? (නදී)

:       0       0

ලියනගේ Friday, 14 February 2014 10:17 PM

කවුරු මොනවා කිව්වත් අපි වාහනෙන් යන්නේ බ්යිසිකල් පාරේ නැහැ කියලා හිතන්. වාහනයක් හැපුනා නම් රියදුරා හිරේ. එතකොට ඔහුට අහිංසකයා කියන්න කවුරුත් නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රලතා Friday, 14 February 2014 10:22 PM

ඇයි අනේ ඒ අහිංසක කොළුවට හිනාව තහනම්.(නදී)

:       0       0

ගමා Friday, 14 February 2014 07:43 AM

මෙහෙම අනුවණ, වගකීමකින් තොර මිනිසුන් ඉන්නා රටක අපි කොහොමද සංවර්ධනය කරා යන්නේ.? රටේ මතුවන අනෙකුත් පහත් දේ කරන්නෙත් මේ වාගේ ඇයො නොවෙයිද? මොවුන් නිසා රට කරවන නායකයින්ටත් නිතිය කරවන ඇත්තන්ටත් බොහොම අමාරු කාලයක් පසු කරන්නට සිදුවෙවිය කියල හිතෙනවා. සේරම අපේ අනාගත පරපුරටයි බලපාන්නේ. (නදී)

:       0       0

කපිල Friday, 14 February 2014 08:17 AM

හදිසියකට ගෙදර කාට හරි කරදරයක් උනාම නීති අමතක වෙනවා...නන්දන ඔයා මොනාහරි හදිසියකට යනකොට මාර්ග නීති කියක් මේ වෙනකට කඩලා ඇතිද? ඒක මානුසිකත්වයෙන් බලන්න ඕන හැමදේටම නිතිය හරියන්නේ නැ.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Saturday, 15 February 2014 12:12 AM

මාව ලයිට් නැතුව දවසක් රෑ පුෂ් බයිසිකලේ යනකොට රාළහාමි කෙනෙක් අල්ල ගත්ත මම කිව්වා රාළහාමි ලයිට් ඕනේ නැහැනේ අද හොදට හද පායලානේ තියෙන්නේ කියලා. ආ එහෙමද තමුසෙට එහෙනම් හුලන් ඕනේ නැහැනේ වාතෙ තියනවනේ කියල රෝද දෙකේම හුලන් ඇරියා. මම තල්ලු කරගෙන ගෙදර ආවා.(නදී)

:       0       0

සත්‍යා Friday, 14 February 2014 08:31 AM

සමහරු මොහු පිස්සෙක් කියා හිනැහෙනු ඇත. නමුත් මගේ මතය ට අනුව මේ අධිවේගී මාර්ගය විවෘත කරන වෙලාවේ එය ජනතාවට පවරනවා කිව්ව අයයි. මේ පුද්ගලයා කළ වැඩේ හරි යයි අප කියන්නේ නැහැ. ඒ වගේම ජනතාවගෙන් මෝටර් රථ හිමි කොටස පමණද ජනතාව කියන්නේ කියල ප්‍රශ්නය මේ මිනිසා විසින් ඇහුවොත්, ඒ කට උත්තරයක් කා ළඟ හරි තියෙනවද? (දී)

:       0       0

උමේද හෙට්ටිගොඩ Saturday, 15 February 2014 12:46 AM

කෙටි පාරෙන් පරලොව තමයි යන්නේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 15 February 2014 01:42 AM

සමහර පාඨකයන්ගේ අදහස් දැක්කම හරිම කණගාටු හිතෙනවා, සමහරු කියනවා ලංකාවට අධිවේගී මාර්ග අවශ්‍ය නැත කියා. ගාල්ලේ ඉදල ගුවන්තොටුපලට හරි කොලඹට හරි යනකොට පැය කීපයක් සහ ඉන්දන ලීටර් ගණනාවක් ඉතුරු වෙනවා. මෙතන වැරදි කරු පාපැදි කරුයි. ඔහු තමන්ගේ ජීවිතය සහ අනුන්ගේ ජිවිත පරදුවට තබා කටයුතු කර ඇත. ( අධිවේගී මාර්ග හැදීමේදී පිට රට වලින් ගිනිපොලියට නය ගැනීම සහ දේශපාලකයන් කොමිස් ගැසීම වෙනම ප්‍රශ්නයකි ) ලෝකය ඉදිරියට යද්දී අපට බරකරත්ත යුගයට යා නොහැක.(නදී)

:       0       0

ආරියසේන Friday, 14 February 2014 08:56 AM

මොලේ හොඳ මදි කමක් තියෙන්න ඇති.(නදී)

:       0       0

අසංක සඳරුවන් Friday, 14 February 2014 11:10 AM

පව් අහිංසකයෙක් (දිල්)

:       0       0

පහන් Friday, 14 February 2014 11:26 AM

ඇයි අර කට්ටිය බයිසිකලය පරීක්ෂා කරන්නේ ?(දිල්)

:       0       0

අප්පුහාමි Saturday, 15 February 2014 07:22 AM

පවු අහිංසක මනුස්සයා.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 14 February 2014 11:40 AM

පව් අහිංසකයෙක් කොල්ලෙක් අවවාද කරලා නිදහස් කරන්න, (දිල්)

:       0       0

චානක පෙරේරා Friday, 14 February 2014 12:15 PM

අහිංසක කොල්ලෙක්.වැරැද්ද තේරුම් කරලා ගෙදර යවන්න (දිල්)

:       0       0

මනෝජ්-සාජා Friday, 14 February 2014 12:41 PM

කාර් ,වැන් වලට වඩා වේගයෙන් යන්න පුළුවන් වාහනයක්නේ .බ්රේක් නැතිව පල්ලමක ගියා නම් නයිට් රයිඩර්ටත් වඩා වේගයෙන් යන්න පුළුවන් .(දිල්)

:       0       0

හර්ෂ Friday, 14 February 2014 12:55 PM

හැමෝටම වාහන නැහැ, බලන්න ඒ අහිංසකයාගේ මුහුණේ තියෙන අසරණ බව, වරදක් වෙලා තියෙනවා, ඒත් නිතිය මෙච්චරම තද මේවගේ පාපැදි කරුවන්ට විතරද? (දිල්)

:       0       0

නිහාල් Friday, 14 February 2014 01:01 PM

මේ අසරණයා අතින් සිදුවී ඇති දෙයට සමාව දෙමු. (දිල්)

:       0       0

සෙහාන් අමරසිංහ Thursday, 13 February 2014 08:33 PM

මේ වගේ හරක් ඉන්නකල් ලංකාව හදන්න බැහැ.(නදී)

:       0       0

අජන්ත Friday, 14 February 2014 01:46 PM

පොඩි මිනිහෙක් වරදක් කලාම සමාව දුන්නු ප්‍රථම අවස්ථාවද මන්දා (දී)

:       0       0

බෙනට් Friday, 14 February 2014 02:15 PM

කෙටිපාරෙන් ආව වගේ නෙමෙයි මල්ලි ඉක්මනට එන ආත්මෙටත් යන්න පුළුවන්.(නදී)

:       0       0

අප්සරා Friday, 14 February 2014 02:16 PM

අනේ බලන්නකෝ මේ අහිංසකයා නොදන්නකමට කරලා ඇත්තේ ... ඒ උනාට බලන්නකෝ පොලිසිය මහා අපරාධ කාරයෙක් අල්ලලා වගේ රැස්වෙලා ඉන්න හැටි.(නදී)

:       0       0

සමීර Saturday, 15 February 2014 11:32 AM

පොලීසිය වටවෙලා ඉන්න තාලෙට මම හිතුවේ අර කුඩු කන්ටේනරය ගෙනාපු අයව අල්ලලා කියලයි.(නදී)

:       0       0

ෂේන් Friday, 14 February 2014 02:36 PM

අවවාද කරලා නිදහස් කරන්න (දී)

:       0       0

නන්දන Thursday, 13 February 2014 09:38 PM

නිතිය තදින් කියාකල යුතැයි.... (අ)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 14 February 2014 02:44 PM

ගම මැදින් යන පාරේ යන්න වෙන වාහනයක් නැතිනිසා මම බයිසිකලෙන් හරි ඔකේ යනවා කියල මෙයා යන්න ඈති කියලයි මට නම් හිතන්නේ පොඩි එකාගේ ආසාව (දී)

:       0       0

රංග. Friday, 14 February 2014 03:07 PM

ඔය වැඩේ ඇමති පුතාලා කරා නම් පොලිසිය අල්ලන්නේ නැහැ. (නදී)

:       0       0

ශාමෙන් Friday, 14 February 2014 03:40 PM

හර්ෂ ඔබ හරි (දී)

:       0       0

චන්ද්‍රලතා Saturday, 15 February 2014 03:17 PM

ඇයි මේ ළමයට මේ විදියට වද දෙන්නේ.(නදී)

:       0       0

නිහාල් Thursday, 13 February 2014 10:39 PM

හරි අධ්‍යාපනයක් නැති එකේ වරද(දිල්)

:       0       0

පීරිස් Friday, 14 February 2014 04:11 PM

මෙවැනි අය වෙනුවෙන් වෙනම මන් තීරුවක් දෙන්න තිබුණා (දී)

:       0       0

සත්‍යා Thursday, 13 February 2014 10:41 PM

මේ පුද්ගලයා කළ වැඩය හරි යයි අප කියන්නේ නැහැ. ඒ වගේම ජනතාවගෙන් මෝටර් රථ හිමි කොටස පමණද ජනතාව කියන්නේ කියල ප්‍රශ්නය මේ මිනිසා විසින් ඇහුවොත්, ඒ කට උත්තරයක් කා ළඟ හරි තියෙනවද?(දිල්)

:       0       0

රොමියෙල් Thursday, 13 February 2014 11:20 PM

ඔව් , මෙයාව එල්ලන්න, හෙට ඉදන් බඩු වල මිල අඩු වෙයි (දී)

:       0       0

තුවාන් Friday, 14 February 2014 07:39 PM

අධිවේග මාර්ගය ජනතා සතු කිරීම කියන්නේ මොකක්ද කියල සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. ජනතා සතු කිරීම යනු සමාජ ගත කිරීමයි. ඒක තවත් ටිකක් ලොකු වැඩියිද මන්ද. කමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහජනයා පදින හැම එකක්ම එකේ රිංගවන්න පුළුවන් කියන එක නොවෙයි. අධිවේග කියන නමේම තියෙනවා එකේ තේරුම. ජනතා සතු කළා කිවුවම පයින් යන්නත් පුළුවන් කියල හිතුනේ නැති එක තමයි පුදුමේ. මේ වගේ ඒවාට පිළිතුරු දෙන්න ගිහින් මමත් ඒ මෝඩයාගේ ගොඩටම වැටුනද දන්නේ නැහැ. (නදී)

:       0       0

රුහුණු Friday, 14 February 2014 07:49 PM

පවු අහිංසකය අතේ කීයක් හරි තිබුනා නම් දීල බේරෙන්න තිබුනා. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 14 February 2014 02:27 AM

සෙහාන් ඔබත් ඔය කියන වර්ගයට අයත් එක්කෙනෙක් වගේ. . කාර් වලින් සල්ලි කාරයන්ට ඉගිලෙන්න දීල ගමේ අහිංසක මිනිස්සුන්ට ගෙදර යන්න වට වන්දනාවේ යන්න වෙලා. අපි ඉන්න රටවල මගී පාලම් ඉදි කරලා ගමේ මිනිසුන්නට අවහිරයක් නැතිව යන්න පුළුවන්.අහිංසක මිනිසුන්ට හරක් කියන ඔබම ඔලුව අත ගාල බලන්න.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 14 February 2014 02:49 AM

මේ ආශ්චර්ය ටිකක් පමා කරලා මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදියට රට ගොඩ නගන්න. එතකොට මේවා නැති වේවා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 14 February 2014 08:05 PM

කට්ටියම වට වෙලා ඉන්නේ අර කිව්වා වගේ මහා අපරාදයක් ඇල්ලුවා වගේනේ.අර අහිංසකයව හුස්ම ගන්න බැරි වෙන්න. පව් කොල්ලා බය වෙලා මුනෙන් පේනවා. කුඩු කන්ටනරේ ගෙන කොටත් ඔහොම පරීක්ෂා කරන්නකෝ. දාන පතියටම ආවාඩ නොකර මේ අහිංසකයන්ටත් යන්න ගුවන් පාලමක් හදලා දෙන්න. දුප්පතාටමයි හැම දේම් වෙන්නේ. සෙහාන් මහත්තයෝ මනුස්සයකුට මනුස්සයෙක් විදිහට අමතන්න පුරුදු වෙන්න හැමදේටම කලින්.අපි හැමෝම මනුස්සයෝ නිසා.(නදී)

:       0       0

සමන් කුමාර Friday, 14 February 2014 03:53 AM

බයිසිකලේ දිගටම ගියානම් කෙටි පාරකින් නිවනටම යන්න ඉඩ තිබුන. (දී)

:       0       0

අසෝකා Friday, 14 February 2014 08:39 PM

ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යෙය් බයිසිකල් පදින්නන් සඳහා වෙනම මන් තිරු තියෙනවා. ලංකාවේ පයින් යන මිනිහෙකුට යන්න පදික වේදිකාවක් වත් තියෙනවද? නමුත් පොඩි මිනිහට නිතිය අකුරටම පිළිපදිනවා.(නදී)

:       0       0

සත්‍යා Friday, 14 February 2014 04:32 AM

මිනිහව අල්ලන්නෙ නැතුව හිටිය නම් කෙටි පාරෙන්ම පරලොව යන්න තිබුනා.(නදී)

:       0       0

බණ්ඩා Friday, 14 February 2014 08:44 PM

සමන් රෝහණ මහත්තයෝ , අපි නම් හොදට පාර හොයා ගෙන ගමන් යනවා ,ඔයා ලංකාවට එන්න එපා සුද්දන්ට සේවය කරගෙනම ඉන්න .....අපේ පාර අපිට හොදා.....(නදී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Friday, 14 February 2014 05:32 AM

අධිවේගී මාර්ග සාදන්නේ ලෝකයේ විශාල රටවල සැතපුම් නැතිනම් කිලෝමීටර් දස දහස් ගනන් දුරකතර ගෙවා ගමකින් ගමකට, හරි රටකින් රටකට යන්නයි. ලංකාවේ වගේ කුඩා රටවලට අධිවේග මාර්ග ගැලපෙන්නේ නැහැ. මමත් ඕස්ට්‍රේලියාවේ සිට 2013 දෙසැම්බර් මාසයේ නිවාඩුවට ලංකාවට ආවා, ඒ ඇවිත් මගේ බිරිදගේ මිතුරියක් බැලීමට කොට්ටාවට ගියා ඒ මිතුරියගේ අයියා කිව්වා මගේ බිරිදගේ මිතුරියක් ඉන්නේ අධිවේගී මාර්ගයෙ අනිත් පැත්තේ කියලා, අපි ඉතිං මිතුරිය සොයන්න ගොස් නන්නත්තාර වේලා ගෙදර ගියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4338 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 149 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 325 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 305 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 162 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 197 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site