දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගමත් පින්නදූවත් අතර කිලෝ මීටර 84 ආසන්නයේ කැපූ කන්දකින් අද ගල් පෙරලී තිබිණි. පෙරලී ආ මහ ගලක් හා කැබලි කිහිපයක් අයිනේ ඇති ආරක්ෂිත වැටේ වැදී නතර වී ඇත. වාහන ධාවනයට බාධා නොවුණු බව අධිවේගී මාර්ගයේ බලධාරීන් කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගමත් පින්නදූවත් අතර කිලෝ මීටර 84 ආසන්නයේ කැපූ කන්දකින් අද ගල් පෙරලී තිබිණි. පෙරලී ආ මහ ගලක් හා කැබලි කිහිපයක් අයිනේ ඇති ආරක්ෂිත වැටේ වැදී නතර වී ඇත. වාහන ධාවනයට බාධා නොවුණු බව අධිවේගී මාර්ගයේ බලධාරීන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුර්වී,ස්වභාවිකව සිදු වෙන අනතුරු වලට වන්දි ගෙවන්න මම හිතන්නේ නැහැ ලෝකයේ කිසිම ආයතනයක් බැදිලා ඇති කියලා. ඔය හේතුව හන්දා තමයි අපි වාහනයක් හෝ නිවසක්, වටිනා කියන දෙයක් රක්ෂණය කල යුත්තේ. ප්‍රශ්නය වනුයේ ලංකාවේ රක්ෂණ ආයතන පාරිභෝගිකයන්ව ගොනාට ඇන්දීමයි තැත් කිරීමයි. යම් කිසි දෙයක් රක්ෂණය කිරීමට ප්‍රථම එම රක්ෂණ වගන්ති හොදට කියවා බලා එම රක්ෂණයට යායුතුයි. වැදගත්ම දෙය නම්, කුඩා අකුරෙන් ලියා ඇති ඇහැට පෙනෙන,නොපෙනෙන වගන්ති ඉතාමත් භයානකය. එවැනි වගන්ති පිලිබදව ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. පිටරට කියා එහි වෙනසක් නැත,රක්ෂණ ආයතන හොද ජිල්මාට් කාරයෝය.(නදී)
පද්මිණි,මා ජීවත් වන රටේ සියලුම ගෙවීම් කටයුතු අන්තර්ජාලය සහ දුරකථන හරහා සිදු වන්නේ. කාර්ය බහුල උදෑසන සහ සවස් භාගයේ මාර්ගයේ ඇති වෙන වාහන තදබදය අඩු කිරීම සදහායි. මේ රටෙහි ප්‍රංසයේ මෙන් ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු වල, වාහනයක් අඩුම ගානේ තප්පර විස්සක් නවතා ගෙන සිටියොත් පැයක් ඇතුලත වාහන සිය ගානක පෝලිමක් සෑදීම නොවැලක්විය හැකිය. එම ක්‍රමය, මෙරටට නම් ප්‍රායෝගික නැත.(නදී)
90%ක් ම අදිවේගී මාර්ග සඳහා මුදල් අය නොකෙරේ. 10%ක් පමණ මුදල් අය කරන්නේ නම් ඒවා ඉතාම පුළුල් සහ අති සුකෝපබෝගී තත්වයෙන් ඇතී සහ නිමවා ඇතී බැවිනි. ලංකාවේ කටුනායක අදිවේගී මග ධාවන පත 2යි, දක්ෂිණ ධාවන පත 3යි. මේවට අදිවේගී කියනකොට, අදිවේගී දැකල තියෙන අපට හිනාත් යනවා. (නදී)
ප්‍රංශයේ අධි වේගී මාර්ගයේ මුදල් ගෙවන්නට ඕන . ඇතුල් වූ තැනින් ටිකට් එක අරගෙන පිටවීමේදී ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්නට පුළුවන්; සියල්ල පරිගණක ගතවී ඇති නිසා තත්පරයක් පමණයි නතර වන්නේ. නොමිලේ යන්ට නම් වෙනත් පාරවල් තිබේ.(අ)
මොන මුදල අය කළත් ලංකාවට අාදායමක් එන් නෑ නේද ? (අ)
මේවා වෙන්න පුළුවන් ස්වබාවික දේවල්. ඒ වුනත් අනතුරක් නොවී මග අැරගන්න සමත් වෙලා තියනවා. එයම ඇති නේද. (නදී)
කැනඩාවේ ඔන්ටරියෝ එක අධිවේගී මාර්ගයක් මුදල් අය කරනවා. ඇතුල් වෙද්දී ගෙවන්න ඕන නැහැ. බිල ගෙදරට එනවා. අනිත් අධිවේගී නොමිලේ. මේ ලිපියේ අධිවේගයට ගල් පෙරලේ කිව්වට පාරේ නෙමෙයිනේ ගල තියෙන්නේ. (නදී)
සමහරු අදහස් දක්වලා තිබුනා පිටරවල අධිවේගී මාර්ග වල මුදල් අයකරන්නේ නැහැ කියලා. නමුත් සමහර රටවල් වලත් මුදල් අයකරන මාර්ග තියෙනවා. එය සිදු වන්නේ වාර්ෂිකව හෝ මාසිකව යා හැකි අවසර පතක් ලබා ගැනීමෙනි. එසේ නැතහොත් එදිනට අවසර පතක් ලබා ගැනීමෙනි. නමුත් පිවිසුම් දොරටු වලින් මුදල් අයකිරීමක් සිදු නොවේ. සියල්ල සිදු වන්නේ අන්තර්ජාලය ඔස්සේ සහ දුරකථන මගිනි. ක්‍රෙඩිට් කාඩ් පත් මගින් සියල්ල කල යුතුය. අවසර පතක් නොමැතිව ගමන් කර අසු වුව හොත් අමතර දඩයක්ද සමග ගෙවිය යුතු ගාස්තුව සදහන් කළ කොලය, තැපෑලෙන් ගෙදරට එවනු ලැබේ. එයත් නොගෙවන්නේ නම් උසාවි යාමට සුදානමින් සිටිය යුතුයි. සියලුම වාහන පරික්ෂා කරනුයේ නවීන තම කැමරා [තැනින් තැන සවිකර ඇති] පද්ධති උපයෝගී කර ගනිමිනි. ලංකාවේ මෙන් රියදුරු බලපත්‍රය පොලිසිය භාරයට නොගත්තත්, දඩය නොගෙවන්නේ නම්, ගැලවීමක් නොමැත. (නදී)
දයාබර සියල්ලන්ටම. යුරෝපයේ සියලුම රටවල අදිවේගී මාර්ගවලට නොමිලේ ඇතුළු වන්නට හැකියාවක් නැත. ප්‍රංසයේ අදිවේගී මාර්ග වලට අයකරනවා. ස්විට්සර්ලන්තයට මම ජර්මනියේ බාසල් නගරයෙන් ඇතුළු වුනේ යුරෝ 26 ක් ගෙවා ස්ටිකර් එකක් අලවාගෙනයි. 1912 පමණ. මෙම ස්ටිකර් එක එම අවුරුද්දටම අනුමතයි. ජර්මනිය, බෙල්ජියම සහ ස්කන්දිනේවියන් රටවල නම් නොම්ලේ. යුරෝපයේ සිටින මිතුරන් තව විස්තර කරාවි. (නදී)
ලෝකයේ කිසිම රටක, වාහන රක්ෂණය කිරීමක් ඇර, අධිවේගී මාර්ගයන් රක්ෂණය කරීමක් ගැන මම නම් අසා නැත. (නදී)
අපුර්වී ඕමායා, එ්කට තමයි ඔබගේ වාහනේ රක්ෂණය තියෙන්නේ. ඔබගේ වැරද්දකින් නොවුනා නම් අමතර මුදල ගෙවා වාහනය අලුත් වැඩියා කරගත හැකියි. ඒ වගේම ඔබට නිවැරදි රක්ෂණ ආවරණය තිබුනොත් පොදු දේපොල හානියත් රක්ෂණයෙන් ආවරණය විය යුතුයි. (නදී)
මේ මාර්ගයේ රැඳී සිටිනවා කුරුල්ලන් සහ මොණරුන්. අතරින් පතර සුනඛයන්ද ඉන්නවා. පසුගියදා මගේ වාහනයේ ගැටුනා කුරුල්ලෙක්. මම ඒවෙලේ වාහනය පැයට කිලෝමීටර 90 ට ගෙනාවේ. ඒ සතා වාහනයේ වැදුනත් වාහනය නවත්වන්න තහනම් නිසා මම ආවා. පස්සේ බලද්දී වාහනයේ ඉදිරිපසට හානිවෙලා. දැන් අපි මේකේ මුදල් දීලා යන නිසා මේ වගේ වෙලාවට අපිට වෙන අලාභහානි වලට අධිවේගී මාර්ගය සම්බන්ධ ආයතනය අපිට වන්දි ගෙවිය යුතුයි නේද? ඒත් ඇයි එහෙම දෙයක් වෙන්නේ නැත්තේ. (නි)
අදිවේගයේ විතරක් නෙමෙයි තව ටික දවසකින් වැසිකිලියට යන්නත් බදු ගෙවන්න වෙයි. දුප්පත්ම මිනිස්සු ඉන්න මොනරාගලට මහා ඇමති සෂින්ද්‍ර එක දවසක්වත් වාහනයක ගිහිල්ල නැහැ හැමදාම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටෙර් එකෙන්. ඔය හයි වේ හදල තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. චීනෙන් ගත්ත නය ටික කට්ටිය බෙදාගෙන. දැන් ඉතින් හුල්ලනවා. මෙතන කොමෙන්ට් ද දා ඉඳල වැඩක් නැහැ. විකල්පයක් තෝරා ගන්න වෙයි (නදී)
අපේ හමුදාවේ සොයුරන්, යුනිෆිල් ) එකෙන් මේ රටට ආවා, මම හදුනන මල්ලිලා දෙන්නෙකුත් ඇවිත් මේ රටේ අධිවේගෙන් ගිහින් අගනුවරට ඇවිත්., සල්ලි ගන්නේ නැති නිසා මට කෝල් කරලා කියනවා අක්කේ සල්ලි ගත්තේ නැහැ නියමයිනේ කියල, (එයාට හරි පුදුමයි) මම හිනා වේවි කිවා මල්ලි මේක ලංකාව නෙවෙයිනේ කියල, උඩින් ඇති අදහස් දැකලයි මේක ලියන්න හිතුනේ (නදී)
චමත්, පිට රටවල අධිවේගයට වාහන ඇතුල් වී ගමන් කරන්න සල්ලි ගන්නෙත් නැහැනේ. (නදී)
ජනක සහ ඕමාය අහසේ මාලිගා තනනවා (නදී)
ඔමයා, නිකන් බොරු කෛවාරු ගහන්නේ නැතුව ඉන්න (නදී)
මොකද කලබල වෙලා තියෙන්නේ මුකුත් හානියක් වෙලා නැහැනේ. කුරුල්ලෙක් වැදිලා අඩනවා පරණ පාරේ යනකොට හරකුත් වදින වෙලාවල් තියනවා (නදී)
ඕමයා කියන දේ මාත් අනුමත කරනවා. මොකද ලංකාවේ අධිවේගයේ යන වාහනයක් හදිසියේ වත් අනතුරට ලක්වෙලා ඔය පාරේ තියෙන වැටකට එහෙම හානි උනොත් ලක්ෂ ගණනින් දඩ මුදල් ගෙවන්න වෙනවා. දැන් ඔය කියනවා වගේ සුනඛයෙක් පාරේ ඉදලා, අනතුරක් වෙලා වාහනය ගැටුනොත් ආරක්‍ෂිත වැටේ මොකද වෙන්නේ? ඒත් වාහනයේ හිමිකරුට වෙන්නේ දඩ ගෙවන්න අධිවේගී මාර්ගය සම්බන්ධ ආයතනයට. මේ ගැන ලිපියක් ගියා පසුගිය සතියක ලංකාදීප පුවත්පතේ. ඒකෙත් අහලා තිබුනේ මේ වගේ අධිවේගී පාරවල් රක්ෂණය කරන්නේ නැතිව,මිනිස්සුන්ගෙන් වන්දි මුදල් අය කරන්නේ ඇයි කියලයි.(අ)
ඕමයා ..... ලංකාවේ විතරක් නෙමෙයි පිටරවලත් මුදල් ගෙවන්නේ නැහැ ,ඒ හින්ද නාඩා ඉදින් නගේ.(අ)
අපුර්වී , ඔයාට නම් වැදුනේ කුරුල්ලෙක්. වාසනාවන්තයි නගේ. (අ)