(නිමල කොඩිතුවක්කු)

දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව හම්බන්තොට, කලුතර, කෑගල්ල, රත්නපුර, මාතලේ, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට(15) පස්වරු 4.00 දක්වා මෙම නායයෑම් නිවේදන නිකුත් කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.

මෙයට අමතරව රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් දෙවන අදියරේ නිවේදන නිකුත් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

තද වැස්ස පහව ගියත් ගැඹුරු නාය යාම් සක්‍රිය වීම අවදානම් තත්ත්වයක් එම ප්‍රදේශවල පවතින බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම සංවිධානය පැවසීය.