දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට කොට්ටාව දෙසට පාපැදියකින් එමින් සිටි තරුණයකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අධ්වේගී මාර්ග පොලීසිය කියයි
දැල් වැටෙන් සයිකලය ඔසවා මහා මාර්ගයට ඇතුළු කර පැදගෙන ආ ඔහු පොලීසියට කියා ඇත්තේ කෙටිපාරකින් නිවසට යාමට අවශ්‍ය වු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම වට වෙලා ඉන්නේ අර කිව්වා වගේ මහා අපරාදයක් ඇල්ලුවා වගේනේ.අර අහිංසකයව හුස්ම ගන්න බැරි වෙන්න. පව් කොල්ලා බය වෙලා මුනෙන් පේනවා. කුඩු කන්ටනරේ ගෙන කොටත් ඔහොම පරීක්ෂා කරන්නකෝ. දාන පතියටම ආවාඩ නොකර මේ අහිංසකයන්ටත් යන්න ගුවන් පාලමක් හදලා දෙන්න. දුප්පතාටමයි හැම දේම් වෙන්නේ. සෙහාන් මහත්තයෝ මනුස්සයකුට මනුස්සයෙක් විදිහට අමතන්න පුරුදු වෙන්න හැමදේටම කලින්.අපි හැමෝම මනුස්සයෝ නිසා.(නදී)
පොඩි මිනිහෙක් වරදක් කලාම සමාව දුන්නු ප්‍රථම අවස්ථාවද මන්දා (දී)
කෙටිපාරෙන් ආව වගේ නෙමෙයි මල්ලි ඉක්මනට එන ආත්මෙටත් යන්න පුළුවන්.(නදී)
අනේ බලන්නකෝ මේ අහිංසකයා නොදන්නකමට කරලා ඇත්තේ ... ඒ උනාට බලන්නකෝ පොලිසිය මහා අපරාධ කාරයෙක් අල්ලලා වගේ රැස්වෙලා ඉන්න හැටි.(නදී)
අවවාද කරලා නිදහස් කරන්න (දී)
ගම මැදින් යන පාරේ යන්න වෙන වාහනයක් නැතිනිසා මම බයිසිකලෙන් හරි ඔකේ යනවා කියල මෙයා යන්න ඈති කියලයි මට නම් හිතන්නේ පොඩි එකාගේ ආසාව (දී)
ඔය වැඩේ ඇමති පුතාලා කරා නම් පොලිසිය අල්ලන්නේ නැහැ. (නදී)
හර්ෂ ඔබ හරි (දී)
මෙවැනි අය වෙනුවෙන් වෙනම මන් තීරුවක් දෙන්න තිබුණා (දී)
අධිවේග මාර්ගය ජනතා සතු කිරීම කියන්නේ මොකක්ද කියල සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. ජනතා සතු කිරීම යනු සමාජ ගත කිරීමයි. ඒක තවත් ටිකක් ලොකු වැඩියිද මන්ද. කමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහජනයා පදින හැම එකක්ම එකේ රිංගවන්න පුළුවන් කියන එක නොවෙයි. අධිවේග කියන නමේම තියෙනවා එකේ තේරුම. ජනතා සතු කළා කිවුවම පයින් යන්නත් පුළුවන් කියල හිතුනේ නැති එක තමයි පුදුමේ. මේ වගේ ඒවාට පිළිතුරු දෙන්න ගිහින් මමත් ඒ මෝඩයාගේ ගොඩටම වැටුනද දන්නේ නැහැ. (නදී)
පවු අහිංසකය අතේ කීයක් හරි තිබුනා නම් දීල බේරෙන්න තිබුනා. (නදී)
මේ අසරණයා අතින් සිදුවී ඇති දෙයට සමාව දෙමු. (දිල්)
ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යෙය් බයිසිකල් පදින්නන් සඳහා වෙනම මන් තිරු තියෙනවා. ලංකාවේ පයින් යන මිනිහෙකුට යන්න පදික වේදිකාවක් වත් තියෙනවද? නමුත් පොඩි මිනිහට නිතිය අකුරටම පිළිපදිනවා.(නදී)
සමන් රෝහණ මහත්තයෝ , අපි නම් හොදට පාර හොයා ගෙන ගමන් යනවා ,ඔයා ලංකාවට එන්න එපා සුද්දන්ට සේවය කරගෙනම ඉන්න .....අපේ පාර අපිට හොදා.....(නදී)
කවුරු මොනවා කිව්වත් අපි වාහනෙන් යන්නේ බ්යිසිකල් පාරේ නැහැ කියලා හිතන්. වාහනයක් හැපුනා නම් රියදුරා හිරේ. එතකොට ඔහුට අහිංසකයා කියන්න කවුරුත් නැහැ.(නදී)
ඇයි අනේ ඒ අහිංසක කොළුවට හිනාව තහනම්.(නදී)
මාව ලයිට් නැතුව දවසක් රෑ පුෂ් බයිසිකලේ යනකොට රාළහාමි කෙනෙක් අල්ල ගත්ත මම කිව්වා රාළහාමි ලයිට් ඕනේ නැහැනේ අද හොදට හද පායලානේ තියෙන්නේ කියලා. ආ එහෙමද තමුසෙට එහෙනම් හුලන් ඕනේ නැහැනේ වාතෙ තියනවනේ කියල රෝද දෙකේම හුලන් ඇරියා. මම තල්ලු කරගෙන ගෙදර ආවා.(නදී)
කෙටි පාරෙන් පරලොව තමයි යන්නේ.(නදී)
සමහර පාඨකයන්ගේ අදහස් දැක්කම හරිම කණගාටු හිතෙනවා, සමහරු කියනවා ලංකාවට අධිවේගී මාර්ග අවශ්‍ය නැත කියා. ගාල්ලේ ඉදල ගුවන්තොටුපලට හරි කොලඹට හරි යනකොට පැය කීපයක් සහ ඉන්දන ලීටර් ගණනාවක් ඉතුරු වෙනවා. මෙතන වැරදි කරු පාපැදි කරුයි. ඔහු තමන්ගේ ජීවිතය සහ අනුන්ගේ ජිවිත පරදුවට තබා කටයුතු කර ඇත. ( අධිවේගී මාර්ග හැදීමේදී පිට රට වලින් ගිනිපොලියට නය ගැනීම සහ දේශපාලකයන් කොමිස් ගැසීම වෙනම ප්‍රශ්නයකි ) ලෝකය ඉදිරියට යද්දී අපට බරකරත්ත යුගයට යා නොහැක.(නදී)
පවු අහිංසක මනුස්සයා.(නදී)
පොලීසිය වටවෙලා ඉන්න තාලෙට මම හිතුවේ අර කුඩු කන්ටේනරය ගෙනාපු අයව අල්ලලා කියලයි.(නදී)
ඇයි මේ ළමයට මේ විදියට වද දෙන්නේ.(නදී)
මෙහෙම අනුවණ, වගකීමකින් තොර මිනිසුන් ඉන්නා රටක අපි කොහොමද සංවර්ධනය කරා යන්නේ.? රටේ මතුවන අනෙකුත් පහත් දේ කරන්නෙත් මේ වාගේ ඇයො නොවෙයිද? මොවුන් නිසා රට කරවන නායකයින්ටත් නිතිය කරවන ඇත්තන්ටත් බොහොම අමාරු කාලයක් පසු කරන්නට සිදුවෙවිය කියල හිතෙනවා. සේරම අපේ අනාගත පරපුරටයි බලපාන්නේ. (නදී)
නිතිය තදින් කියාකල යුතැයි.... (අ)
හරි අධ්‍යාපනයක් නැති එකේ වරද(දිල්)
මේ පුද්ගලයා කළ වැඩය හරි යයි අප කියන්නේ නැහැ. ඒ වගේම ජනතාවගෙන් මෝටර් රථ හිමි කොටස පමණද ජනතාව කියන්නේ කියල ප්‍රශ්නය මේ මිනිසා විසින් ඇහුවොත්, ඒ කට උත්තරයක් කා ළඟ හරි තියෙනවද?(දිල්)
ඔව් , මෙයාව එල්ලන්න, හෙට ඉදන් බඩු වල මිල අඩු වෙයි (දී)
සෙහාන් ඔබත් ඔය කියන වර්ගයට අයත් එක්කෙනෙක් වගේ. . කාර් වලින් සල්ලි කාරයන්ට ඉගිලෙන්න දීල ගමේ අහිංසක මිනිස්සුන්ට ගෙදර යන්න වට වන්දනාවේ යන්න වෙලා. අපි ඉන්න රටවල මගී පාලම් ඉදි කරලා ගමේ මිනිසුන්නට අවහිරයක් නැතිව යන්න පුළුවන්.අහිංසක මිනිසුන්ට හරක් කියන ඔබම ඔලුව අත ගාල බලන්න.(නදී)
මේ ආශ්චර්ය ටිකක් පමා කරලා මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදියට රට ගොඩ නගන්න. එතකොට මේවා නැති වේවා.(නදී)
බයිසිකලේ දිගටම ගියානම් කෙටි පාරකින් නිවනටම යන්න ඉඩ තිබුන. (දී)
මිනිහව අල්ලන්නෙ නැතුව හිටිය නම් කෙටි පාරෙන්ම පරලොව යන්න තිබුනා.(නදී)
අධිවේගී මාර්ග සාදන්නේ ලෝකයේ විශාල රටවල සැතපුම් නැතිනම් කිලෝමීටර් දස දහස් ගනන් දුරකතර ගෙවා ගමකින් ගමකට, හරි රටකින් රටකට යන්නයි. ලංකාවේ වගේ කුඩා රටවලට අධිවේග මාර්ග ගැලපෙන්නේ නැහැ. මමත් ඕස්ට්‍රේලියාවේ සිට 2013 දෙසැම්බර් මාසයේ නිවාඩුවට ලංකාවට ආවා, ඒ ඇවිත් මගේ බිරිදගේ මිතුරියක් බැලීමට කොට්ටාවට ගියා ඒ මිතුරියගේ අයියා කිව්වා මගේ බිරිදගේ මිතුරියක් ඉන්නේ අධිවේගී මාර්ගයෙ අනිත් පැත්තේ කියලා, අපි ඉතිං මිතුරිය සොයන්න ගොස් නන්නත්තාර වේලා ගෙදර ගියා.(නදී)
අදිවේගී මගක ඡන්ද පෙළපාලි ගිය අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද ? (නදී)
මේ වගේ හරක් ඉන්නකල් ලංකාව හදන්න බැහැ.(නදී)
හදිසියකට ගෙදර කාට හරි කරදරයක් උනාම නීති අමතක වෙනවා...නන්දන ඔයා මොනාහරි හදිසියකට යනකොට මාර්ග නීති කියක් මේ වෙනකට කඩලා ඇතිද? ඒක මානුසිකත්වයෙන් බලන්න ඕන හැමදේටම නිතිය හරියන්නේ නැ.(නදී)
සමහරු මොහු පිස්සෙක් කියා හිනැහෙනු ඇත. නමුත් මගේ මතය ට අනුව මේ අධිවේගී මාර්ගය විවෘත කරන වෙලාවේ එය ජනතාවට පවරනවා කිව්ව අයයි. මේ පුද්ගලයා කළ වැඩේ හරි යයි අප කියන්නේ නැහැ. ඒ වගේම ජනතාවගෙන් මෝටර් රථ හිමි කොටස පමණද ජනතාව කියන්නේ කියල ප්‍රශ්නය මේ මිනිසා විසින් ඇහුවොත්, ඒ කට උත්තරයක් කා ළඟ හරි තියෙනවද? (දී)
මොලේ හොඳ මදි කමක් තියෙන්න ඇති.(නදී)
පව් අහිංසකයෙක් (දිල්)
ඇයි අර කට්ටිය බයිසිකලය පරීක්ෂා කරන්නේ ?(දිල්)
පව් අහිංසකයෙක් කොල්ලෙක් අවවාද කරලා නිදහස් කරන්න, (දිල්)
අහිංසක කොල්ලෙක්.වැරැද්ද තේරුම් කරලා ගෙදර යවන්න (දිල්)
කාර් ,වැන් වලට වඩා වේගයෙන් යන්න පුළුවන් වාහනයක්නේ .බ්රේක් නැතිව පල්ලමක ගියා නම් නයිට් රයිඩර්ටත් වඩා වේගයෙන් යන්න පුළුවන් .(දිල්)
හැමෝටම වාහන නැහැ, බලන්න ඒ අහිංසකයාගේ මුහුණේ තියෙන අසරණ බව, වරදක් වෙලා තියෙනවා, ඒත් නිතිය මෙච්චරම තද මේවගේ පාපැදි කරුවන්ට විතරද? (දිල්)