පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු පවසා ඇත්තේ පිනට නිදහස් කිරීම සදහා එම සතුන් දෙදෙනා ගෙන යන බවයි.
පා හතර ගැට ගසා ත්‍රිරෝද රථයකින් හල්තොට සිට බණ්ඩාරගම අටුලුගම දෙසට රැගෙන ගිය ගවයන් දෙදෙනකු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු පවසා ඇත්තේ පිනට නිදහස් කිරීම සදහා එම සතුන් දෙදෙනා ගෙන යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගව ඝාතනය වහාම තහනම් කරන්න ඕනෑ (නි)
සමනලයා මාර අදහස්නේ දාන්නේ.දාන්නකෝ තව අදහස් ටිකක්.(ස)
ගව ඝාතනය ලංකාවෙන්ම තුරන් කළ යුතුයි කියන මතයේ මම නම් ඉන්නේ. (නි)
සහෝදර මහින්ද කිව්වා වගේ ගව ඝාතනය නතර කලොත් අද ත්‍රීරෝද රථයේ ගෙනිච්ච ගවයා හෙට කුඩයක දාලා ගෙනියය්.....පරිස්සමෙන් (නදී)
තම බිලි පිත්තෙන් මාලු අල්ලපු එකෙක් කිව්වලු. නෑ මන් මේ මගේ පනුවව නාවනවා කියලා. (ස)
ගව ගාතනය තහනම් කරමු.(නදී)
හරක් ගෙනියපු එකත් ඔය කොක්කෙම එල්ලුවනම් හරි.... (ස)
අටුලුගමට ගෙනියන්නේ නම් ඉතින් පිනට නෙමේ, කොක්කේ එල්ලන්න තමා. (ස)
බණ්ඩාරගම,අටුලුගම කිව්වාම ඒ පැත්තේ කවුරුත් දන්නවා එහෙට ගවයින් ගෙනියන්නේ පිනටද? මසටද? කියලා. ඕවා කියන්න ඕනෑ කොන්ඩේ බැඳපු චීන්නුන්ට. (නි)
මම පොඩ්ඩක් විපරම් කරලා බැලුවා, පියාජියෝ වර්ගයේ ත්‍රිවීල් වල හරක් දෙන්නෙක් පහසුවෙන්ම ගෙනියන්න පුළුවන්ලු. (නි)
පානාතිපාතා වේරමණී සිත්ඛාපදන් සමාදියාමි. ගාථාවේ තේරුම නොදැන නේද ඒ වගේ වැඩ කරන්නේ. (නි)
නීතියමය වශයෙන් මෙයට නිසි පිළිතුරක් අනාවරණය කළයුතු අතර,එයට හේතුව ජනතාවගේ අවශ්‍යතාවය කුමක්ද යන්න ඔවුන් හරි හැටි නොදන්නා නිසාය (නි)
මාළු අල්ලන මිනිහගෙන් ඇහුවාම ඇයි මනුස්සයෝ ඔය පවු වැඩ කරන්නේ කියල, මිනිහ කිව්වලු 'මං මේ මාළු ටික දියේ ගිලිලා මැරෙන්න යන එකෙන් බේරගන්න හදනවනේ' කියල. (නදී)
මධු, මස් වලට හරක් අරන් යනවා තමයි. ඒත් ගෙනියන විදියක් තියෙනවා... හරක්ට මොලේ තියෙනවා ඔයාට වඩා...(නදී)
මධු ඔලුව පොඩ්ඩක් අතගාල බලන්න(දිල්)
ත්‍රි රෝද රථයේ කොහොමද අප්පා හරක් දෙන්නෙක් ගෙනියන්නේ ?(දිල්)
මේක ත්‍රී රෝදයක් නම් වෙන්න බැහැ ලොරි බාගයක් වෙන්න ඕනේ. (දිල්)
අටළුගමට නම් කතාව ඇත්තම වෙන්න ඇති , පිං ගවයෝ පාර පුරාම (ස)
මේ අටුලුගම හරි ප්‍රසිද්දි. අර ගැහැණු ළමයෙක් වැන් එකෙන් ඉස්සුවේ. (දිල්)
මදූ, එක පිහි පාරින් බෙල්ල වෙන් කරන එක හරකට වුනත් සැපක් වෙයි.හිතන්න කොහොම විල් එකට දමා ගත්තද මට නම් හිතා ගන්නවත් බැ? පවු කාරයෝ.(දී)
කෝ.....අර සිරිකොතේ රඟ දුන් කට්ටියට මේවා ඒහැටි වටිනාකමක් නැද්ද (දී)
මධු, මස් වලට අරන් යන්න ඕනෑ ක්‍රමයක් නීතියක් කියලා දෙයක් නමට හරි තියෙනවනේ. මරන්න අරන් ගියත්, ඒ සතාව අරන් යන්න බලපත්‍රරයක් ගන්න ඕනෑනේ. මරන්න අරන් යනවා කියලා ඒ සතාගේ කකුල් කඩලා හරි චප්ප වෙනකන් හිරකරලා හරි අරන් යන්න බැහැනේ නේද. එහෙම එකේ ත්‍රිවීලරයක ගෙන ගියේ අහවල් එකකටද. (නි)
මස්වලට ගවයන් අරන් ගියත් මොකද වෙන්නේ පොලිසියේ මහත්තුරු මස් කන්නේන නැද්ද? (නදී)